April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහළට!

1 min read

වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ පොල්තෙල් මිල පහළ යාම යන කරුණු ද්විත්වයම සැලකිල්ලට ගනිමින් ආපනශාලා ආහාර මිල ගණන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

බත් සහ වෑංජන (Rice and Curry), ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, පොල්තෙල් මිල පහළ යාමට සාපේක්ෂව කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10 කින් අඩු කරන බවයි එම සංගමය පවසන්නේ.

මෙම මිල සංශෝධනයන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනවා.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x