April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

NO King! එහේ! එතකොට මෙහේ?

1 min read

නෙතන්යාහු සහ ට්‍රම්ප් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කළේ එම ප්‍රහාරවලින් කුල්මත් වන ඉරාන වැසියෝ දින තුන හතරක් ඇතුළත පාරට බැස එරට රෙජීමය වෙනස් කරනු ඇතැයි සිතා ගෙන ය. පළමු ප්‍රහාරයෙන් ඉරානයේ මුදුනම බිඳ දැමීමට ඔවුන්ට හැකි විය. පාරට බසින මෙන් ඉරාන වැසියන් වෙතින් ට්‍රම්ප් ඉල්ලා සිටියේ ය. එහෙත් එවැනි කිසිවක් ඉරානයේ සිදුවූයේ නැත. !

ඉරානයේ සිදු නොවූ දේ නම් දැන් ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවන්නේ ය. මේ ඡායාරූපය කියා පාන්නේ ඒ බව ය. මාධ්‍ය වාර්තාවන්ට අනුව මිලියන 10කට වැඩි ජනතාවක් ඇමරිකා එක්සත් ජනපදය පුරා නගර රැසක එකම සටන් පාඨය හඬ නගා විරෝධතාවන් හි නිරතව ඇත.

නෙතන්යාහුට යන්න කියමින් ඊශ්‍රායල් වැසියෝ ද පාරට බැස ඇත්තේ එරට පවත්නා යුද නීතිය ද නොතකා ය. ඉරානයේ දරා ගැනීම ඇමරිකාවට හෝ ඊශ්‍රාලයට අදාළව නොපවතින බව මෙයින් පැහැදිලි ය.

යුද්ධ නරකය. හොඳ යුද්ධ කියා දෙයක් නැත. එහෙත් ලොව කතා කරන භාෂාවක් ලෙස යුද්ධ භාවිතා වේ. එය අපට තේරුම් ගත හැකිය. එබඳු ඇතැම් යුද්ධ මිනිස් වර්ගයාට පිළිගත හැකිය. හිට්ලර්ගේ බලය වැනසූ යුද්ධය එවැනි පිළිගත හැකි යුද්ධයකි. එයට ආඛ්‍යානයක් තිබේ. එනිසාම සදාචාර වටිනාකමක් හිමිවේ.

ජනප්‍රිය පුවත්  ''No Salute"

ඉරානයට එරෙහි යුද්ධයට නිවැරදි ආඛ්‍යානයක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ ප්‍රධානියා මීට විරෝධය පා ඉල්ලා අස් වූයේ ඒ නිසා ය. නිවැරදි ආඛ්‍යානයක් නැති තැන සදාචාරමය වලංගුභාවය අහිමි වේ. දැන් සිදුව ඇත්තේ එයයි. එක්සත් ජනපදයේ හා ඊශ්‍රායලයේ පමණක් නොව ලොව විවිධ රටවල නැගෙන මේ මහා විරෝධතාවන් වෙතින් කියා පාන්නේ එයයි.

එක්සත් ජනපදයේ මිනිසුන්ගේ අතේ ඇත්තේ එක සටන් පාඨයකි. එය වූ කලී ”NO King” ය. තේරෙන්න සිංහලෙන් කියන්නේ නම් ‘‘රජා නැත“ යන්න ය. ලොව ජනප්‍රිය නළු නිළියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, දේශපාලකයින් හා ගායක ගායිකාවන් පවා දැන් ඉන්නේ ට්‍රම්පට එරෙහිව මහ පාරේ ය. ලක්ෂ දෙකකට අධික පිරිසක් වට කරගෙන සිටින්නේ ධවල මන්දිරය යි. මේ වන විට ධවල මන්දිරය අතහැර පලා ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් රට පාලනය කරන්නේ වෙනත් තැනක සැඟවී සිට ය.

විරෝධතාකරුවන් තමන්ට එරෙහිව බලය යොද වූ පොලිසියට ද ගල්මුල්වලින් පහර දී ඇත. පොලිසිය සතුව තිබූ ලේසර් කිරණ ද තම ග්‍රහණයට ගෙන ඇත. “No King” කියා පටන් ගත් සටන දැන් “Go Home Trump!” දක්වා පරිවර්තනය වී ඇත.

ජනප්‍රිය පුවත්  සෙස්ස පස්සට!

ඇමරිකාවේ එසේ වූවාට ලංකාවේ එසේ නොවන්නේ ද? “No King” වෙනුවට අපට ගන්නට ඇත්තේ ”No Joker” සටන් පාඨයම ය. පසුව ඉතින් එය “Go Home Anura!” බවට පත් නොවනු ඇතැයි අපටනම් කිව නොහැකිය.

ලොව පුරා ‘‘රෝස වසන්තය“ වැපිරූ ඇමෙරිකානු රෙජීමයට එරෙහිව එබඳුම ‘‘රෝස වසන්තයක්“ ඇති වී තිබීම දෛවයේ කුමන අන්දමේ සරදමක් ද? ඉතිහාසය! නුඹනම් පුදුමාකාරය!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x