January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“පුනරුද ආණ්ඩුව” නව විෂය නිර්දේශය හරහා ” වර්ගවාදය” ප්‍රවර්ධනය කරන අයුරු !

1 min read

ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය ප්‍රතික්ෂේප කරන වර්තමාන “පුනරුද ආණ්ඩුව” නව විෂය නිර්දේශය හරහා ” වර්ගවාදය” ප්‍රවර්ධනය කරන අයුරු හා එයට විද්‍යාත්මක විවේචනයක්!


අද වන විට විද්‍යාත්මක ලෝකය පිළිගන්නා සත්‍යය නම්, මිනිසා විවිධ “වර්ග” වල එකතුවක් නොව තනි මානව සංහතියක් බවයි.


මෙහි ඉදිරිපත් කර ඇති නව විෂය නිර්දේශයේ ඇතුලත් කර ඇති පිටුවල දැක්වෙන වර්ගීකරණයන් වර්තමානය වන විට විද්‍යාත්මක පදනමක් නොමැති, ඉතිහාසයට පමණක් සීමා වූ යල් පැන ගිය මතයන් වේ.


පාසල් පෙළපොත්වල තවමත් මෙම කරුණු අඩංගු වන්නේ නම්, එමඟින් සිදු වන්නේ නව පරපුර වෙත විද්‍යාත්මකව සාවද්‍ය සහ සමාජයීය වශයෙන් හානිකර විය හැකි පණිවිඩයක් ලබා දීමයි.


එබැවින් මෙම ඉගැන්වීම්වල ඓතිහාසික පසුබිම සහ ඒවා බැහැර කිරීමට හේතු වූ කරුණු නිවැරදිව වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ.


මෙහි සදහන් කොකෝසොයිඩ්, නිග්‍රොයිඩ්, මොන්ගොලොයිඩ් සහ ඔස්ට්‍රොලොයිඩ් වැනි වර්ගීකරණයන් ප්‍රධාන වශයෙන් 18 වන සියවසේ මැද භාගයේ සිට 20 වන සියවසේ මැද භාගය දක්වා ලෝකයේ ප්‍රචලිතව පැවතිණි.
1750 දශකයේ කාල් ලිනේයස් වැනි විද්‍යාඥයන්ගේ සිට 19 වන සියවසේ මානව විද්‍යාඥයන් දක්වා පිරිසක් මිනිසාගේ බාහිර ලක්ෂණ මත පදනම්ව මෙම බෙදීම් ඉදිරිපත් කළහ.

ජනප්‍රිය පුවත්  කොළඹ ෂැම්පේන් සමාජවාදීන්! පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම


කෙසේ වෙතත්, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, එනම් 1950 දශකයේ සිට යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ මැදිහත් වීමෙන් මෙම “ජාති (Race)” යන සංකල්පය විද්‍යාත්මක ලෝකයෙන් ක්‍රමයෙන් බැහැර කිරීම ආරම්භ විය.
අතීතයේ මිනිසුන් මෙවැනි වර්ගීකරණයකට පෙළඹුණේ සරල නිරීක්ෂණ සහ එවකට පැවති දේශපාලන අවශ්‍යතා මතය.


ප්‍රවාහන පහසුකම් අවම වූ එකල, විවිධ මහාද්වීපවල සිටි මිනිසුන්ගේ සමේ පැහැය, හිසකෙස් වල ස්වභාවය සහ මුහුණේ හැඩය එකිනෙකට බෙහෙවින් වෙනස් බව පෙනෙන්නට තිබුණි.


මෙම බාහිර විවිධත්වය පමණක් පදනම් කරගෙන මිනිසුන්ව වෙනස් “වර්ග” ලෙස ලේබල් කිරීම එකල පර්යේෂකයන්ට පහසු වූ අතර, එය ලෝකයේ මිනිස් විවිධත්වය තේරුම් ගැනීමට ගත් ප්‍රාථමික උත්සාහයක් විය.
කෙසේ වෙතත්, මෙම වර්ගීකරණය පිටුපස තිබූ ප්‍රධානතම හා අඳුරුතම හේතුව වූයේ යුරෝපීය අධිරාජ්‍යවාදය යුක්තිසහගත කිරීමයි.


