මාලිමා දේශපාලන කැඩපත ඉරිතලා යමින් තිබේ…විපක්ෂය ජාතියට මග කියන මාලිමාවක් බවට පත්විය යුත්තේ ඇයි?
1 min read
මෙම සටහන ලියන විට චීන හිතෝපදේශ පාඨයක් සිහියට නැගේ. එනම්,
“වෙනස් වීමේ සුළඟ හමන විට, සමහරු බිත්ති සාදති, තවත් සමහරු සුළං මෝල් සාදති.”
සෑම රාජ්‍ය පාලනයකම සිය පාලනය පිලිබඳ ඔවුන් ඔප දැමූ බාහිර පෙනුම වැහැරී යාමට පටන් ගන්නා මොහොතක් පැමිණේ. අනුර කුමාර දිසානායක යටතේ ජාතික ජන බලවේග පරිපාලනයටද, ඔවුන්ගේ දේශපාලන අස්ථි බිඳීමේ උවදුර තවදුරටත් පාලනය කරගත නොහැකි සීමාවකට ලඟා වෙමින් ඇත.
සදාචාරාත්මක උසස් බව, ඩිජිටල් අවකාශයේ ආධිපත්‍යය, සරල සහ අවංක බව, නිෂ්ප්‍රභුත්වය, සහ දෘෂ්ටිවාදී අරමුණු වලින් සන්නද්ධ එකම සහ පරම විශ්වාසදායී විප්ලවවාදී දේශපාලන බලවේගය ලෙස ඔවුන් කලක් නමක් දිනාගෙන සිටියේය. එහෙත් දැන් ඔවුන් එකල හෙළා දුටු උගුල් වලටම ඇදී ගොස් ඇත. අද එහි දක්නට ඇත්තේ ආඛ්‍යාන ව්‍යාකූලත්වය, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා, සහ මහජන විශ්වාසයේ මන්දගාමී ඛාදනය වීම් වලින් එය වෙලාගෙන ඇති බවයි.
මෙය තවදුරටත් හුදු දේශපාලන වැරදි ගණනය කිරීමක් නොවන අතර තථ්‍ය කාලීනව දිග හැරෙන ව්‍යුහාත්මක දිරාපත්වීමකි.
NPP බල ආධිපත්‍ය කිසිදා අපේක්ෂා නොකළ ඩිජිටල් සුනාමිය
ශ්‍රී ලංකාව, NPP පාලකයින් කිසිදා නොසිතු අකාරයේ පරිවර්තනයකට ඉතා වේගයෙන් ලක් වෙමින් ඇත.
ඒ පසු ගිය පසුගිය මාස කීපය තුළ, නව ඩිජිටල් විඥානයක් සහ රැල්ලක් මතු වීම තුලිනි. එය කෙතරම් තරංගාකාරද යත්, NPP යට පාලනය කිරීමට, හැඩ ගැස්වීමට, හෝ නිහඬ කිරීමට නොහැකි බලවේගයක් බවට පත් වී ඇත.ඔවුන් විසින් එක් යුගයක් පාලනය කළ සමාජ මාධ්‍ය වේදිකා, TikTok, YouTube, Facebook, X, podcasts, අද ඔවුන්ගේ නිර්දය විවේචනයේ ප්‍රභල වේදිකාවන් බවට පත්ව ඇත. සිය අත් දෙකේ විවිධ දත්ත සහ දිවේ උපහාසය ඇති තරුණ විශ්ලේෂකයින් අද අපේ රටේ නව විපක්ෂය බවට පත්ව ඇත.
අනුර දිසානායක පරිපාලනය වරක් ඔවුන්ගේ සියලු මතවාදී ආඛ්‍යාන පහසුවෙන් හසුරවා පාලනය කළේය. එහෙත් දැන් ඔවුන් හුස්ම හිර කරගෙන, ආරක්ෂාකාරී ප්‍රවේශයක් ලුහුබඳිමින් සිටියි.
කිසියම් ආණ්ඩුවක්, පාලනයේ මූලික මූලධර්ම නොසලකා හරිමින්, සිය ප්‍රතිපාක්ෂිකයින් කෙරෙහි වූ උපන් කෝපයෙන්, චිත්ත වේගීයව, ආක්‍රමණකාරී සන්නිවේදන විලාසයක් භාවිතා නොකළ යුතුය.
