ගන්නෙ නෑ කී නිලනිවාස අරන් !
1 min read
කැබිනට් ඇමතිවරුන් 4ක් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 19ක් රජයේ නිල නිවාස භාවිතා කරන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා 2025 ජූනි 25 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් විමසූ ප්‍රශ්නයකට ලබාදුන් ලිඛිත පිළිතුර මගිනි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් හා නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන අය මන්ත්‍රී නිල නිවාස භාවිතා කරමින් සිටින බව පැවසේ.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු ද මාදිවෙල සහ බම්බලපිටිය ප්‍රදේශවල පිහිටි රජයේ නිල නිවාස භාවිත කරන බව එම පිළිතුරේ දැක්වේ.
මෙම අනාවරණයත් සමඟ, “ජනතාවට නැති දේ අපට එපා” යන ප්‍රතිපත්තිය ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයක් මතුව තිබේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස භාවිත කරන නියෝජ්‍ය අමාත්‍යවරු
නාමල් කරුණාරත්න
ආර්. එම්. ජයවර්ධන
වෛද්‍ය නාමල් සුදර්ශන
ජයන්ත ප්‍රියතිස්ස
ගමගේ දිසානායක
ටී. බී. සරත්
නලින් හේවගේ
රත්න ගමගේ
අරුණ හේමචන්ද්‍ර
බම්බලපිටිය ලොරිස් පාරේ පිහිටි රජයේ නිල නිවාස භාවිත කරන නියෝජ්‍ය අමාත්‍යවරු
අරුණ ජයසේකර
ප්‍රසන්න කුමාර ගුණසේන
ජනිත රුවන් කොඩිතුවක්කු
ඉල්යාස් අර්කම්
ඇන්ටන් ජයකොඩි
සුන්දරලිංගම් ප්‍රදීප්
මුදිතා හංසක විජේමුණි
උපාලි සමරසිංහ
රුවන් චමින්ද රණසිංහ
දිනිඳු සමන් කුමාර
