June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාතාල ප්‍රවර්ධනය

1 min read

පසුගිය දා ඉෂාරා සෙව්වන්දි නැමැති පාතාල කල්ලි සාමාජිකාවක් නේපාලයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආහ. ගුවන්යානයෙන් ගෙන එන ලද ඇය ඇතුළු කණ්ඩායම ගුවන් තොටුපළට පිවිසෙන අයුරු රූපවාහිනී කැමරා කරුවෝ රැසක් විසින් ආවරණය කරනු ලැබූහ. සිනහ මුසු මුහුණින් ඇය කාමරාවට මුහුණ දුන්නා හ.

මීට පෙර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි වලට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන අවේද මේ අයුරිනි. රාත්‍රී ප්‍රවෘත්ති වලට මේ පුවත් විකාශය වන්නේ ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකා මෙනි. මේවා බලා සිටින දරුවන්, නිතැතින්ම සිතනු ඇත්තේ තමන් ද පාතාල ”පොරක්” වූවානම් ”මරේ මරු! ” කිය ය.

ජාත්‍යන්තර තරග වලින් ජය ලැබ බොහෝ දරුවෝ ඉමහත් අභිමානයෙන් සිය මව්බිමට පා තබති. මව්බිමට ජයග්‍රහණ ගෙන එන ඒ දරුවන් පිළිගැනීමට ගුවන්යානා දෙරටුව අසල තබා ගුවන් තොටුපළේවත් රූපවාහිනී කැමරා කරුවෝ නොවෙති. ඔවුන් පිළිගැනීමට රාජ්‍ය ප්‍රධානින් ද පැත්ත පලාතකවත් ඇත්තේ නැත. තමන් ලද කුසලානය හෝ පදක්කම අතැතිව ඒ දරුවන් තම නිවසට යන්නේ තනිකම පමණක් සිතින් දරාගෙන ය. එදින රාත්‍රී ප්‍රවෘත්ති තුළද බොහෝ විට ඒ දරුවන් දක්නට නොවේ.

ජනප්‍රිය පුවත්  "ෆක් යූ" ජූඩ් !

රටක් ඉදිරියට ගෙන යා හැක්කේ නරක ඉස්මතු කරමින් ද? සිනා මුවින් ගත සරසාගෙන ”ඕලු සර්” එක්ක ගුවන් යානයෙන් එළියට බහින සෙව්වන්දි දුටු විට අපේ දියණියන්ට සිතෙනු ඇත්තේ කුමක් ද? රටට ජය ගෙන එන දිරිය දූ පුතුන් උත්කර්ෂයට නැංවීම මගින් පමණක් දරුවන්ගේ මනස දිරිමත් නොවන්නේ ද? උත්සවශ්‍රීයෙන් රැගෙන එන පාතාල කෙරුමන් දකින දරුවන් අනුගමණය කරනු ඇත්තේ කවර මගක් ද?

මෙහෙම ගියොත්, අගමැතිනිය කී පරිදි රටේ දියණියන්, ජාතික ජන බලවේගයේ ලක්මාලිලා වගේ නොවනු ඇත! (එය එසේ වීමද යහපතකි!) නමුත්, ඒ වෙනුවට මෙරට දියණියන් සෙව්වන්දිලා වගේ වීමට ඇත්තේ වැඩි සම්භාවිතාවකි. පුනරුදය යනු, සෙව්වන්දිලා ප්‍රවර්ධනය කිරීමද? පාතාලය ප්‍රවර්ධනය යනු කවර ගණයේ පුනරුදයකට අයත් වන්නක් ද?

”පුන – රුදාවෙන් පෙළෙන වුන්

දැන් – ඉතින් නැගිටියව් !”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Saliya Vithanage
Saliya Vithanage
7 months ago

ඔන්න අදත් එකෙක්ට වෙඩි තියලා දාලා

1
0
Would love your thoughts, please comment.x
()
x