- එනම් රජයක් ප්‍රතිචාරාත්මක විය යුතු අතර, ප්‍රතික්‍රියාශීලී නොවීය යුතුය.
- විශ්වාසනීය විය යුතු අතර. විනිවිද පෙනෙන, හුදු ප්‍රචාරකයින් පමණක් නොවිය යුතුය.
- ඒ වෙනුවට, ඔවුන් ආරක්ෂක සන්නිවේදන උපක්‍රම දෙගුණ තෙගුණ කර ඇති අතර, මාධ්‍ය විශාරදයින් පෙන්වා දෙන්නේ මෙය “මහා ආපසු හැරීමක් ” ලෙස ඇවිලී ගොස් ඇති බවයි.
- උපදේශාත්මක, විය යුතු අතර හැඟීම්බර නොවිය යුතුය.
- නිදහසට කරුණු මත පදනම් වූවක් නොව, විසඳුම මත පදනම් වුවක් විය යුතුය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස, දේශපාලනයෙදී රටේ විපක්ෂයට වඩා ඩිජිටල් පුරවැසියන් දෘෂ්ටිවාදාත්මක ප්‍රතිරෝධයට නායකත්වය දෙමින් සිටින බව දක්නට ලැබේ.
කෙටි වීඩියෝ, විස්තරාත්මක පැහැදිලි කිරීම්, දේශපාලන සහ මතවාදී ප්‍රතිවිරෝධතා, උපහාසාත්මක දෘශ්‍ය ක්ලිප් AI නිර්මාණ, සහ වේගවත් ප්‍රවෘත්ති විවරණ සාම්ප්‍රදායික පුවත්පත් වෙනුවට ආදේශ වී ඇත. ඩිජිටල් පන්තිය අද කතු වැකි ලියා සම්පාදනය කරනු ලබයි. තරුණයින් අද ඉතා සංවිධාත්මකව එහෙත් ස්වේච්ඡාවෙන් මැදිහත්ව, ආඛ්‍යාන හැඩ ගස්වා හසුරවමින් සිටිති.
මාධ්‍ය දාර්ශනික මාෂල් මැක්ලහාන් (Marshall McLuhan) පවසන පරිදි, “මාධ්‍යය යනු පණිවිඩයයි. මාධ්‍යය පාලනය කරන්නා මනස පාලනය කරයි.” එබැවින් මේ වන විට මාධ්‍යය තවදුරටත් රජයට අයත් නොවේ. එය විරුද්ධවාදීන් තමන් සතු කරගෙන ඇත.
NPP බලයේ හද ගැස්ම තීව්‍ර කල නුගේගොඩ පණිවිඩය.
පසුගිය 21 වැනිදා නුගේගොඩ පැවති මහජන රැලිය මගින් ජවිපෙ තවමත් නිරාවරණය නොවූ බලය ගිලිහීමේ භීතිය ප්‍රසිද්ධියේ මෙරට සුවහසක් මහජනතාව වෙත ප්‍රදර්ශණය කිරීමට සැලැස්විය. එය කෙතරම් ලජ්ජා සහගතවීද යත්, ඔවුන් මෙතුවක් අසීරුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ විලි වසා ගැනීමට ඇඟලාගෙන සිටි අවසන් දුහුල් සළුවද උනා දැමීමට එකී මහජන ඒකරාශී වීම සමත් විය.
සංවිධානාත්මකව ජවිපෙ සාමාජිකයින් යොදවා රැලිය මග දෙපස තණ කොළ ප්‍රදර්ශණය කරමින්, රැලියට සහභාගී වන්නන් අම්බරුවන්ට සමාන කළේය.
- හදිසියේ විදුලිය විසංදි කළේය.
- අන්තර්ජාල සම්බන්ධතා අවහිර කළේය.
- ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය යොදවා ඉවත් කළේය.
- විකල්ප කුඩා කුඩා උද්ඝෝෂණ වෙනුවෙන් රාජ්‍ය ආශිර්වාදය පල කළේය.
- රැලිය සම්බන්ධීකරණ දී ව්‍යාජ පුවත් සහ කට කතා ප්‍රචාරය කළේය.
මේවා යහපත් රාජ්‍ය පාලන ප්‍රවේශයන් නොවේ. ඇත්ත වශයෙන්ම මෙම උත්සාහයන් රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවමින් මුදා හරින මහජන බිය වැද්දීමකි. මේ ආකාරයෙන් හැසිරෙන්නේ තම මහජන වරම ගැන අනාරක්ෂිතසහ සැකයකින් පෙලෙන රජයක් පමණි.
