July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාරයේ ගැටුම් ඇති වුණේ කලින් ආණ්ඩු කරපුු වැරැදි නිසා !

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දරුණු ගැටුම, බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව ඇති වූවක් නොව, එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි දෙකක් අතර ඇති වූවක් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙම ගැටුම සහ ඉන් අනතුරුව ඇති වූ තත්ත්වය පාලනය කිරීමට ගත් පියවර පිළිබඳව අමාත්‍යවරයා සවිස්තරාත්මක වාර්තාවක් සභාවට ඉදිරිපත් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි, ගැටුම ප්‍රථමයෙන් ආරම්භ වී ඇත්තේ ජූලි මස 05 වනදා පෙරවරු 11:00ට පමණ රැඳවුවන් කණ්ඩායම් දෙකක් අතරය. එම අවස්ථාවේදී සිදු වූ පහරදීම්වලින් රැඳවුවන් දෙදෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇත. එදින සවස් වන විට තත්ත්වය පාලනය කර රැඳවියන් සන්සුන් කිරීමට නිලධාරීන් සමත් වුවද, පසුදින (06) උදෑසන ආහාර ලබා දෙන අවස්ථාවේදී ඉතාමත් සැලසුම් සහගතව නැවතත් ගැටුම් ආරම්භ වී තිබේ.

මෙම ගැටුම හුදෙක් ආවේගශීලීව ඇති වූවක් නොව, බන්ධනාගාරයේ ආරක්ෂක පද්ධතිය අඩපණ කිරීමේ අරමුණින් සිදු වූවක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

“සංවිධානාත්මක රැඳවුවන් පිරිසක් බන්ධනාගාරය තුළ තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා සී.සී.ටී.වී (CCTV) කැමරා පද්ධතිය සහ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට භාවිත කරන නවීන ශරීර ස්කෑනර් යන්ත්‍ර (Body Scanners) සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට ඇති තාක්ෂණික බාධාවන් ඉවත් කර ගැනීමයි,” යැයි අමාත්‍යවරයා පැවසීය.

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය ගැන අන්තර්කාලීන පාලක මණ්ඩලයෙන් තීරණයක්…!

ගැටුම පාලනය කිරීමට උත්සාහ කළ නිරායුධ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට රැඳවුවන් විසින් ගඩොල් සහ පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, ඔවුන් බේරා ගැනීමට ගිය අනෙකුත් නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල වූ බවත් මෙහිදී අනාවරණය විය.

රැඳවුවන් යකඩ ගේට්ටු කඩාගෙන බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේදී, බන්ධනාගාර ආඥාපනතේ බලතල ප්‍රකාරව ආත්මාරක්ෂාව සහ තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරීන්ට වෙඩි තැබීමට සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ඛේදවාචකයට මූලික වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා පසුගිය රජයන්ට දැඩි ලෙස චෝදනා කළේය.

අධික තදබදය: රැඳවියන් 10,000ක් සඳහා ඉඩ ඇති බන්ධනාගාර පද්ධතිය තුළ 29,000ක් රඳවා තැබීමට තරම් පසුගිය පාලකයින් අදූරදර්ශී වීම.


නීතිමය ප්‍රමාදයන්: 2022 වසරේදී මත්ද්‍රව්‍ය පනතට ගෙන ආ සංශෝධන හේතුවෙන් ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය වසර එකහමාරක් පමණ ප්‍රමාද වීම.


පුරප්පාඩු: රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ බන්ධනාගාර සේවයේ පවතින දහස් ගණනක පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම.


විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිය: පළපුරුදු නිලධාරීන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම නිසා මෙවැනි ගැටුම්කාරී අවස්ථාවන් සමථයකට පත් කිරීමට අවශ්‍ය පරිණත නිලධාරීන්ගේ හිඟයක් ඇති වීම.

ජනප්‍රිය පුවත්  මෙරට සංචාරයට ආ චීන දැරියට ගුවන් යානයේ දී අතවර!


මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවුවන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවුවන් 54 දෙනෙකු තුවාල ලබා ඇත. තත්ත්වය පාලනය කිරීමෙන් පසු ගැටුමට සම්බන්ධ වූ රැඳවුවන් 734 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x