April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැයි සිට රට තවත් රත් වෙයි!

1 min read

ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසම් වැසිවල අඩුවීමක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කර ඇත. ඊට පැසිපික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර කලාපවල උෂ්ණවත්වය ඉහළ යාම බලපාන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ( අනාවැකි) මෙරිල් මෙන්ඩිස් ඊයේ ( 25 වැනිදා) පැවැසීය.

මෙම එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ වැසි රටාවේ වෙනස්වීම් හා අඩුවීමක් ඇතිවිය හැකි බවත් නිරිත දිග මෝසම් වැසි ලැබෙන ලබන මැයි සිට සැප්තැම්බර් දක්වා රට තුළ උෂ්ණත්වය ඉහළ යාමේ අවදානමක් ඇතිවීමට හැකියාව පවතී. දෙවැනි අන්තර් මෝසම් වැසි සහ ඊසාන දිග මෝසම් වැසි මෙම බලපෑමට පත්වීමේ අවදානමක් ඇතිවිය හැකි බවද පුරෝකතනය කර ඇත.

වසර අවසානය වනවිට ඒල් නිනෝ තත්ත්වයේ වෙනස්කම් තවදුරටත් ඇතිවී වැසි රටාවේ වෙනස්කම් ඇතිවිය හැකි බවත් ඒ පිළිබදව අනාවැකි සඳහා කල් වැඩි බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.

මේ අතර ලෝක ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බරපතළ ලෙස පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය බිඳ වැටීම ඇති බව ඒක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය විසින් පුරෝකථනය කර තිබේ. මෙම වාර්තාගත අසමතුලිතාවයෙන් (Energy imbalance) ගෙවුණු වසරේදී සාගර උෂ්ණත්වය ඉහළ ගිය බවත්, පෘථිවියේ අයිස් තට්ටු දියවීයාමද අඛණ්ඩව සිදුවූ බවත්, 2026 වසර අග භාගයේදී ආරම්භවීමට නියමිත ඒල් නිනෝ ස්වාභාවික උණුසුම්වීමේ තත්ත්වය තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ යනු ඇති බවත් පුරෝකථනය කර ඇත.

ජනප්‍රිය පුවත්  රංවල ගොඩ! පුනරුදයට ජය

මිනිස් ක්‍රියාකාරකම් ලෝකයේ ස්වාභාවික සමතුලිතාවය බිඳ වැටීමට බලපෑම් ඇති කර ඇති බවත් ඒහි ප්‍රති විපාක ඉදිරි වසර සිය ගණනක් පුරා අත්විඳීමට සිදුවනු ඇති බවද අනාවැකි පළ කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x