June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ අල්ලයි ද?  

1 min read

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු ප්‍රධාන චූදිතයකු ලෙස නම් කර, CID ය විසින් ඉදිරි දින කිහිපය තුළදී හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී සලේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දේ. 

මේ සඳහා පාර කපාගනු ලබන්නේ පිල්ලේයාන් හෝ කරුණා අම්මාන් සමඟ ප්‍රාදේශීයව මඩකලපුව ප්‍රදේශය තුළ ක්‍රියා කළ පුද්ගලයකුගේ ප්‍රකාශයක් බව ද අප වෙත දැනගැනීමට ලැබී තිබේ. එම ප්‍රකාශයෙන් මේජර් ජනරාල් සලේ අත්අඩංගුවට ගැනීමේ පරිසරය සකසා ගැනීමෙන් පසුව සලේ අත්අඩංගුවට ගැනීම හරහා තමන් පාස්කු ප්‍රහාරකයන්ට හා එහි “මහමොළකරුවන්ට” එරෙහි ක්‍රියාමාර්ගවල අඛණ්ඩව නිරතව සිටින බව හුවා දැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බවත් තතුදත් ආරංචි මාර්ග පෙන්වා දේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x