June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සෝමාලිලන්තය වෙනම රටක් ලෙස ඊශ්‍රායලය පිළිගනී!

1 min read

1991 දී සෝමාලියාවෙන් වෙන්ව ස්වාධීනත්වය ප්‍රකාශ කළ සෝමාලිලන්තය, විදේශ රටවල් සමඟ ගණුදෙනු කරමින් වෙනම පරිපාලනයක් ගෙන ගියද, එම රාජ්‍යයන් සෝමාලිලන්තය රාජ්‍යය තාන්ත්‍රිකව රටක් ලෙස පිළිගෙන තිබුණේ නැත.

ඊශ්‍රායලය විසින් Abraham Accords වෙත ගමන් කිරීමේ පියවරක් ලෙස සිකුරාදා (අද දින) සෝමාලිලන්තයේ ස්වාධීනත්වය පිළිගත් අතර ජෙරුසලෙම වෙත සංචාරකයක් සඳහා සෝමාලිලන්ත ජනාධිපතිවරයාට ආරාධනා කර ඇත.

ඊශ්‍රායල් අගමැතිවරයා පවසා ඇත්තේ ඇමෙරිකානු ජනපති Donald Trump වෙතද සෝමාලිලන්තය Abraham Accords වෙත සම්බන්ධ වීමේ කැමැත්ත දන්වන බවයි.

සීග්‍ර ආර්ථික සංවර්ධනයක් ලඟා කරගත් නමුත් සාගරයට ප්‍රවේශවීම අවහිර වී ඇති ඉතියෝපියාව විසින් සෝමාලිලන්තයේ වරායක් ලබා ගැනීම සඳහා මීලඟට සෝමාලිලන්තය පිලිගන්නා රාජ්‍යය වීමට වැඩි ඉඩක් ඇත.

එසේම සෝමාලිලන්තය තුළ Gaza වැසියන් පදිංචි කරවීමට මීට පෙර යෝජනා ඉදිරිපත් වී තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x