June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාට ”චේන්ජ් ” කිරීම

1 min read

ජ.වි.පෙ. ආණ්ඩුවක් පිහිටුවීම ස‍ඳහා කැප වූ තරුණ ප්‍රජාව ඉල්ලා සිටියේ ”සිස්ටම් චේන්ජ්” එකකි. ජ.වි.පෙ. ද ඔවුන්ට පොරොන්දු වූයේ ඉල්ලන ”සිස්ටම් චේන්ජ්” එක ලබා දෙන බව ය. දැන් බලය හොබවන්නේ ජ.වි.පෙ. ප්‍රමුඛ මාලිමාවුන් ය. සිදු වෙමින් පවතින්නේ කුමණ වර්ගයේ ”චේන්ජ්” එකක් ද?

මාමාගේ ඉඩමේ ගංජා වගා කළ මාලිමා මන්ත්‍රී එළියේ ය. ඒ ගංජා වගාව වැටලීමට ගිය පොලිස් නිලධාරියා ඇතුළේය. වෙලා තියෙන්නේ එහෙව් ”චේන්ජ්” එක කි.

බීලා වාහනය පදවා මිනිසුන් තුවාල කළ රංවල බීලා නැත. ඒ ගැන හරියට ක්‍රියා නොකළා යැයි කියා සපුගස්කන්ද පොලීසියේ ලොක්කන්ට ලැබී ඇත්තේ දඩුවම් මාරු ය. රංවලට කිසිදු අපල උපද්‍රවයක් ඇත්තේ නැත.

කෙරවලපිටිය පිවිසුම තේරුමක් නැතැයි කියා වසා දැමූවේ බිමල් රත්නායක සූර පප්පා ය. දැන් කටුනායක අධිවේගයේ වාහන පෝලිම කිලෝමීටර් ගණන් ඈතට විහිදේ. තියෙන පිවිසුම වසා නොතිබූ රථ වාහන පෝලීමක් නිමවීම සිදුවී ඇති ”චේන්ජ්” එක ය.

”දිට්වා” කුණාටුවෙන් බිඳ වැටුණු රේල් පා‍ර (කි.මී. 20 පමණ) සාදා කෝච්චිය යළි ගම්පොළට යාමේ ප්‍රීතිය නිමිත්තෙන් ”පපරෙ” ගසා නටන්නේ ඇමතිවරු ය. ඒවා ට කියන්නේ ”චේන්ජ්” කිය ය.

ජනප්‍රිය පුවත්  බල්ලා විරුවා වීම සහ විරුවා බල්ලට වැටීම

මේ ලැයිස්තුව මෙහෙම කියාගෙන ගියහොත් සෑහෙන දිගට කියන්නට පුළුවන. නිල්වලා ගඟ නිදි කිරීම ද, වැලි කොට්ට සංවර්ධනය ද මෙකී නොකී බොහෝ දේ ද ඊට අයත් ය.

එහෙත්, නොකියාම බැරි තව එකක් තිබේ. ඒ, කාලයක් තිස්සේ පැවති, රජයෙන් පවත්වාගෙන යන ”හෙළ බොජුන්” හි සේවය කරන උදවියගේ නිල ඇඳුම ”මාලිමා” පාට ට පරිවර්ථනය කිරීම ය. කලින් නිල ඇඳුම කොළ පාට විය. දැන් එය මාලිමා පාට වී ඇත.

‘චේන්ජ්” එකේ තරම තේරුම් ගැනීමට මීට වඩා නිදසුන් තවත් ඇවැසි ද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x