March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජර්මනියේ දී බිමල්ගේ ආරක්ෂාවට කොටි බුද්ධි අංශය!

1 min read

පසුගියදා ජර්මනීයේ සංචාරයක නිරත වූ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික අමාත්‍ය හා සභානායක බිමල් රත්නායකගේ සමීප ශරීර ආරක්ෂකයින් වශයෙන් කටයුතු කර ඇත්තේ LTTE බුද්ධි අංශයේ සාමාජිකයින් ය.

ජර්මනියට ගිය වහාම එහි සිටින LTTE ප්‍රධානීන් අප්‍රකටව මුණ ගැසී ඇති බිමල් රත්නායක, උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමත්, යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය ඉවත් කිරීමත්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය ලබාදීමත් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් (අවම තරමින් උතුරු පළාත හා නැගෙනහිර පළාත තුළ පමණක් හෝ ) පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කර තිබේ. මූල්‍ය විශුද්ධීකරණ පනත මගින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඇති බාධා කඩිනමින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණ ගෙන ඇති බවත්, එම නීති සංශෝධන සිදුවීමෙන් පසු අනාගත අවධානමකින් තොරව LTTE අරමුදල් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කළ හැකි බවත් මෙහිදී බිමල් රත්නායක අවධාරණය කර ඇත.

උතුරේ බෞද්ධ විහාර තවදුරටත් ඇතිවීමට තමන් ඉඩ නොදන බවත්, දැනට පවත්නා බෞද්ධ විහාර ද අධෛර්යට පත්කිරීම හැර අන් යමක් සිදු නොකරන බවත්, අමාත්‍යවරයා පවසා තිබේ. හමුදා කඳවුරු ඉවත් කිරීම මගින් සියලු කටයුතු සිදු කර ගැනීමට පහසු වනු ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

ජනප්‍රිය පුවත්  බලශක්ති අර්බුදයක්!

එම සාකච්ඡාවලින් අනතුරුව ජර්මනියේ ඩුස්ල්ඩොෆ් පිහිටි LTTE සමාජිකයකුට අයත් නිවසක දී රාත්‍රී භෝජනය ගෙන ඇත. බිමල් රත්නායකගේ විදෙස් සංචාරය නිමා වන තුරු තම බුද්ධි අංශ ක්‍රියාකාරීන් මඟින් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙනු ලබන බවද LTTE ප්‍රධානින් පවසා ඇත.

ඒ අනුව, ඩුස්ල්ඩොෆ් වෙත පැමිණෙන අවස්ථාවේ බිමල් රත්නායකගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි LTTE බුද්ධි අංශ සාමාජිකයන් කිහිප දෙනාගෙන් ප්‍රධානියා අපගේ කැමරාවට හසු කර ගැනීමට ජර්මනියේ අප වාර්තාකරු සමත් වී තිබේ.

ඡායාරූපයේ දැක්වෙන මෙම පුද්ගලයා එක්සත් රාජධානියේ වාසය කරන අයෙකි. ඔහු වසර 35 කට ආසන්න කාලයක් LTTE බුද්ධි අංශයේ ප්‍රධානියකු ලෙස යුරෝපය තුළ ක්‍රියා කරනු ලබයි. ඔහු නමින් ජෙයිපාලන් ය. LTTE රහසිගතව ජාත්‍යන්තර බුද්ධි අංශයේ ප්‍රබලයකු වන ඔහුගේ සහෝදරයා මහජනතාව ඉදිරියේ ප්‍රකටව සිටින්නේ P.L.O.T.E. සංවිධානයේ සාමාජිකයකු ලෙසය. එබැවින් ජෙයිපාලන් ද සමාජය වටහාගෙන සිටින්නේ P.L.O.T.E හිතවාදියෙකු වශයෙනි.

ජෙයිපාලන් ගෙවුණු වසර 30ක පමණ කාලය තුළ ක්‍රියා කරන්නේ LTTE ජාත්‍යන්තර බුද්ධි ජාලයේ ඉහළ පෙළේ සාමාජිකයකු වන අම්පුසේ හෙවත් රාම් යටතේ ය. අම්පුසේ යනු ත්‍රස්තවාදියකු ලෙස ශ්‍රී ලංකා රජය විසින් ගැසට් නිවේදනය කර ඇති අයෙකි. එමෙන්ම ‘‘ඉන්ටර්පෝල්“ රතු නිවේදනයක් ද ඔහු සම්බන්ධව ක්‍රියාත්මකව තිබේ.

ජනප්‍රිය පුවත්  පාතාලයේ කොටසක් රකින පොලීසියේ මෙහෙයුමක් ! ‘රණාලේ පැට්ටා’ රට යැව්වේ පොලීසියෙන් !

මේ පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට අපි සූදානමින් සිටිමු.

පහතින් දැන්වෙන්නේ බිමල් රත්නායකගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි LTTE බුද්ධි අංශ ප්‍රධානියා ගේ ඡයාරූපය.

විශේෂ විමර්ශන අංශය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
1
0
Would love your thoughts, please comment.x
()
x