March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉතිහාසය අනිවාර්ය විය යුතුමයි! නැතිනම් මහා විනාශයක්! – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ

1 min read

රට පුරා පුරාවිද්‍යා ස්ථාන දෙලක්ෂ පනස් දහසක් පමණ ඇති බවත් ඒවා සංරක්ෂණය කර ගැනීම සඳහා ඉතිහාසය හැදෑරූ පුරාවිද්‍යා උපාධිධාරීන් 2000-3000ක් අවශ්‍ය වන බවත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

එහෙත් දැනට ඒ සඳහා සිටින්නේ 500ක පමණ නිලධාරීන් පිරිසක් බවත් තවත් වසර 10ක් ඇතුළත ඉන් අඩක් පමණ විශ්‍රාම ගැනීමත් සමග එම පිරිස 250 දක්වා පහත දැටෙනු ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ රටේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීමට නම් සියලු පුරවැසියන් රටේ ඉතිහාසය උගත යුතු බවත් එම දැනුම ලැබෙන්නේ පාසල් පද්ධතිය ඔස්සේ ඉතිහාසය ඉගැන්වීමෙන් බවත් ආචාර්ය දිසානායක සඳහන්කරයි.

ඉතිහාසය හර විෂය අතරින් (අනිවාර්ය) බැහැර කිරීම සමග ඉදිරියේදී විශ්වවිද්‍යාලයෙන් ඉතිහාස උපාධිධාරීන් බිහිනොවනු ඇති බවත් විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශ වසා දැමීමට සිදුවන බවත් එහි බරපතළ ප්‍රතිවිපාක වසර දහයකින් රටට ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

අවුරුදු ලක්ෂ අටක ප්‍රාග් ඓතිහාසික යුගයක් සහ අවුරුදු 2500කට අධික ඉතිහාසයක් ඇති දැවැන්ත පුරාවිද්‍යා උරුමයක් ඇති රටේ එම උරුමය රැක ගැනීමට නම් පාසලේ ඉතිහාස විෂය අනිවාර්ය විය යුතු බවත් ජාතියේ නාමයෙන් එය විකල්ප විෂයක් ලෙස පහත නොහෙළන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ සෙනරත් දිසානායක අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. ඇතුළේ කචල්

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x