July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පදක්කම සහ පඩික්කම !

1 min read

මේකට කියන්නේ පඩික්කම කියාය. දැනට ලෝකයෙන් සොයාගෙන තිබෙන ඉපැරණිම පඩික්කම හමුවී තිබෙන්නේ චීනයෙන් ය. කවුරුත් වැඩිය නොදන්නවා වූවාට 19 වැනි සහ 20 වැනි සියවස්වල මුල් භාගයේ දී ඇමරිකාවේ සහ යුරෝපයේ ද දුම්කොළ සැපීමේ පුරුද්ද පැවති නිසා දුම්රිය ස්ථාන, හොටෙල්, බැංකු සහ එරට පාර්ලිමේන්තුවේ (U.S. Congress) පවා පඩික්කම් තිබුණේ ය.

නිතරම නොසරුජ වචන කියන, ඕපාදූප දොඩවන හෝ නවත්තන්නේ නැතුව ඔහේ කියවන අයගේ කට ගැන ගැමියන් කීවේ “කට පඩික්කම වගේ” යැයි කියාය.

දිලීප පීරිස් නැමැති මන්දමානසික ගන්දස්සාරගේ කට ගැන කියන්නට ද ඒ උදාහරණය හොඳටම ගැලපෙන්නේ ය. උන්දැගේ කටින් වචන පිටවන්නේ “පඩික්කමට කෙළ ගසන්නා සේ” ය. කිසිදු වටිනාකමක් හෝ සැලකීමක් නොමැතිව, ඉතා පහත්කොට සලකා යම් දෙයක් බැහැරකිරීම හැඳින්වීමට පැරැන්නෝ යොදාගත්තේ ඒ කියමනය.

මේ දිලීප පීරිස් පඩික්කමා පසුගිය දා උසාවියේ දී නීතිඥයකුද වන විශ්‍රාම ගිය රණවිරුවකුගේ පැළඳ තිබූ පදක්කම් දැක කිපුණේ ය. “තහඩු කෑලි එල්ලාගත්” කිසියම් පුද්ගලයකු ලෙස ඒ රණවිරුවාව හැඳින්වූයේ මේ පඩික්කමා ය.

ජනප්‍රිය පුවත්  විනාශයට කියන තවත් නමක් ?

පඩික්කමා ගිය පාසල වන්නේ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ය. පඩික්කමා ගිය ඒ පාසලෙන් බිහි වූ “තහඩු කෑලි” එල්ලාගත් පිරිස බොහෝ ය. පඩික්කමාගේ දැනගැනීම පිණිස ඒ අතරින් ටිකක් ගැන විස්තර මෙසේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 15 වන යුද්ධ හමුදාපතිවරයා වූ ජෙනරාල් ශ්‍රීලාල් සූරිය ද පැළඳ සිටියේ තහඩු කෑලිය. 17 වන යුද්ධ හමුදාපතිවරයා වූ ජෙනරල් ශාන්ත කෝට්ටෙගොඩ ද පැළඳ සිටියේ තහඩු කෑලිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වැනි නාවික හමුදාපති අද්මිරාල් ඩී.බී. ගුණසේකර පැළඳ ඇත්තේ ද තහඩු කෑලිය.

ලංකාවේ 17 වැනි පොලිස්පතිවරයා වූ ඇලරික් අබේගුණවර්ධන පැළඳ සිටියේත් තහඩු කෑලිය. ශ්‍රී ලංකාවේ 22 වැනි පොලිස්පතිවරයා වූ රුද්‍රා රාජසිංහම් පැළඳ ඇත්තේ ද තහඩු කෑලිය. මේ කියූ සියල්ලෝම අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ය. පඩික්කමාට අනුව තහඩු කෑලි පැළඳගත් “සෙන් තෝමස් පුත්තු” ය.

පඩික්කමාට ද අනුර කුමාරුගේ ආණ්ඩුව ලබා දී තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂාව ය. ඒ, පඩික්කමා රෑ “කොටු පනින” විට අකරතැබ්බයක් වුවහොත් බේරා ගැනීම පිණිස ය. ඒ අනුව පඩික්කමාව රකින්න යොදා ඇත්තෙත් විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් ය. ඔවුන් පැළඳ සිටින්නේ ද “තහඩු කෑලි” ය.

ජනප්‍රිය පුවත්  මරු, දරු සහ EPF

පඩික්කමාට වුවමනා වී ඇත්තේ නීතිපති පුටුවට පැනගන්නට ය. ඒකට උන්දගේ පඩික්කම් කටෙන් ඕන මල දානයක් එලියට පිට කරන්නේ ය. පඩික්කමා උසාවියේ දී රිසි පරිදි හැසිරෙන්නේ උඩ පුටුවේ නඩු අහන්නේ ද පට්ට ජෙප්පෙක් බව දැනගෙනය.

“තහඩු කෑලි” එල්ලාගත්වුන් රැක්කේ රට ය. රකින්නෙත් රට ය. පඩික්කමාට ඇත්තේ තණතුරට හා මුදලට ඇති කෑදරකම ය. ඒ හින්දා පඩික්කමාට ආතක් පාතක් නැත.

පඩික්කමාගේ ජනාධිපතිටද “රණවිරුවා” යන වචනය එලියට දාන්නට අවුරුදු 2 කට කිට්ටු කාලයක් ගතවුණේ ය. ඒ හින්දා මේ පඩික්කමා එහෙව් ජනාධිපතිට තකට තකය.

පැරණි ගැමියන් අතර වූ සුලබ පිරුළක් වූයේ “වලව්වේ පඩික්කම වගේ” කියන එකය. බලවත් පුද්ගලයකු ලඟ සේවය කිරීම නිසා සමාජයෙන් අනවශ්‍ය ලෙස සැලකුම් හෝ ගරුබුහුමන් බලාපොරොත්තුවන පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නේ මේ පිරුලය. මේ පඩික්කමාට මතක් කරදියයුතු තවත් කියමනක් ඇත්තේ ය. ඒ, “පඩික්කම අලුත් යැයි එහි කැඳ බොන්නේ නැත !” යන්න ය. “කට පඩික්කමක් වගේ” කියන්නෙත් මේ වගේ පඩික්කමාලාට ය.

අතීතයේ වලව්වල සේවය කළ සමහර සේවකයන් ගැමියන්ට පෙන්නුවේ පට්ට උඩගු කමක් ය. ඇත්තටම ඒ සේවකයන් වලව්වේ කරන්නේ පහත් වැඩය. ඒවා දුටු ගැමියෝ උන්දැලාව උපහාසයට ලක්කරන්නට කවි නිර්මාණය කළහ. මේ, එබඳු එක් කවියක් ය.

ජනප්‍රිය පුවත්  මාතුලන් ! උඹ අපේ එකෙක් !

“රත්තරනින් වැඩ දැමුවත් පඩික්ක ම
වැඩක් නෑනෙ ඉන් ලැබෙනා නිගන්න ම
වලව්වේ සේවය ලැබුනත් උතුම් ම
අන්තිමට කරන්නේ කෙළ අදින එක ම”

කට ලොකු පඩික්කමාට, “තහඩු කෑලි” වල වටිනාකම ප්‍රත්‍යක්ෂව අවබෝධවන මතු දිනය දුර නැත. එතෙක් “සුබ ගමන්” ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x