January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බැංකු, ජවිපෙ කල්ලි, අයිස්, ජනපති මහත්තයා සහ මහ බැංකුවේ Money Laundering සර්ලා

1 min read

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ බලපත්‍රලාභී වාණිජ හා විශේෂිත බැංකු 30ක් පමණ ඇත.

වාණිජ බැංකු 24න් 11ක් පමණ විදේශීය බැංකු ශාඛා වේ,

ලංකා බැංකුව සහ HNB වැනි දේශීය බැංකු ද ඇත.

සම්පූර්ණ බලපත්‍රලාභී බැංකු 30කි (වාණිජ + විශේෂිත).

බලපත්‍රලාභී වාණිජ බැංකු පමනක් (LCB) 24ක් වන අතර, 11ක් විදේශීය හිමිකරුවන් සතුය.

විදේශ බැංකු ලෙස සිටි බැංකුව, එච්එස්බීසී, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්, ඩොයිෂ් බැංකුව, ආදිය ඇතුළුව බැංකු 11ක් පමණ ඇත.

ඉතිරි LCBs දේශීය වන අතර, රාජ්‍ය හිමිකාරීත්වය ඇති ලංකා බැංකුව, මහජන බැංකුව සමග පෞද්ගලික හිමි කොමර්ෂල් බැංකුව, එච්එන්බී සහ සම්පත් බැංකුව ඇත.

සංවර්ධනය, ඉතිරිකිරීම් සහ නිවාස ණය සඳහා බැංකු 6ක් පමණ ඇත.

ලංකාවේ සිටින සියලුම මුදලාලිලා සහ ලොකු පොරවල් මේ බැංකුවල හිමිකාරයෝ වන අතර සියලුම මුදල්සැපයුම කරන්නේ මේ බැංකු වලිනි. ලංකාවේ සියලුම වත්කම් හිමි වන්නේ මෙම බැංකු වලටයි. කොටසක් රජය යටතේ ඇති නමුත් වත්කම්වලින් විශාලතම කොටස බැංකු වලට අයත් වේ.

මීට අමතරව මූල්‍ය ආයතන විශාල ප්‍රමානයක් ඇත.

බ්‍රිතාන්‍ය සුද්දෝ චීනයට ඉංදියාවට ලංකාවට මියන්මාරයට සහ අවට රටවලට අබිං හුරු කලේය. 18 වන සියවසේදී බ්‍රිතාන්‍යයන් චීනයෙන් විශාල වශයෙන් තේ, සේද (Silk) සහ පෝසිලේන් භාණ්ඩ අරං ගියේය.

නමුත් චීන ජාතිකයන්ට බ්‍රිතාන්‍යයේ ලොකු ලොකු නිෂ්පාදන වැඩක් වුනේ නැත. චීන්නු සුද්දන්ගේ බඩු මිලදී ගැනීමට එතරම් උනන්දු වූයේ නැත. මේ නිසා බ්‍රිතාන්‍යයට සිදුවූයේ මේ සියලු භාණ්ඩ සඳහා රිදී (Silver) වලින් ගෙවීමටය. මෙහිදී බ්‍රිතාන්‍යයේ රිදී සංචිත වේගයෙන් ක්ෂය වන්නට විය.

ජනප්‍රිය පුවත්  පුංචි අබේගේ ලොකු වැඩ!

ගෙවුම් ශේෂය විසඳීම සඳහා බ්‍රිතාන්‍යයන්ට චීනයට විකිණිය හැකි භාණ්ඩයක් අවශ්‍ය විය. එකල ඉංදියන් යටත් විජිතයේ වගා කරන ලද අබිං චීනයට ඇතුළු කිරීම ආරම්භ කළහ. චීන ජාතිකයන් අබිංවලට ඇබ්බැහි වීමත් සමඟ චීනයෙන් පිටතට රිදී ගලා ඒමට පටන් ගත් අතර බ්‍රිතාන්‍යයේ වෙළඳ හිඟය නැති විය.

