අනුර, හර්ෂ ඩී සිල්වා සහ ව්‍යාපාරික ගජ මිතුරන්
1 min read
මම හිතන්නේ මෙය තවදුරටත් සැඟවිය යුතු කාරණයක් නොවෙයි.
සතුරාගේ සතුරා අපේ මිත්‍රයෙක් කියලා කතාවක් තියෙනවා.
ඒ වගේ ප්‍රසිද්ධ නොවුනත් තවත් විශ්වීය න්‍යායක් තියෙනවා.
එනම් ‘මිතුරාගේ මිතුරා අපේ මිත්‍රයා.’
එයත් විශ්වීය සත්‍යයක්. සාමාන්‍යයෙන් ලෝකයේ මිත්‍ර කල්ලි ගොඩනැගෙන්නේ ඔය න්‍යායෙන්.
මේ මොහොතේ හර්ෂ ඩි සිල්වාගේ හැසිරීම විශ්ලේෂනය කළ හැකි හොඳම න්‍යායත් ඒක.
දැන් කොළඹ ප්‍රධාන ව්‍යාපාරිකයන් සියලූම දෙනා මාලිමා ආණ්ඩුව ආරක්ෂා කරනවා. ඔවුන් දැඩිව මාලිමාව වෙනුවෙන් පෙනී ඉන්නවා.
ඇයි ?
මෙතරම් ව්‍යාපාරික පන්තියට යටත් වු, ඔවුන්ට නිදහසේ ජාවාරම් කිරීමට ඉඩ දුන්නු රජයක් තවත් නැහැ.
අතීත පාලකයන් වූ මහින්ද ලා, රනිල් ලා, ගෝඨාභය ලා සහ අවම වශයෙන් මෛත්‍රීපාලට පවා මේ ව්‍යාපාරිකයන් ආමන්ත්‍රණය කළේ ‘සර්’ කියලා.
ව්‍යාපාරිකයන් ඒ පාලකයන්ට යටත්ව සිටියා. ව්‍යාපාරිකයන් පාලකයන්ට බය වුණා. පාලකයො ඔවුන්ගේ සාක්කුවේ හිටියේ නැහැ.
නමුත් මාලිමා රජයේ වෙනස්.
මාලිමා රජයේ අනුර , ටිල්වින් සහ ඇමතිවරුන් ව්‍යාපාරිකයන්ට එක්කො ‘අයියා ලා’. එක්කෝ ‘මල්ලි ලා’ . එක්කො ‘මචන් ලා’.
මේ ව්‍යාපාරිකයන් පෙර නොවූ විරු අයුරින් ඉතාම නිදහසේ, රාජ්‍ය අනුග්‍රහයෙන් තමන්ගේ ජාවාරම් කරමින් ඉන්නවා.
විශේෂයෙන්ම ‘ඩොලර් පාර්ක්’ කිරීමේ ජාවාරමට අද රාජ්‍ය අනුග්‍රහය හිමියි.
අක්බාර් සහෝදරයන්ගේ සිට, මාස් ලා, බ්‍රැන්ඩික්ස් ලා, ඩිල්මා ලා නිදහසේ මෙරට අපනයන ආදායම් සිංගප්පූරුවේ හෝ ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාර වල තැන්පත් කරනවා.
ගෝඨා ඊට දැඩිව විරුද්ධව කටයුතු කළා. රනිල් පවා එයට විරුද්ධ වුණා.
නමුත් අද නිදහසේ ප්‍රමුඛ අපනයනකරුවන් සියලූම දෙනා ඩොලර් පාර්ක් කරනවා. අද ආණ්ඩුව එයට විරුද්ධ වන්නේ නැහැ.
අද ලීසිං, මයික්‍රෝ ෆයිනෑන්ස් ව්‍යාපාරිකයන් රාජ්‍ය අනුග්‍රහයෙන් ආරක්ෂා කරනවා.
රජයේ සෑම නීතියක්ම, රෙගුලාසියක්ම සම්මත වන්නේ ඔවුන් ආරක්ෂා කිරීමට මිස ජනතාව ආරක්ෂා කිරීමට නොවෙයි.
