ප්‍රභාකරන්ගේ නිවස සංරක්ෂණය කර මහජන ප්‍රදර්ශනයට….!
1 min read
කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ යාපනයේ වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස පූර්ණ අලුත්වැඩියාවකට ලක් කොට එය ඔහුගේ නැගණිය වෙත බාර දිය යුතු බවට වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් ඊයේ (02) ඒකමතිකව සම්මත වී ඇත.
එම යෝජනාව සභාවට ඉදිරිපත් කළ වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙකු වන අතර ඔහු සෑම වසරකදීම ප්‍රභාකරන්ගේ උපන්දිනයට එම නිවස ඉදිරිපිට කේක් කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරයි.
ඔහු මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ලෝකයේ බොහෝ නායකයින්ගේ නිවාස මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කොට ඉදිරි පරපුරට දැක බලා ගැනීම පිණිස සංරක්ෂණය කරන නිසා සියලු දෙනාම ප්‍රභාකරන්ගේ නිවස යැයි කියන එම නිවසද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තැබිය යුතු බවයි.
එම නිවසේ ආරක්ෂාව හා පැවැත්ම උදෙසා එය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසුව ප්‍රභාකරන්ගේ නැගණිය වෙත බාරදීම ඉතා උචිත ක්‍රියාවක් බවද එම්.කේ ශිවාජිලිංගම් යෝජනා කොට ඇති අතර ඊට සභාවේ ඒකමතික කැමැත්ත ලැබී ඇත.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
