පැලවත්ත සියළු ව්‍යාපාර අතට ගනී !
1 min read
ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර මෙන්ම තවත් ව්‍යාපාරික ජාලයක් හරහා තම මුදල් විශාල ලෙස ආයෝජනය කිරීම මගින් මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාර සියතට ගැනීමේ මෙහෙයුම පැලවත්ත මූලික කොටගත් ජ.වි.පෙ. බලවත්ව පන ගන්වා තිබේ.
පැලවත්තේ මුදල් ආයෝජනය කර ඉෂාර නානායක්කාර හරහා දියත්වෙන නව මත්පැන් සමාගම ද ඒ අතර වන එකක් පමණි. එය ලබන සැප්තැම්බර් වන විට සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. මත්පැන් නිෂ්පාදනය හා ඇසුරුම්කිරීම සඳහා බලය ඇති බලපත්‍රය ඉෂාර නානායක්කාර වෙත ලබාදුන්නේ ද ජනාධිපති අනුර කුමාර විසිනි.
ධම්මික පෙරේරාගේ අයිතිය යටතට මෑතක දී පවරාගනු ලැබූ ලාෆ් ගෑස් සමාගමට, දේශීය වෙළඳපොළට ගෑස් අලෙවිකිරීමේ අති විශාල ඉඩ ලබාදුන්නෙත් අනුර කුමාරගේ ආණ්ඩුවය. එමෙන්ම, ලිට්රෝ ගෑස් සමාගම සිදුව තිබූ හම්බන්තොට ගබඩා සංකීර්ණයේ ගෑස් ගබඩා කරගැනීමේ අවස්ථාව ද ලබාදුන්නේ වත්මන් ආණ්ඩුවය.
පසුගියදා ගෑස් මිලෙහි කරන ලද මිල සංශෝධනයේ දී රජයට අයත් “ලිට්රෝ” ගෑස් මිල රු. 300 කින් පමණක් අඩු කරන විට “ලාෆ්” ගෑස් සමාගම රු. 1,285 කින් මිල අඩුකර ඇත්තේ ද මෙරට ගෑස් වෙළඳපොළ තුළ පවත්නා ලිට්රෝ ගෑස් (රජයේ සමාගම) සතු වෙළඳපොළ ආධිපත්‍ය බිඳදමා එය ලාෆ් ගෑස් සමාගම යටතට ගැනීම සඳහා ය.
මේ අන්දමට සිදුකෙරෙන ව්‍යාපාරික මෙහෙයුම් ගණනාවක තොරතුරු අප වෙත ලැබී තිබේ. ඒ පිළිබඳව වැඩි විස්තර මතු අණාවරණය කරන්නෙමු !
- විශේෂ විමර්ශන ඒකකය –