ස්ථාවර තැන්පතු වලට බදු පැනවීම කොටස් වෙළඳපොල ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන ඉල්ලීමක්.
ජනතාව ස්ථාවර තැන්පතු වලට වඩා කොටස් වෙළදපොලට පැමිණීම ඔවුන්ගේ අවශ්‍යතාවයක්.
එය ඉටු කළේ මාලිමා රජය.
සෑම ජාවාරම්කරුවෙකුටම නිදහසේ සිය ජාවාරම් කරගෙන යාමට රජය උපරිම නිදහස ලබා දීලා තියෙනවා.
එයට හේතු තුනක් තියෙනවා.
මේ ආණ්ඩුව ඉන්නේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ සාක්කුවේ.
අනුරට, ටිල්වින්ට මුදල් දෙන්නේ ඔවුන්.
නිල නිවාස නැති ආණ්ඩුවේ ඇමතිලාට ගෙවල්, අපාර්ට්මන්ට් පවා අරන් දීලා තියෙන්නේ මේ ව්‍යාපාරිකයො.
අද හැම කැබිනට් ඇමතිවරයෙකුම ඉන්නේ ව්‍යාපාරිකයන් ලබා දුන්නු ගෙවල් වල.
දෙවැන්න මාලිමා ආණ්ඩුවේ නොදන්නාකම. ඔවුන් ව්‍යාපාරිකයන් ලබා දෙන ඕනෑම ඇමක් ගිලිනවා.
ඔවුන් රාජ්‍ය පාලනය නොදන්නා නිසා මේ ව්‍යාපාරිකයන් තමන්ට රාජ්‍ය පාලනයට ‘උදව්’ කරනවා කියලා ඔවුන් විශ්වාස කරනවා.
තෙවැන්න මාලිමා ආණ්ඩුවේ ජනාධිපතිගේ සිට සියලූම දෙනා ෆුල් සූට් ඇදලා, ඉංග්‍රීසි කතා කරන අයට බයයි.
ඔවුන් ඉදිරියේ හැසිරෙන්නේ බයාදු, හීනමානයකින්. ඒක කුමන තනතුරකට පත් වුනත් නැතිවෙන්නේ නැති හීනමානයක්.
ඔවුන්ගේ පසුබිම ගැන ඇති වූ ලැජ්ජාව නිසා ඇති වූ හීනමානයක්.
කොළඹ කාන්තාවන්ගෙන් හරහා ඔවුන් උත්සාහ කරන්නේ මේ හීනමානය පුරවාගැනීමටයි.
මේ කරුණු තුන නිසා මේ කොළඹ සුපිරි ව්‍යාපාරික පන්තියේ රූකඩ ආණ්ඩුවක්.
හර්ෂ ඩි සිල්වා සම්බන්ධ වෙන්නේ මෙතන දී.
හර්ෂ ඉංග්‍රීසි වලට බයත් නෑ. ෆුල් සූට් එකට බයත් නෑ. හර්ෂ බිස්නස්කාරයොන්ට බයත් නෑ.
හැබැයි හර්ෂගේ දේශපාලනයට සම්පූර්ණයෙන්ම ෆන්ඩ් කරන්නේ ප්‍රධාන ව්‍යාපාරිකයො.
මේ ව්‍යාපාරිකයන් හර්ෂ අනාගතයේ මුදල් ඇමතිවරයෙක් හෝ සමාන පුද්ගලයෙක් බව හඳුනාගෙන තිබෙනවා.
හර්ෂගේ එක් වචනයකින් මාකට් එක / බැංකු පද්ධතියේ ස්ථාවරත්වය එහා මෙහා කළ හැකියි.
හර්ෂගේ එක් වචනයකින් එක්කො කොටස් වෙළඳපොල කඩා වැට්ටිය හැකියි. එක්කො ඉස්සිය හැකියි.
එම නිසා හර්ෂ ව්‍යාපාරික පන්තියට අතිශය වැදගත්.