සුදු සමක් ඇති “කොකෝසොයිඩ්” වර්ගය සෙසු වර්ගවලට වඩා බුද්ධියෙන් සහ ශිෂ්ටාචාරයෙන් උසස් බව පෙන්වීමට මෙම වර්ගීකරණ භාවිත කරන ලදී.


මෙලෙස මිනිසුන්ව ධුරාවලියකට අනුව ශ්‍රේණිගත කිරීම හරහා අප්‍රිකානු සහ ආසියානු රටවල් යටත් විජිත බවට පත්කිරීමටත්, වහල් සේවය පවත්වාගෙන යාමටත් අවශ්‍ය දෘෂ්ටිවාදාත්මක පසුබිම සකස් කරගන්නා ලදී.
මෙම ඉගැන්වීම් නතර කිරීමට බලපෑ ප්‍රධානතම විද්‍යාත්මක හේතුව වූයේ 20 වන සියවසේ අගභාගයේදී සිදු වූ ජාන විද්‍යාවේ දියුණුවයි.

ජනප්‍රිය පුවත්  පුංචි අබේගේ ලොකු වැඩ!


මිනිස් ජාන සිතියම්ගත කළ විද්‍යාඥයන් සොයාගත්තේ, ලොව ඕනෑම ප්‍රදේශයක සිටින මිනිසුන් දෙදෙනෙකු අතර ජානමය සමානකම 99.9% ක් වන බවයි.


ජානමය වශයෙන් “ජාතිය” හෝ “වර්ගය” යනුවෙන් වෙන් කළ හැකි පැහැදිලි සීමා මිනිසා තුළ නොමැති බවත්, මිනිසුන් අතර පවතින සුළු වෙනස්කම්වලින් බහුතරයක් එකම වර්ගය යැයි සම්මත කරගත් පිරිසක් තුළ පවා පවතින බවත් මෙයින් තහවුරු විය.


තවද, මෙම වර්ගීකරණයන් සාවද්‍ය වූයේ ඒවා පරිසරයට අනුව සිදු වූ ස්වභාවික අනුවර්තනයන් වැරදි ලෙස අර්ථකථනය කළ බැවිනි.


උදාහරණයක් ලෙස, තද හිරු රශ්මිය ඇති ප්‍රදේශවල මිනිසුන්ගේ සමේ මෙලනින් වර්ණකය වැඩි වීම (තද පැහැති සම) යනු ජානමය වශයෙන් වෙනම උප විශේෂයක් වීම නොව, හුදෙක් සිරුර ආරක්ෂා කර ගැනීමට සිදු වූ අනුවර්තනයකි.


මෙම තර්කය මත පදනම්ව, මිනිසුන් අතර පවතින්නේ “වර්ග” නොව භූගෝලීය පිහිටීමට අනුව සැකසුණු “ව්‍යුහාත්මක විවිධත්වයක්” පමණක් බව වර්තමානයේ පිළිගැනේ.


අවසාන වශයෙන්, මෙම බෙදීම්වලින් සිදු වූ සමාජයීය විනාශය අතිමහත්ය.
නාසි ජර්මනියේ “ආර්ය” වර්ගයේ උත්තරීතර භාවය ගැන තිබූ අදහස සහ වර්ණභේදවාදය වැනි අඳුරු ඉතිහාසයන් නිර්මාණය වීමට මෙම වර්ගීකරණයන් ඍජුවම දායක විය.

ජනප්‍රිය පුවත්  හරිනිට එරෙහි වෛරී ප්‍රකාශ නවතනු! හැබැයි නීතිය ක්‍රියාත්මක කරනු!


මිනිසුන්ව මෙලෙස කෘතිමව බෙදා වෙන් කිරීම මානව හිමිකම්වලට සහ සාධාරණත්වයට පටහැනි බව අවබෝධ කරගත් විද්වතුන්, වර්ෂ 1950 දී යුනෙස්කෝව නිකුත් කළ “The Race Question” ප්‍රකාශනය (එම ප්‍රකාශනයේ ලින්ක් එක මුල් කමෙන්ට් එකෙන් කියවන්න) හරහා මෙවැනි වර්ගීකරණයන් ඉගැන්වීමෙන් බැහැර වන ලෙස ලෝකයට දැනුම් දෙන ලදී!


All reactions:
60

Author
Samila De Silva
The Race Question: https://unesdoc.unesco.org/ark:/48223/pf0000128291
UNESDOC.UNESCO.ORG

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x