එරාන් හිර වේ !
1 min read
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ කවර හෝ තණතුරක් දැරීමට කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දරණ තැනැත්තකුට හැකියාව හිමි නොවේ.
පසුගිය දා ක්‍රිකට් අතුරුපාලන කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කරන ලද එරාන් වික්‍රමරත්න එම පත්වීම ලද අවස්ථාව වන විට මෙන්ම ඉන් පසුව ද සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැත. ස.ජ.බ. මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද එරාන් වික්‍රමරත්න අමතා ලිඛිතව දැනුම් දී තිබුනේ ස.ජ.බ. තණතුරු වෙතින් ඉල්ලා අස් වූ පරිදි එහි සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන ලෙසය. එහෙත් එරාන් වික්‍රමරත්න මෙතෙක් ඊට අනුකූලව ක්‍රියා කර නැත.
මේ හේතුව මුල්කරගෙන එරාන්ගේ පත්වීමට එරෙහිව අධිකරණය වෙත යාමට විශේෂ කණ්ඩායමක් මේ වන විට පියවර ගනිමින් තිබේ. ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව අධිකරණ විනිශ්චයකදී එරන් වික්‍රමරත්නට මෙම තණතුර අහිමි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය ඵළ කර තිබේ.
- ජයන්ත ද සිල්වා –
