July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 min read

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (16) පස්වරු 6.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (17) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.

ඒ අනුව, නැගෙනහිර පළාත සහ මුලතිව්, වවුනියාව, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව සඳහන් කරයි.

ඒ අනුව, එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, දිගු වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකීම, සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම සහ වයෝවෘද්ධ පුද්ගලයන්, කුඩා දරුවන් හා රෝගීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x