නුගේගොඩ රැළියෙන් අනුර පරිපාලනය පිලිබඳ එක් වේදනාකාරී සත්‍යයක් මතු පිටට පැමිණියේය. එනම් ජාතික ජන බලවේගය තමන්ව තෝරා පත් කර ගත් ජනතාවටම බිය වීමට පටන් ගෙන තිබේ. තම පුරවැසියන්ට බිය වන රජයක් නියත වශයෙන්ම පහළට ඇද වැටෙනු ඇත.
එය හරියටම පුරාණ ග්‍රීක කියමනකට අනුව, පවසන්නේ නම්,
“බලය තමන් පාලනය කරන ජනතාවගෙන් සැඟවුණු මොහොතේම එම බල ආධිකාරිය බිඳ වැටේ. “
තමන් සමඟම යුද්ධයක යෙදෙමින් සිය අභ්‍යන්තර දේශපාලන අස්ථි බිඳ ගන්නා රජයක්.
ජන බලවේග සභාගය සිය ආණ්ඩුකරණයේදී මතුපිට මට්ටමේ අස්ථාවරත්වයක් නිරීක්ෂණය වන අතරම, අභ්‍යන්තරය තුළද තියුණු පිපිරීම් ස්වර ඇසෙමින් තිබේ. එනම් ඔවුන්ගේ සන්ධානයේ ප්‍රබලම සතුරා තවදුරටත් විපක්ෂය නොවේ.
වරෙක අනුර ජනාධිපතිවරයාම ඔහුගේ ජවිපෙ නොවන පාර්ලිමේන්තු නියෝජිතයින් අසල සිටම කියා සිටියේ වෙනත් පක්ෂයක නම් “පාපිස්සකට වත් නොගන්නා පිරිසක්” තම මන්ත්‍රී කණ්ඩායමේ සිටින බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ ආණ්ඩුවේ නියෝජිතයින් නිතර පවසන දෙයක් වන්නේ “මේ ආණ්ඩුව වට්ටන්න හීනෙන් නොහිතන” ලෙසයි.ටිල්වින් සිල්වා ජවිපෙ න්‍යයාචාර්ය ලෙස ලන්ඩන් නුවරට ගොස් සිය අනුගාමිකයින් අමතා පවසන්නේද “ආණ්ඩුව වට්ටන්න කිසි දවසක ඉඩ දෙන්නේ නැහැ” කියාය. මේ භාෂා ආඛ්‍යානයේ සැඟවුන යටි පෙළ අරුත අන් කිසිවක් නොව අවිශ්වාසයේ විලාපයයි.
NPP සන්ධානය තුළ කුණාටුවක සලකුණු ඒකරාශී වෙමින් පවතින්නේ එලෙසිනි.
ඒ සලකුණු අතර කැපී පෙනෙන සාධක බොහොමයකි.
- ජවිපෙ වාමාංශික යැයි කියාගන්නා දැඩි මතධාරීන්ගෙන් දෘෂ්ටිවාදී කෝපය.
- ජනාධිපති උපදේශකයින් ලෙස පෙනී සිටින ඇතැමුන් සහ ඔහුගේ ඉහළ ව්‍යාපාරික හිතවතුන් කීපදෙනෙකු වටා ගොඩ නැගී ඇති සැකය.
- තීරණ ගැනීමේදී අනවශ්‍ය කල් මැරීම පිළිබඳ චෝදනා.
- හරිනි අමරසූරිය අගමැතිවරිය ගැන පවතින විවෘත අමනාපය.
- ටිල්වින් සිල්වා ජවිපෙ දෘෂ්ටිවාදී නායකයා ලෙස ඔහුගෙන් වියැකී යන අධිකාරිය.
- පැරණි පක්ෂ ධූරාවලිය බොඳ කරමින් ගොඩ නැගෙන නිහඬ කුරැල්ල.
- NPP පක්ෂග්‍රාහී ඩිජිටල් ක්‍රියාකාරීන්ගේ ඇදහිය නොහැකි නිහඬතාවය.
- ජවිපෙ සදාචාරවාදී විශ්වසනීයත්වය බිඳ දැමූ වත්කම් ප්‍රකාශන මතභේද.