අබිං යනු ඉතාමත් ඇබ්බැහි කරවන මත්ද්‍රව්‍යයකි. චීනය තුළ ඒ සඳහා ස්ථාවර සහ දිනෙන් දින වර්ධනය වන ඉල්ලුමක් නිර්මාණය විය. චීන රජය අබිං තහනම් කළා. සුද්දෝ දූෂිත නිලධාරීන්ගේ සහය ඇතිව හොර රහසේ මෙම ජාවාරම දිගටම කරගෙන ගියහ.

එකල සහ දැන් පවා සුද්දෝ තමන්ට ඕනෑම රටක ඕනෑම භාණ්ඩයක් විකිණීමට අයිතියක් ඇති බව සිතති. (Free Trade).

චීනය ඔවුන්ගේ සදාචාරාත්මක සහ සෞඛ්‍යමය හේතු මත අබිං තහනම් කිරීම බ්‍රිතාන්‍යයන් දුටුවේ තම වෙළඳ නිදහසට එල්ල වූ බාධාවක් ලෙසයි.

මෙම ඓතිහාසික පසුබිම තුළ HSBC වැනි බැංකු බිහිවන්නේ මෙම අතිවිශාල මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් උපයන මුදල් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය මත බව විචාරකයන් පෙන්වා දෙති.

HSBC බැංකුව අපකීර්තියට පත් සුද්දන් සමග සම්බන්ධ විය. ඔවුන්ට ඒතික්ස් තිබුනේ නැත. සුද්න්ට පාඩමක් ඉගැන්වීමට චීන්නු බැංකුව ලොකු කලේය.

චීන්නු “ස්කොට්ලන්ත රජාගේ බැංකු මූලධර්ම” මත මුල් බැසගත් බැංකුවක් නොවීය. නැතහොත් එය දහනව වන සියවසේ චීන වෙළඳපොළට යෝධ අබිං වෙළඳාම සඳහා මුදල් සපයන මූලාශ්‍රයක් ලෙස HSBC වැඩ කලේය.

ජනප්‍රිය පුවත්  ජයිශංකර්ට මා තරම් කැමැති ශ්‍රී ලාංකිකයෙක් ඔබට සොයාගත නොහැක!

මෙරට සියලුම මුදල් සැපයුම සහ වත්කම්වලින් බහුතරයක් හිමිකාරීත්වය දරන්නේ බැංකු පද්ධතිය සහ එහි හිමිකාරීත්වය දරන ව්‍යාපාරික ප්‍රජාව විසිනි. මත්ද්‍රව්‍ය හා තහනම් ද්‍රව්‍ය සඳහා ද ක්‍රියාකරන්නේ ද මෙම හිත හොඳ බැංකුවලිනි.

ඩීසීඒස්එල් අරක්කු සර් හැරීගේ පුතා, ඉශාර නාන, ධම්මික සර් වගේ ප්‍රන්‍යවන්තයෝද මේ මුදලේම කොටස්කරුවෝය. මල් පෝච්චි හා ගංජා පෝච්චි මෙන්ම පලවත්තේ පිස් පෝච්චිද මේ සීතල වෙලඳාමේ කොටස්කරැ වෝ වෙති.

HSBC බැංකුවේද ආරම්භය දෙවන අබිං යුද්ධයෙන් පසුව සිදු වූ අතර එහි නිර්මාතෘවරුන් අබිං වෙළඳාමේ නිරත වූ ප්‍රබල වෙළෙන්දෝ කිහිප දෙනෙක්ම සිටියහ.

1865 දී තෝමස් සදර්ලන්ඩ් විසින් හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව (HSBC) ආරම්භ කරන ලද අතර එවකට ඉන්දියාවේ සිට චීනයට ගෙන ගිය මුහුදු භාණ්ඩවලින් 70%ක්ම අබිං විය.

