මරු, දරු සහ EPF
1 min read
මේ ඉන්නේ අම්මා කෙනෙකි. ඇයගේ දෑතේ රැදී ඇත්තේ සිය ආදරණීය පුතුගේ ඡයාරූපය යි. එම පුතුගේ නම රොෂේන් ශානක ය. අම්මා සිටිනුයේ ඉමහත් වේදනාවෙන් බව සිත් පිත් ඇති කවරකුට වුව වැටහෙන්නේ ය.
මේ පුතු අද ජීවතුන් අතර නැත. ඔහුගේ මව තවමත් ජීවතුන් අතර සිටීදැයි අප දන්නේ නැත. පුතු අකාලයේ මිය ගියේ 2011 වසරේ දී ය. ඒ, සාමූහික අයිතියක් ආරක්ෂා කර ගැනුම වෙනුවෙන් විරෝධතා ව්‍යාපාරයකට එක් වී සිටිය දී ය. ඔහු ඇතුළු තව බොහෝ පිරිසක් එක්ව සිටි නිරායුධ, සාමකාමී විරෝධතාවට වෙඩි තැබුවේ පොලීසිය ය. ඒ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ය.
මෙම තරුණයා ඇතුළු පිරිස විරෝධය දැක්වූයේ, සේවක අර්ථ සාධක අරමුදල කප්පාදු කර විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගෙන ඒමට එම පාලනය ගෙන එන ලද ක්‍රියාමාර්ගයට එරෙහිව ය. එකල ජ.වි.පෙ. අන්තර් සමාගම් සේවක සංගමය ඇතුළු වෘත්තිය සමිති කටුනායක කර්මාන්ත පුරයේ සේවකයෝ පාරට ගෙන ආහ. සොච්චම් විශ්‍රාම වැටුපක් දී සේවක අර්ථ සාධක අරමුදල කොල්ලකෑමේ ප්‍රයත්නය පරාජය කිරීමට සටන් වදිමු යැයි පෞද්ගලික අංශ සේවක සේවිකාවන්ට යෝජනා කළෝ ඔවුහු වෙති. අවසානයේ දී පොලිස් ප්‍රහාර හමුවේ රොෂේන් ශානක තුවාල ලබා රෝහල් ගතකර සිටිය දී දෙදිනකට පසු මිය ගියේ ය. තවත් කම්කරුවන් 400ක් පමණ එම පොලිස් ප්‍රහාර හමුවේ තුවාල ලැබූහ. අවසානයේ දී එම හඬට සවන් දුන් රාජපක්ෂ පාලනය සේවක අර්ථ සාධක අරමුදල කප්පාදු කිරීමේ මෙහෙයුම හකුළා ගනු ලැබී ය.
2011 දී එලෙස හකුළා ගනු ලැබූ එම ක්‍රියාදාමය අද නැවතත් උපත ලබා තිබේ. ඒ, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ඇතුළත් කැබිනට් මණ්ඩලයක් සහිත ජ.වි.පෙ. ආණ්ඩුවක් යටතේ ය. ඉන්දියාව හැරුණු විට, දකුණු ආසියාවේ ඇති විශාලතම අරමුදලට වැඩෙ දෙන්නට යන්නේ, එදා රොෂේන් ශානකලාගේ ජීවිත බිල්ලට දී ඊට එරෙහිව සටන් කළ වුන්ම ය.
සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් ගණන මිලියන 22ක් පමණ වේ. එය සතු මුලු මුදල ශ්‍රී ලංකා රුපියල් වලින්නම් ට්‍රිලියන 4.4කි. ඇමෙරිකානු ඩොලරයේ අගයට අනුවනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 15කි. මේ මුදල යනු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (ආර්ථිකයෙන්) 14%කට සමානය.
ජ.වි.පෙ. ආණ්ඩුව දැන් කැහැපට ගසන්නේ එදා මහින්ද රාජපක්ෂ හකුලා ගත් වැඩේ අළුත් වටයකින් ක්‍රියාවට නැගීමට ය. සොච්චම් හා ව්‍යාජ විශ්‍රාම වැටුපක් පෙන්වා සේවක අර්ථ සාධක අරමුදලට වැටේ දෙන්නට ය. පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ ලේ, කඳුළු, දහඩිය තුළින් නිමැවුණු මහා අරමුදල සිය පෙරේත උවමනාවන් වෙනුවෙන් යොදා ගන්නට ය.
එසේ කිරීම නිවැරදිනම්, එදා රොෂේන් ශානකලාගේ ජීවිත බිලි දී විරුද්ධ වූයේ කුමක් නිසා ද? එදා එසේ කිරීම නිවැරදිනම්, මෙදා තම පාලනය යටතේ එම විශ්‍රාම වැටුප් ගුණ්ඩුව රැගෙන එන්නේ කෙලෙසින් ද? මේවා දකින රොෂේන් ශානකලාට, ඔවුන්ගේ අම්මලාට වසන්ත සමරසිංහලාගේ අම්මලා මතක් වීම වැළකිය හැකි ද? රොෂේන් ශානකලාගේ අම්මලාට එදා උරුම වූයේ සිය පුතුන් ගැන දුකකි. වසන්ත සමරසිංහලාගේ අම්මලාට අද ඇතිවන්නේ ඉමහත් අවමානයකි, විලි ලැජ්ජාවකි. තම පුතුන් බිහි කිරීම පිළිබඳ පසු තැවීමකි.
තඹුත්තේගම අපේ පන්තියේ එකාලා අපටම කෙළවීමට ඒම ගැන අපට ඇත්තේ පට්ට කේන්තියකි. උන්ගේ පුනරුද අමුඩේවත් ඉතිරිවනු ඇතැයි සිතූ උන්ට දැන් ඇත්තේ ඕක්කාරයකි.
WhatsApp Group එක දැන්ම Follow කරන්න !