- මෙය අස්ථාවරත්වයේ වඩාත්ම භයානක ආකාරයන් ලෙස පෙන්වා දිය හැකිය.
මෙම කොන්දේසි වල තීව්‍රතාවය මත, පිටතින් එක්සත් බවක් පෙනුනත්
ඇතුළතින් බිඳී යන රජයක් දිස් වෙමින් තිබේ.
දාර්ශනික ඇලඩෙයාර් මැකින්ටයර් (Alasdair Macintyre) පැවසූ පරිදිම,
” ඕනෑම සන්ධානයක් සම්ප්‍රදායක් සහ අභ්‍යන්තර සහජීවනය නැති වූ විට, එය පිටතින් පරාජය වීමට බොහෝ කලකට පෙර ඇතුළතින් බිඳ වැටේ.”
අද ජාතික ජන බලවේගය සිටින්නේ හරියටම ඇලඩෙයාර් පෙන්වා දෙන තීරණාත්මක සන්ධිස්තානයෙයි.
ආර්ථික වෘද්ධි අවස්තාවන් මන්දගාමී චලන රූප බවට පත්වෙමින් ඇත.
ශ්‍රී ලංකාව පුරා මහා පොලවේ පැතිර යන ආර්ථික සංකෝචනය නව මාධ්‍ය පරිසර පද්ධතිය මගින් තවදුරටත් විස්තාරණය කරමින් ඇත. සෑම සංඛ්‍යාලේඛනයක්ම, සෑම වැරදි ගණනය කිරීමක්ම, සෑම ප්‍රතිවිරෝධතාවක්ම පැය කිහිපයක් ඇතුළත විච්ඡේදනය කර, දෘශ්‍යමාන කර, ඒවා මගින් බෙදාහරිනු ලැබේ.
- දින 4 ක් ඇතුලත ඇමෙරිකානු ඩොලරය රු 312 ඉක්මවා යයි.
- සෘජු විදේශ ආයෝජන ගලනය පහත වැටි ඇත.
- විදේශ සංචිත එකතැන පල්වෙයි.
- රෝහල් වල ඖෂධ හිඟය උග්‍ර වෙමින් පවතී.
- වෛද්‍යවරු වැඩ වර්ජනයක.
- සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ගුවන් තොටුපල ප්‍රමාණවත් නැති බවට ඇමති වරයෙක් කියයි.
- නීති විරෝධී මාර්ග ඔස්සේ ප්‍රාග්ධනය ගලා යාම.
- උද්ධමනය ද්විත්ව ඉලක්කම් කරා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
- පරිභෝජනය හිර කරන සුභ සාධන කප්පාදු කරන IMF කොන්දේසි.
බලු බැල්මට මේවා දුරස්ථ සාර්ව ආර්ථික ප්‍රවණතා නොවේ. දෛනිකව මහා ජනයා නෙත ගැටෙන ජීවමාන යථාර්ථයන් ය. ඒ වගේම මේ කටුක උත්ප්‍රාසය මහජනතාවගෙන් වසන් කර තැබීමටද නොහැක.
මාක්ස්වාදී මූලයන් මත ගොඩ නැගුණු සහ පෝෂණය වී ශික්ෂණය වූ පක්ෂයක්
දැන් ශ්‍රී ලංකා ඉතිහාසයේ අන්ත දක්ෂිණාංශික නව ලිබරල් ආර්ථික මොඩලයක් අත්හදා බලමින් සිටි. ඒ අනුව දෘෂ්ටිවාදාත්මක ව්‍යාකූලත්වය ඔවුන් විසින්ම සම්පූර්ණ කර අවසන් කර ඇත.
කාල් පොලානි (Karl Polanyi) මෙය සියැසින් දුටුවාක් මෙන් වරක් මෙසේ පවසා තිබිණ.
” සදාචාරාත්මක ආර්ථිකය අමතක කරන සමාජයක් තම ධනය අහිමි වීමට පෙර එහි දිශාව අහිමි කර ගනී.”
බාහිරින් මතුවෙන භූ දේශපාලනික ප්‍රවාහය
ප්‍රධාන බාහිර බලවතුන් ත්‍රිත්වයම ඉන්දියාව, චීනය, සහ ඇමරිකා එක්සත් ජනපදය, දැන් ශ්‍රී ලංකාව දෙස බලන්නේ වැඩෙන සැකයේ කාචයකිනි.
