July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආසන පටි නැති වාහනවලට මාස තුනක සහන කාලයක්

1 min read

ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවි කරගැනීමට මාස තුනක සහන කාලයක් ලබා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එහි සභාපති මංජුල කුලරත්න මහතා අවධාරණය කළේ, අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි නීතිය අද (20) සිට තදින්ම ක්‍රියාත්මක කර ඇති බවය.

කෙසේ වෙතත් නිෂ්පාදකයා විසින් ආසන පටි ලබාදී නොමැති නම් ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලයක් ඇතුළත ආසන පටි සවි කරගත යුතු බවත් එම කාලය අද (20) සිට ක්‍රියාත්මක බව එම අධිකාරිය සඳහන් කරයි.

මෙය අවසාන දිගුවක් ලෙස සලකන අතර වාහනය තුළ ආසන පටි තිබේ නම් අනිවාර්යයෙන් රියදුරා මෙන්ම මගීයා ද එය පැළඳිය යුතු අතර එසේ නොමැති නම් දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x