June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අල්ලස් කොමිසමේ D.G. ජෙප්පෙක්! නන්දන කියයි

1 min read

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ස්වාධීන අයකු නොවන බවත්, ඔහු ජ.වි.පෙ. සාමාජිකයකු බවත් එම පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයක් වූ නන්දන ගුණතිලක පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සිදුකරන ලද දේශපාලන සංවාදයකදී ය.

අදාල කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජ.වි.පෙ. නීති කමිටුවේ සාමාජිකයකු බව ගුණතිලක මහතා අනාවරණය කළේය. එම නිති කමිටුව දේශපාලන මණ්ඩලය වෙනුවෙන් කැඳවනු ලැබුවේ තමන් විසින් බව ද ඔහු එහිදී පිළිගනු ලැබූවේ ය.

මෙම නීති කමිටුවේ මූලිකයා වූයේ වත්මන් පොලීසිය බාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල බවත්, රංග දිසානායක එම කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවත් නන්දන ගුණතිලක මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

”මෙම කමිටුවේ අත්සන් ලේඛනය මා ගාව තියෙනවා. පුළුවන්නම් නඩු යන්න. ස්වාධීන ආයතනයකට දාලා ති‌යෙන්නේ ජ.වි.පෙ. සාමාජිකයෙක්. ශානි, රවී, රංග ඔක්කොම දේශපාලන පත්වීම්.” යනුවෙන්, නන්දන ගුණතිලක මහතා අවධාරණය කළේය.

විනීතා ජයසිංහ underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x