- ඉන්දියාව උපාය මාර්ගික ව්‍යාකූලත්වයක් දකී.
චීනයද අනපේක්ෂිත සංඥා දකිමින් සිටින අතර සිනොපැක් තෙල් පිරිපහදු ආයෝජනය දින නියමයක් නොමැතිව කල් යමින් තිබේ.
එක්සත් ජනපදය බාහිර පීඩනයට ගොදුරු වීමේ අවදානම දකී. පසුගිය මස රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට අදාලව අවධානාත්මක ආයෝජන දේශගුණ වාර්තාවක් (Investment Climate Report 2025) නිකුත් කළේය.- ඒ අනුව ශ්‍රී ලංකාව නිහඬවම පහත පරිදි වර්ගී කරණයන්ට ලක්කර ඇත.
උපායමාර්ගික දැක්මක් නොමැති නොමැති රාජ්‍යයක්.
රාජ්‍ය තාන්ත්‍රික පැහැදිලිකමක් නැති නායකත්වයක්.
අභ්‍යන්තර සහජීවනයක් නොමැති පද්ධතියක්.
මෙම තත්වය ආයෝජන, ආරක්ෂක සහයෝගීතාව, ණය මුලාශ්‍ර මාර්ග සහ ජාත්‍යන්තර විශ්වාසය කෙරෙහි සෘජුවම බලපායි. ලෝකය ඉදිරියේ ජාතියක් අවිනිශ්චින තත්වයකට පත් වූ පසු, එය යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගත වේ.
විපක්ෂයේ වගකීම සුළුපටු නොවේ.
මේ මොහොත අවිනිශ්චිතය. ඒ වගේම විසිරෙන සුළුය. එබැවින් එය තීරණාත්මක වන අතර විපක්ෂය මත ඓතිහාසික බරක් පැටවී ඇත.
ඔවුන්ට තවදුරටත් කුඩා කුඩා, දේශපාලන ආන්තික වාසි වෙනුවෙන් පෙනී සිටිය නොහැකි දේශපාලන යතාර්ථයක් අභියසට පැමිණ ඇත.
ඔවුන්ට ජාතියේ දිශානතිය වෙත මග කියන ඓතිහාසික වගකීම, කර හැරිය නොහැකි තත්වයක් උදා වී ඇත.
එබැවින් විපක්ෂයේ කාර්යභාරය දැන් එකිනෙකට අන්තර් සම්බන්ධිත වගකීම් තුනකට පුළුල් විය යුතුය.
- ජනතාවගේ ඇත්ත හඬ නියෝජනයක් ලෙස විපක්ෂය
- රජය මග හරින සහ ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ එකඟතා සහ පොරොන්දු නිශ්චිතවම මහජන අවකාශය වෙත රැගෙන යාමට.
- ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, භූ දේශපාලනික උපායන්, ආයෝජන ඉඩ ප්‍රස්තා, සහ ජාතික අනන්‍යතාවය, බොඳ කර ගනිමින් සිටින බව.
- ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ආරක්ෂකයා ලෙස විපක්ෂය
- මැතිවරණ කාර්යක්ෂමතාවය, විරුද්ධ පාක්ෂිකයින් බිය වැද්දීම, රාජ්‍ය නිලධාරී නොසන්සුන්තා, ආණ්ඩුවේ මතවාදී පරස්පරතා,
- සහ ජාතික ජන බලවේගය තුළ මතුවන දෘෂ්ටිවාදාත්මක අන්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම.
- ඊළඟ විකල්ප දේශපාලන ජාතික සම්මුතියක නිර්මාතෘ ලෙස විපක්ෂය
- ආර්ථික පුර්නර්ජීවනය, රාජ්‍ය තාන්ත්‍රික භාවය, ජාතික සමගිය, සහ ප්‍රජාතන්ත්‍රවාදී පුනර්ජීවනය සඳහා පුළුල් සැලැස්මක් ඉදිරිපත් කිරීම.
- රජය ජනතා ගැටළුවලට ව්‍යාකූලත්වය විසඳුමක් ලෙස ඉදිරිපත් කරන්නේ විට, විපක්ෂය ඒවාට පැහැදිලි විකල්පයක් ලබා දිය යුතුය.
රජය බිය පතුරුවන්නේ නම්, විපක්ෂය විශ්වාසය නැවත ඇති කළ යුතුය.