ලංකාවේ අබිං කෑවේ අනුරලාගේ අම්මලාය. ඒ ගමට අබිං ගෙන ආවේ මුස්ලිම් හා ඉන්දියන් දෙමල මිනිස්සුය.

අද වන විට ලෝකයේ මත්ද්‍රව්‍ය වෙලඳාම වාර්ෂික වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 426 සිට බිලියන 650 දක්වා පරාසයක පවතින බව ගණන් බලා ඇත. මේවා පාලනය කරන්නේ බැංකු විසිනි.

මෙයින් වැඩිම වටිනාකමක් හිමිවන්නේ කොකේන් සහ ඕපියම් (අබිං) ආශ්‍රිත නිෂ්පාදනවලටයි. කෘතිම මත්ද්‍රව්‍ය (Synthetic Drugs) වෙළඳපොළ ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී. අයිස් වල සල්ලි පවා යනුනේ බැංකු මගිනි. අයිස් අල්ලන විට බැංකු කරුවෝ හිරි වැටෙති. අඬති දොඩති. නමුත් ඔවුන් පිරිසිදු මහත්වරුන්ය.

ජනප්‍රිය පුවත්  ජන්ම අනන්‍යතාවය සගවමින්,ජාතික රාජකාරියක් කළ හැක්කේ මෙහෙයුම් ක්‍රියාදාමයක සිටින පුද්ගලයන්ට පමණි.

අයිස් හා කුඩු වල වටිනාකම ලංකාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා බෙහෙවින් වැඩි වන අතර. බැංකුවලට ලංකාව සම්පූර්ණයෙන් මිලට ගැනීමට හැකියාව ඇත. මත්ද්‍රව්‍ය ජවිපේ කොටි හා අයිඑස් වැනි ත්‍රස්තයින්ගේ සහ සංවිධානාත්මක ත්‍රස්ත කල්ලි වල ප්‍රධාන මූල්‍ය මූලාශ්‍රය වේ.

ලංකාව, මියන්මාරය, ලාඕසය සහ තායිලන්තය ඉන්දියාව පාකිස්තානය කලාපයේ මත්ද්‍රව්‍ය වෙළඳාම අයිස් මෙතම්පෙටමින් සහ හෙරොයින් ඩොලර් බිලියන 70කට වඩා වැඩි බව ඇස්තමේන්තු කර ඇත..

නැගෙනහිර සහ ගිනිකොනදිග ආසියාවේ “අයිස්” (Crystal Meth) වෙළඳාම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එහි වටිනාකම පමණක් වසරකට ඩොලර් බිලියන 30–60 අතර වන බව වාර්තා වේ.

ලංකාව මෙහි මධ්‍යස්ථානයයි. ආන්ඩුව නිහඬ වන්නේ නිකං නොවේ. ජවිපේ මුදල්ය. ඔබගේ ජනපතිට අයත් මුදල්ය. රහස් පොලීසියට හා ඔත්තු සේවවලට අයත් මුදල්ය. පක්ශයේ සහ කාඩර්ලාගේ මුදල්ය.

මෙම අතිවිශාල මුදල් ප්‍රමාණය ලංකාවේ මූල්‍ය පද්ධතියට ඇතුළු වන්නේ මහ බැංකුව හරහාය. අධිපති මහත්තයාගේ අනු දැනුම මතය.

“මුදල් විශුද්ධිකරණය” (Money Laundering) වන්නේ ජනපති මහත්තයාගේ උපදෙස් මතයි. “මුදල් විශුද්ධිකරණය” (Money Laundering) අද හඳුන්වන්නේ Entrepreneurship ව්‍යවසායකත්වය වගේ ලොකු ලොකු නම් වලිනි. මේකට කර්මාන්ත අමාත්‍යාංශයක් හා මහා බැංකුවක්ම ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x