November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ගැහැනු පිරිමි කරන, පිරිමි ගැහැනු කරන අලුත්ම මෙහෙයුම !

1 min read

වටවල තේ ප්‍රවර්ධනය කිරීම සඳහා සකස් කරන ලද දැන්වීමක් හේතුකොටගෙන සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ. “කූඹියෝ” ටෙලිනාට්‍ය නිපද වූ ලකා හෙවත් ලක්මාල් ධර්මරත්න විසින් නිමවා ඇති ආන්දෝලනයට තුඩු දී ඇති දැන්වීම මගින්, ඉතා සියුම් ලෙස LGBTQ සුළුතර ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය කිරීම සිදු කර ඇතැයි බහුතර සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මතය වී තිබේ. එම කරුණ හේතුකොටගෙන “Sunshine Group” ආයතනයට අයිති වටවල තේ, සෙස්ටා ටී, රන් කහට, ඩේන්ටී ටොෆී හා හෙල්ත් ගාර්ඩ් ෆාමසි වර්ජනය කිරීමේ රැල්ලක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වී තිබේ. අදාළ දැන්වීම ආරම්භ වන්නේ “Him, Her and Them” යන පාඨයෙනි. මෙය බටහිර රටවල LGBTQ ප්‍රජාව හැඳින්වීමෙහි ලා බහුලව යොදා ගනු ලබන පාඨයකි.

වටවල තේ “Him, Her and Them” වෙළෙඳ දැන්වීමේ ඡායාරූපයක්
වටවල තේ “Him, Her and Them” වෙළෙඳ දැන්වීමේ ඡායාරූපයක්
වටවල තේ “Him, Her and Them” වෙළෙඳ දැන්වීම

මේ අතර ඩයලොග්, බ්‍රැන්ඩික්ස්, මාස්, ජෝන් කීල්ස් වැනි ප්‍රමුඛ පෙලේ ආයතන ද තම සේවා ස්ථාන තුල සමරිසි ප්‍රජාව ඇතුලු LGBTQ ප්‍රවර්ධනය කිරීම සිදු කරමින් ඇතැයි අප වෙත වාර්තා වී තිබේ. මෙම ආයතන මෙකී ප්‍රවර්ධනය සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වෙතින් සිය ආයතනය ඉදිරියට ඔසවා තැබීමේ අරමුණින් බව ද එම ආයතන ආරංචි මාර්ග පවසයි.

ජනප්‍රිය පුවත්  පොලිස්පති පැලවත්තේ රූකඩයක්!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙම සුළුතර ලිංගික ප්‍රවණතා මානුෂීය දවටනයක ඔතා ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම වර්ධනය වී තිබේ. මේ වන විට රජයේ රෝහල් වලින් ගැහැණු පිරිමි බවටත්, පිරිමි ගැහැණු බවටත් පත් කෙරෙන සහතිකයක් ලබාදීම ද ආරම්භ වී ඇත්තේ ඒ අනුවය. මාස 6 ක කාලයක් ඕනෑම රජයේ රෝහලක මානසික වෛද්‍ය ඒකකයේ ලියාපදිංචි වී සිටීමෙන් පසුව කැමැති පුද්ගලයකුට මෙම සහතිකය ලබා ගැනීමේ හැකියාව දැන් හිමි වී තිබේ. මේ පිළිබඳව අප වෙත කරුණු පැහැදිලි කළ, නම හෙළි කිරීමට අකමැති වූ රජයේ රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු පවසා සිටියේ,

“සහතිකය ගන්න තියෙන එකම සුදුසුකම තමයි, තමන්ට තමන් විරුද්ධ ලිංගිකයකු වශයෙන් හැඟීම. ඒ කියන්නෙ අපි හිතමු අවුරුදු 40 ක පිරිමියෙකුට ඒ වයසෙදි හිතෙන්න ගන්නවා තමන් පිරිමියෙක් නෙමෙයි, ගැහැනියෙක් කියලා. අන්න එතකොට රජයේ රෝහලක ලියාපදිංචි වෙලා මාස 6 ක් ගියාට පස්සෙ සහතිකයක් ලැබෙනවා ඒ පිරිමියා ගැහැනියක් කියලා. ඊට පස්සේ එයාට පුළුවන් මේ සහතිකය ඉදිරිපත් කරලා උප්පැන්න සහතිකයයි, ජාතික හැඳුනුම්පතයි වෙනස් කර ගන්න. මේ එක සහතිකයෙන් පුළුවන් ගැහැනියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගැහනියෙක් කරන්නත්…”

යනුවෙනි.

ජනප්‍රිය පුවත්  වටගල ට සැපේ සැප!

මෙම වාර්තාව සමග අදාළ සහතිකයේ ඡායාරූප ද අප අන්තර්ගත කර තිබේ.