එම නිසා කොළඹ කොටස් වෙළඳපොල, අපනයන සහ බැංකු සහ ෆයිනෑන්ස් ක්ෂේත්‍ර වල ව්‍යාපාරිකයන් හර්ෂට මුදල් ලබා දෙනවා. හර්ෂ නඩත්තු කරනවා.
හර්ෂ කියන ඇතැම් කතා වල පසුපස ඉන්නේ මේ ව්‍යාපාරිකයො. ඔවුන්ට අවශ්‍ය කතා හර්ෂ පාර්ලිමේන්තුවේ හෝ මාධ්‍යයේ කියනවා.
ඉතින් හර්ෂ සහ ආණ්ඩුව අතර ඩීල් එක දම්මන්නේ මේ ව්‍යාපාරිකයො.
හර්ෂ ආණ්ඩුවට මෙල්ල කරලා, ආණ්ඩුවේ පොකට් එකට දාලා දෙන්නේ මේ ව්‍යාපාරිකයො.
මිතුරාගේ මිතුරා තමන්ගෙත් මිතුරෙක්.
හර්ෂ ඩි සිල්වාගේ ආර්ථික විද්‍යා දැනුම, උපාධිය ගැන අපට වෙනම සංවාදයක් ගොඩනැගිය හැකියි.
ඔහු පෙන්වන තරම් දක්ෂයෙක් නොවෙයි. එය අනාගතයේ දී අපට දැකගත හැකි වේවි.
නමුත් හර්ෂ මෙතරම් අසාර්ථක, ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම අපතේ යැවූ, ආර්ථික වර්ධන වේගය කඩා වැට්ට වූ, මුදල් චක්‍රය නතර කළ ආණ්ඩුවක් ජනතාවට තේරෙන භාෂාවෙන් වර්ණනා කරන්නේ ඒ ඩීල් එක නිසා.
මෙරට ජනතාව ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප සම්බන්ධයෙන් පවා සාක්ෂරතාවය අඩුයි.
ප්‍රාග්ධන වියදම් ‘ඉතිරි වීම’ ඔවුන්ට අනුව යහපත් තත්ත්වයක්.
නමුත් ‘භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා’ කිව්වම අතීත රජ කාලයක කතාවක් වගේ ඔවුන්ට චිත්‍රරූප මැවෙනවා.
මිනිස්සු දන්න ආර්ථික විද්‍යාව ඒක.
රජතුමාට භාණ්ඩාගාරයක් තිබුණා. ඒක පිරිලා නම් රට සරුසාරයි. ඒක හිස් නම් රජු ෆේල්. ජනතාව දන්න ආර්ථික විද්‍යාව ඔච්චරයි.
හර්ෂ කතා කළේ එතනට.
එතන දී හර්ෂ ආණ්ඩුවේ අධික ණය අමතක කළා. ආර්ථිකය නවත්තා තිබෙන බදු අමතක කළා.
ඒ වගේම හර්ෂ තමන්ගේ පක්ෂයේ නායකයා ප්‍රසිද්ධ මාධ්‍යයේ විවේචනය කරන්නේත්, ඔහුගේ විදෙස් සංචාරයක් දෙකේ කොලයට දාන්නේත් මේ ඩීල් එක නිසා.
හර්ෂගේ කරට අත දාලා අනුර ‘මචන්’ කියලා කතා කරන්නේ, හර්ෂට සහ අනුරට පොදු වෙනත් ‘මචන්’ ලා ඉන්න නිසා.
හර්ෂ මුදල් සම්බන්ධ පාර්ලිමේන්තු කමිටු වල සභාපති වීම ඔහුගේ පැවැත්මට අතිශය වැදගත්.
අනුර කිසිදු චකිතයක් නොමැතිව හර්ෂට එම තනතුරු දී තිබෙන්නේත් මේ ‘මිත්‍රත්වය’ නිසා.
හර්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුනක වාඩි වෙලා හිටියට හර්ෂ ඉන්නේ ආණ්ඩුවේ.
ඒ ගණුදෙනුවේ බ්‍රෝකර් ලා තමයි කොළඹ බිලියනපති ව්‍යාපාරික පන්තිය.
උපුටා ගැනීම: Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්




