July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පළමු දඩයම විනිසුරු ඉසුරු !

1 min read

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සහ සෘජු තීරණගත් විශේෂ ශ්‍රේණියේ මහේස්ත්‍රාත්වරයකු වන ඉසුරු නෙත්තිකුමාර ඉලක්ක කරගනිමින් අවලාද ව්‍යාපාරයක් ඇරඹීමට ජනාධිපතිවරයා ඔහුගේ විදේශගත යූ ටියුබ් බලකායට නියෝග කර තිබේ. නීතිය හා සාක්‍ෂි මත පදනම්ව දේශපාලන හෝ බාහිර බලපෑම්වලට යටත් නොවී සෘජුව කටයුතු කරන ලද මෙම විනිසුරුවරයාට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබුණේ ඉතා කෙටි කාලයකි.

පසුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස පත් වූ ඔහු, අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ නීතිවිරෝධී හා සදාචාරවිරෝධී භාවිතය පිළිබඳව විරුද්දව මතඵල කිරීම නිසා මෙම ජූලි මාසයේ දී හම්බන්තොට මහේස්ත්‍රාත් ලෙස මාරුකර යවන ලදී.

සාමාන්‍යයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් තණතුරට පත්කරනුයේ කණිෂ්ඨ විනිසුරුවන් වුවත්, පිස්සු සූරසේනගේ වියරු තීරණය මත එය නොසලකා එම දඬුවම් මාරුව ඔහු වෙත ලබා දී තිබේ.

පසුගියදා පැවති අධිකරණ සේවා සංගමයේ විශේෂ මහාසභා රැස්වීම සාර්ථකව නිමාවීමෙන් පසු පැලවත්තට රැස් වූ විනිසුරු කල්ලිය (අප ප්‍රධාන පුවතක් ලෙස එය අණාවරණය කරන ලදී) තීරණය කර ඇත්තේ ඉසුරු නෙත්තිකුමාර විනිසුරුවරයා ඉලක්කකර චරිත ඝාතන මෙහෙයුමක් දියත් කළ යුතු බවයි. ඒ සඳහා විදේශගතව ක්‍රියාත්මකවන තම අවලාද යූ ටියුබ් බලකාය යොදාගත යුතුයැයි ද තීරණය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ටෙලි නාට්‍ය අනුමැතියත් පැලවත්තෙන් ! උවිඳු හෙළි කරයි !

එම තීරණය පරිදි, ශ්‍රී ලාල් ප්‍රියන්ත නම් දේශපාලන රැකවරණ ලැබ විදේශගතව සිටින නිලමැස්සාගේ බංකොලොත් යූ ටියුබ් නාලිකාව මගින් පළමු ප්‍රහාරය ඉසුරු නෙත්තිකුමාර විනිසුරුවරයා ඉලක්කකර එල්ල කර තිබේ. ශ්‍රී ලාල් ප්‍රියන්ත යනු මළපහ ගොඩක් උඩ රුපියලේ කාසියක් වැටී තිබුණොත්, කිසිදු අවුලකින් තොරව එම රුපියල ඇහිදගෙන සාක්කුවේ දමාගන්නා වර්ගයේ අශිෂ්ඨයෙකි. මතුගම අගලවත්ත ප්‍රදේශයේ පාරම්පරික ජ.වි.පෙ. පවුලක තරුණියක් සමග විවාහ වූ හෙතෙම කලක් “ඊතලය” නමින් කැලෑ පුවත්පතක් ප්‍රකාශයට පත්කර ප්‍රකට පුද්ගලයන් ඉලක්කකර චරිත ඝාතනය කර, කප්පං ගැනීමේ කාර්යයේ ද නිරත වූවෙකි. තමන් ඉල්ලන කප්පම ලැබුනහොත් පමණක් එතැන් සිට එම පුද්ගලයා ඉලක්කකර ප්‍රහාර එල්ල කිරීම ඔහු විසින් සිදුකරනු නොලැබේ.

මේ හේතුව මතම ඔහුගෙන් අගතියට ලක් වූ පාර්ශවයක් විසින් ශ්‍රී ලාල් ප්‍රියන්තව පැහැරගෙන ගොස් පහර දී මහමග දමා ගොස් තිබිණි. පසුව ඔහු එම සිදුවීම එවකට පැවති ආණ්ඩුවෙන් වූ සිද්ධියක් ලෙස හුවා දක්වා දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා යොදා ගනු ලැබීය.

  • චමිත් ප්‍රියශාන්ත
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x