January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බංගලාදේශ විරෝධී රැලි නේපාලය පුරා උඩු දුවයි !

1 min read

පසුගිය දිනෙක බංගලාදේශ අන්තවාදීන් විසින් හින්දු ආගමිකයෙකු ආගමට අපහාසයක් කලා යැයි පවසමින් ම්ලේච්ච ලෙස පහරදී ඔහු එල්ලා පණපිටින් ගිනි තැබූ සංවේදී පුවත සැලවීමත් සමග නේපාලය සහ ඉංදියාව පුරාවටම බංගලාදේශ විරෝධයක් උත්සන්න වෙමින් පවතී .

ඒ හා සමානවම බංගලාදේශය පුරාවටම ඉන්දීය විරෝධී වෛරයේ ගිණිදැල් බුර බුරා නැගෙමින් පවතී.

සමාජ මාධ්‍ය පුවත් සඳහන් කරන ආකාරයට මෙකී බංගලාදේශ හින්දු ලබ්දිකයා මුලදීම තමාගේ ආරක්ෂාව පිණිස වහාම පොලිසියට බාරවී ඇති අතර අන්තවාදී පිරිස් පොලිසිය වටකොට ඔහුව වහා බාර දෙන ලෙස කල දැඩි පීඩනය මත බංගලාදේශ පොලිසිය ඔහුව එකී විරෝධතා කරුවන්ට බාරදීමට කටයුතු කොට ඇති අතර ඔහුගේ ඇදුම් ඉරා බිම දමා පාගා මිලේච්ච ලෙස පහරදී එල්ලා ගිනිතබා ඇත.

එකී හින්දු ලබ්දිකයා සමාජමාධ්‍ය ඔස්සේ ආගම් විරෝදී පෝස්ටුවක් පල කලේ යැයි මෙකී සිද්ධියට මූලික වී තිබේ.

මේ පුවත සහ ඔහු ගිණි ගෙන දැවෙන සිරුර සහිත වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ඉන්දියාව නේපාලය ඇවිල ගොස් තිබෙන අතර බංගලාදේශය තුල හින්දූන්ට සිදු කෙරෙන ම්ලේච්ච තාඩන පීඩන නතර කරන ලෙස විශාල විරෝධතා මාලාවක් සංවිධානය වෙමින් පවතී.

ජනප්‍රිය පුවත්  පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට වසර 17ක සිර දඬුවම්!

බංගලාදේශය තුල සිදු වූ මෙවන්ම සිදුවීමක් පෙර පකිස්තානය තුලදී සිදු උන අතර සිංහල බෞද්ධ කළමණාකරුවකු ආගමට යම් අපහාසයක් කලා යැයි චෝදනා කරමින් එලෙස පණපිටින් ගිනි තැබීමට අන්තවාදී පාර්ශව කටයුතු කල අතර පකිස්තාන රජය මැදිහත් වී එකී සිදුවීමට අදාල සැකකරුවන් 600 පමණ අත් අඩංගුවට ගෙන දස දෙනෙකුට අදික ප්‍රමාණයකට මරණ දඩුවම නියම කිරීමට කටයුතු කරන ලදී!
නේපාල ජාතික විරෝධතාකරුවන් පවසන්නේ බංගලාදේශය තුල හින්දූන්ට ආරක්ශාවක් නැති නම් නේපාලය තුල සිටින බංගලාදේශ ජාතිකයන්ගේ ආරක්ෂාවට ද තමන් වග නොකියන බවයි !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x