සමාජයීය සංක්‍රාන්තිකරණය (Social Transitioning) සිදු කිරීම මේ මගින් සිදු කෙරේ. එය නෛතික සංක්‍රාන්තිකරණය (Legal Transitioning) යනුවෙන් ද හඳුන්වනු ලබයි. ඉන් අනතුරුව හඳුන්වා දෙනු ලබන්නේ වෛද්‍යමය සංක්‍රාන්තිකරණය (Medical Transitioning) යි. තම උප්පැන්න සහතිකය හා වෙනත් අනන්‍යතා ලේඛන මගින් පිරිමියකු ගැහැනියකු බවටත්, ගැහැනියකු පිරිමියකු බවටත් පිළිගත් විට ගැහැනු සහ පිරිමි වශයෙන් වෙන් කොට ඇති විවිධ සමාජයීය අවස්ථාවන්ට ඉදිරිපත් වීමට මෙකී විකෘති අනන්‍යතා හිමිකරුවන්ට අවස්ථාව උදා වේ.

ජනාධිපති අනුර කුමාර ජයග්‍රහණය කරන ලද ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 77 සහ 78 පිටුවල දෙවැනි මාතෘකාවේ තුන්වෙනි උප මාතෘකා යටතේ (නිදහස් ස්ත්‍රී – පුරුෂ සමාජභාවයක් – සාධාරණ මිනිස් අනන්‍යතාවයක් නමින්) සඳහන් කර ඇත්තේ මෙම සුළුතර ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය කරනු ලබන බවයි. දැන් සියල්ල සිදුවෙමින් ඇත්තේ ඒ අනුව බව පැහැදිලි වේ.

Underground විශේෂ වාර්තාකරු

Subscribe
Notify of
guest
20 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Saliya Vithanage
Saliya Vithanage
1 month ago

Kalakanni anduwak

Sepal Rathnayake
Sepal Rathnayake
1 month ago

අපේ දරුවෝ පලි නෑනේ

Shehan Balapitiya
Shehan Balapitiya
1 month ago

එකම ඇජෙන්ඩා එකකට තමයි ඔය ඔක්කොම වෙන්නෙ

Udara Ranathunge
Udara Ranathunge
1 month ago

පච ආණ්ඩුවේ ඇජෙන්ඩා එක තමයි ඉතිං

Priyan Kalkara
Priyan Kalkara
1 month ago

මේවට විරුද්ධව පාරට බහින්න වරෙල්ලා

Rehan Mudalige
Rehan Mudalige
1 month ago
Reply to  Priyan Kalkara

Mamath ready

Sujan Perera
Sujan Perera
1 month ago

නෙදකින් විතරක් වටවලයා. පරගැති ආණ්ඩුවක් ආවම ඔහොම දේවල් වෙන එක අහන්නත් දෙයක්ද?

නාලක ඉලෙප්පෙරුම
නාලක ඉලෙප්පෙරුම
1 month ago

බැරිම තැන වටවලයා ඇඩ් එක අයින් කරගෙන. මේකෙ වීඩියෝව දාලා තියෙන එක වටිනවා

Rukmal Premajayantha
Rukmal Premajayantha
1 month ago

දැන් අයින් කළාය ඇති වැඩේ මොකක්ද බං

Anusha Wijerathne
Anusha Wijerathne
1 month ago

මේ වගේ ලිපි දිගටම දාන්න. සමාජයට ගොඩාක් වටිනවා.

Sepalika Amarabandu
Sepalika Amarabandu
1 month ago

මේ ගැන පැහැදිලි කළාට Thanks Underhround News

Sunanda Perera
Sunanda Perera
1 month ago

තේරෙන්නම ලියලා තියෙනවා. මමත් මේ නිව්ස් එක මගේ ෆේස්බුක් එකේ ශෙයාර් කළා.

Prageeth Ariyadasa
Prageeth Ariyadasa
1 month ago

අපේ අනාගත පරපුරේ කොදු බිදින්න ඔය හදන්නෙ.

Nayomi Abenayake
Nayomi Abenayake
1 month ago

ඔව් ආණ්ඩුවට ඕනා එක කරන්න

Naveen Ekanayake
Naveen Ekanayake
1 month ago

පුනරුදය දෝරෙ ගලනවා. හික්ස්.

Dulangani Priyanwada
Dulangani Priyanwada
1 month ago

Sira kathawa

Sam Zoysa
Sam Zoysa
1 month ago

යහපාලන ආණ්ඩුවේ ඔරිජිනල් වර්සන් එක ඊනියා පුනරුද ආණ්ඩුව කියන්නෙ.

Harshana Namal
Harshana Namal
1 month ago
Reply to  Sam Zoysa

රෙද්දෙ යහපාලනය ගෙනාවෙත් අනුරලා එකතු වෙලානෙ. මුන් උපතින්ම විජාතිකයෝ

Rukmal Premajayantha
Rukmal Premajayantha
1 month ago

අපිත් මුන්ගෙ පච වලට අහුවෙලා උදෙන්ම ගිහින් ගැහුවා මාලිමාවට. අපේ ළමයින්ගේ ඔළු කන්න ආවොත් අන්න එදාට තමයි ලොකුම අරගලය එන්නෙ.

Rashmi Sriyalatha
Rashmi Sriyalatha
1 month ago

වටවලයා දැන් ඇඩ් එක අයින් කරගෙන. මුන්ට ඕක කරද්දි තේරුනේ නැද්ද ඔය ඇඩ් එක අවුල් කියලා.

20
0
Would love your thoughts, please comment.x
()
x