January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වතු කම්කරු ඇන්දිල්ල

1 min read

දුක් විඳින වතු කම්කරුවන් නිසා පඬුපුල් ආසනය උණු වූ අනුර කුමාර දිසානායකගෙ ආණ්ඩුව ඔවුන්ගෙ දෛනික වැටුප රුපියල් 1,750/= ක් කිරීමටත්, ඒ වෙනුවෙන් වතු හිමියන් විසින් රුපියල් 1,550 ක් ලබා දීමටත්, ඉතිරි රුපියල් 200 පැමිණීමෙ දිරි දීමණාවක් ලෙස ජනතාවගෙ බදු මුදලින් රුපියල් මිලියන 5,000 ක් වෙන් කළා යැයි පුරාජේරු දෙඩෙව්වා ඔබට මතකද..?

➡️ මේ රුපියල් 200 හැම කම්කරුවාටම ලැබෙනවාද…?

නෑ..

🔴 මේ දීමනාව ලැබෙන්නෙ මහ වතු අයිති සමාගම්වල සේවකයන්ට පමණයි.

🔴 රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 74 ක ප්‍රමාණයක් නිපදවන්නෙ කුඩා තේ වතු හිමියන්.. ඔවුන්ගේ සේවකයින්ට මේ දිරි දීමනාව ලැබෙන්නෙ නෑ..

🔴 මේ රටේ සමස්ත වතු කම්කරුවන් ප්‍රමාණය 450,000 ක් පමණ වෙනවා..

🔴 ඉන් ඔය මහ වතු සමාගම් කියන සමාගම් 26 ක වැඩ කරන්නෙ 115,000 ක පිරිසක් පමණයි.. ( ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත වලට අනුව)

➡️ දැන් මේ 115,000 දෙනාටම මේ රුපියල් 200 දිරි දීමනාව ලැබෙනවාද…?

ඒත් නෑ…

🔴 මේ රුපියල් 200 දිරි දීමනාව ලබා ගැනීමටනම් එම කම්කරුවන් මාසයකට දින 25 ක් වැඩට ආ යුතුය…

ජනප්‍රිය පුවත්  ජන්ම අනන්‍යතාවය සගවමින්,ජාතික රාජකාරියක් කළ හැක්කේ මෙහෙයුම් ක්‍රියාදාමයක සිටින පුද්ගලයන්ට පමණි.

➡️ ඉහත මහ වතු සමාගම් 25 වැඩ කරන 115,000 න් මසකට දින 25 ක් වැඩට එන සේවක ප්‍රමාණය කොතරම් ප්‍රමාණයක් දැයි ඔබ හිතනවාද…?

එය දළ වශයෙන් 17,000 ත් 25,000 ත් අතර ප්‍රමාණයකි.

🔴 ඒ කියන්නේ සමස්ත 450,000 ක් වූ වතු කම්කරුවන්ගෙන් මෙම පැමිණීමෙ දිරි දීමණාවට හිමිකම් කියන්නෙ වැඩිම උනොත් 25,000 ක් පමණි..

🔴 එය සමස්ත වතු කම්කරුවන් සංඛ්‍යාවෙන් 5% ක පමණ ප්‍රමාණයකි.

කාලගුණික තත්වයන්, නෙලීමට ඇති දළු ප්‍රමාණය අනුව වතු කම්කරුවන්ට හැමදාම වැඩ නැත. එය සියලුම දෙනා දන්න හරි සරල ප්‍රායෝගික තත්වයකි..

මහා මාධ්‍ය සංදර්ශනයක් පවත්වා, අනුර කුමාර දිසානායක අඬබෙර ගසා වතු කම්කරුවන්ට රුපියල් 200 දෙන්නට යෝජනා කරේ එහෙමය..

හැමදාම ගොනාට අඳින වතු කම්කරුවො රතිඤ්ඤා පත්තු කළොය. අනුර කුමාර දිසානායක ගෙ චායාරූප වලට බිම පෙරළි පෙරළි වැඳ වැටුනෝය.

ආණ්ඩුවෙ එක් මන්ත්‍රීවරයෙක් කිව්වෙ වතු කම්කරුවන් අතර අනුර කුමාර දිසානායකව දෙවියෙක් ලෙස සලකන බවය..

මෙන්න මේ සරල සත්‍යය තමන්ගෙ මන්ත්‍රී කණ්ඩායමෙ දිගම්බරන්ට, මනෝ ගනේෂන්ට තේරුම් කර දීමටවත් සජිත් ප්‍රේමදාසට ගනන් ශාස්ත්‍රය නොහැකි වීම පිළිබඳව කණගාටු වෙමි.

ජනප්‍රිය පුවත්  හරිනිට එරෙහි වෛරී ප්‍රකාශ නවතනු! හැබැයි නීතිය ක්‍රියාත්මක කරනු!

මිනිස්සු ඇන්දවීම කලාවක් නම් අනුව කුමාර දිසානායක එහි පිකාසෝය..

එහෙත් අනුර කුමාර දිසානායක මෙවර ඇන්ද වූයේ මේ රටේ දුක් විඳින පීඩිතම පන්තියෙ කොටසකි. ජනතා විමුක්ති පෙරමුණ බිහි වූයේ සහ සිය බලය රඳා පැවතියේ මේ අන්ත අසරණ පීඩිත පන්තියේ ජනතාව නිසාය. අවසානයේ දී තඹුත්තේගම තනි සිග්නල් කණුව යට රං බණ්ඩාගෙ පුතා අනුර කුමාර දිසානායක තමන්ගෙ පන්තියට ඇඳි වත ඔසවා පස්ස පෙන්නුවේය..

චී… විලි ලැජ්ජායි අනුර..

උපුටා ගැනීම- නිලන්ත සත්සර ගමගේ ෆේස්බුක් පිටුවෙන් ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x