රජයට සදාචාරාත්මක අධිකාරිය අහිමි වුවහොත්, විපක්ෂය සදාචාරාත්මක මූර්තිමත් කළ යුතුය.
ඇන්ටෝනියෝ ග්‍රාම්ස්චි (Antonio Gramsci) එය ඉතා පැහැදිළිවම මෙලෙස දක්වා සිටියේය.
“පැරණි ලෝකය මිය යමින් පවතින අතර නව ලෝකය ඉපදීමට අරගල කරයි.
දැන් රාක්ෂයන්ගේ කාලයයි.”
ශ්‍රී ලංකාව එම එළිපත්තෙහි සිටගෙන සිටියි. ඊළඟට මතුවන දේ බොහෝ දුරට රඳා පවතින්නේ විපක්ෂයේ ධෛර්යය, දේශපාලන ආත්ම විශ්වාසය සහ පැහැදිලිකම මතය.
නිහඬ වුවද එය හැරවුම් ලක්ෂ්‍යයකි.
ආර්ථික, ඩිජිටල් අවකාශය, දේශපාලනික, මනෝවිද්‍යාත්මක යන සෑම දර්ශකයක්ම යෝජනා කරන්නේ ශ්‍රී ලංකාව ප්‍රකාශ නොකළ බිඳවැටීමේ ලක්ෂ්‍යයකට ළඟා වෙමින් සිටින බවයි.
රජය එය දනී. එහි හවුල්කරුවන් එය දනී.
එහි විවේචකයින් එය විවෘතව විස්තර කරයි.
මහජනතාවට එය සෑම මොහොතකම දැනෙමින් තිබේ.
එබැවින් මතක තබා ගත යුතු කරුණ වන්නේ, ව්‍යුහාත්මක දුර්වලතා අභිසාරී වූ විට, සිදුවීම් නායකත්වය අභිබවා යාමට පටන් ගනී.
එසේ වූ විට, ආණ්ඩු පාලනය කරන්නේ නැත ඔවුන් හුදෙක් ප්‍රතික්‍රියා දැක්වීමට පටන් ගනී.
නුගේගොඩ රැළියට දැක්වූ ප්‍රතික්‍රියා දෙස බලන්න. ශ්‍රී ලංකාව එම අදියරට අනතුරුදායක ලෙස ලඟා වෙමින් සිටි.
අනතුරු ඇඟවීම් අන්තයේ සිටින ජාතියක්.
මෙම සටහන හෙළා දැකීමට නොව, අනතුරු ඇඟවීමට ය. ඇවිස්සීමට නොව, ආලෝකමත් කිරීමට ය.
බිඳෙනසුලු රාජ්‍යයක් දේශපාලනිකව බිඳවැටීමකට ලක්වන විට, දුක් විඳින්නේ දේශපාලනඥයන් නොව, රටේ මහ ජනතාවයි.
NPP රජය එහි ආඛ්‍යානය, සදාචාරාත්මක භාවය සහ අභ්‍යන්තර එකමුතුව නැති කර ගනිමින් සිටී. එය මෙම මාවතේ දිගටම ගමන් කළහොත්, ප්‍රතිවිපාක හුදෙක් මැතිවරණමය ජයග්‍රහණ හෝ පරාජයන් පමණක් නොවනු ඇත.
විපක්ෂය දැන් නැගී සිටිය යුත්තේ අනාථයන් ලෙස නොව, ශ්‍රී ලංකාවේ අනාගතයේ භාරකරුවන් ලෙසය.
සොරන් කියර්කේක්කේගාඩ් (Soren Kierkegaard) අපට මතක් කර දෙන පරිදි,
” නායකයෙකු ශ්‍රේෂ්ඨ වන්නේ බලයෙන් නොව, ඒ මොහොතේ ඉල්ලා සිටින අවශ්‍යතාවයෙන්.”
ඒ මොහොත පැමිණ ඇත. ජාතියක් බලා සිටී.
එබැවින් ව්‍යාජ යථාර්තය අභියෝගයට ලක් කල යුතුය.
“යථාර්ථයේ මායාව බිඳ දැමූ විට, බලය බිඳ වැටේ. ” ෆ්‍රෙඩ්රික් නීට්ගේ (Friedrich Nietzsche)
සටහන: විජේපාල දිසානායක
භාණ්ඩාගාරික
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය
Asian Geopolitical Sustainability & Peace Council. (AGSPEC)
Email: wijepaladissanayake@gmail.com
