June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජිතත් කෝ? තුසිතත් කෝ? රතන හිමිත් කෝ ?

1 min read

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හා තවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක ඉල්ලීම පරිදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විට අධිකරණයෙන් නියෝග කර ඇති රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා, ආන්දෝලනයට ලක්වූ ප්‍රහාරයකට පවා ලක්වූ තුසිත හල්ලොලුව මහතා හා අතුරලියේ රතන හිමි සැඟවී සිටින්නේ පොලීසියේ සහයෝගය සහිතව ද යන පැනය දැන් මතුව තිබේ.

නව පොලිස්පතිවරයා පත් කිරීමත් සමඟ පොලීසිය තුළ අභ්‍යන්තර ‌බේද රැසක් ප්‍රසිද්ධියේ කරලියට ඒමට පටන්ගෙන ඇත. මේ හේතුව මත පොලිස්පතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට උනන්දුව දක්වන ප්‍රවණතාවක් පොලීසිය අභ්‍යන්තරයේ නොපැවතීම රහසක් නොවේ. රාජිත, තුසිත හා රතන හිමි නිරුපද්‍රිතව සැඟවී සිටින්නේ මේ “වාසිය” ඔවුන්ට හිමි වී තිබීම නිසා ද යන ප්‍රශ්නය දැන් විවිධ අංශ තුළ කතා බහට ලක්වීමට පටන් ගෙන තිබේ.

සමන් වීරමන්ත්‍රී
පොලිස් වාර්තාකරු
UnderGround

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x