June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවේ නගරාධිපති ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටු!

1 min read

මොරටුව මහ නගර සභාවේ මාලිමාවේ නගරාධිපතිවරයා ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවත් එම ලිංගික අල්ලස බලහත්කාරයෙන් ලබා ගැනීමට බලය අයුතු ලෙස යෙදවීමට උත්සාහ කළ බවත් කියමින් නගර සභාවේ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (24දා) පැමිණිලි කර තිබේ.

මේ සමබන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද එහි සඳහන් කර ඇත.

කාර්යාල ලිපි ලේඛන රාජකාරියේ නිරතව සිටි තමා නගරාධිපතිවරයාගේ ඉල්ලීම හේතුවෙන් දැඩි ලෙස බියකට හා ලැජ්ජාවට මෙන්ම අසරණභාවයට පත්ව සිටින බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

මාස එකහමාරක කාලයක් තිස්සේ වරින් වර ලිංගික අල්ලස් ඉල්ලූ බවත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නගරාධිපතිවරයා තමා සමඟ උරණ වී ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි මාතෘ සායනයකට ස්ථාන මාරු කළ බවත් එහි සඳහන් කර ඇත.

නගරාධිපතිවරයාගේ බලය අයුතු ලෙස භාවිත කර මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙන බවත් ඒ සඳහා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශයක් ලබාගෙන නොමැති බවත් සේවිකාව කියා සිටී.

ජනප්‍රිය පුවත්  කළු පාලමේ වැඩ නවති, මහනුවර කෝච්චිය තවත් ප්‍රමාදයි!

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර නමාට සාධාරණයක් ඉටු කරන ලෙසට ඇය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x