සෙත්ත පෝච්චිය
1 min read
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු තුනක් තිබේ. අභියාචනාධිකරණයේ පුරප්පාඩු 5 ක් තිබේ. මීට පෙර මෙවැනි පුරප්පාඩු ඇති වූ වහාම ඒවා පිරවීම විධායකය විසින් සිදු කර තිබේ. ඒ ’76 වසරක ශාපයට ලක් වූ කාලයේය.
එමෙන්ම, ’76 වසරක ශාපය තුළ අගවිනිසුරු තමන්ගේ හිපාටුවෙක් කරගෙන, ඒ හිපාටුවාව දිගටම තියාගන්නට ඕනෑයයි සිතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යන වයස දීර්ග කරන්නට හිතුවේවත් නැත. එමගින් තමන්ට ගැති හිපාටුවා වැඩි කලක් තියාගෙන තමන්ට උවමනා තීරණ ගන්නා කැන්ගරු උසාවියක් බවට අධිකරණය පත්කරගන්නට ක්‍රියා කළේ ද නැත.
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අජිත් කුමාර ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා නිදොස් කොට නිදහස් වුනේ මේ අධිකරණයෙන් ය. ඒ, දේශපාලන ආඛ්‍යානයකින් තොරව, ලැබී ඇති කරුණු මත තීරණ ගන්නා අධිකරණයක් ’76 වසරක ශාපය ලද කාලයේ පැවති නිසාය. තවත් මෙබඳු උදාහරණ ඕනෑනම් ඇතිපදමට කියන්නට අපට හැකිය.
ප්‍රේමකුමාර ගුණරත්නම් ව්‍යාජ “පාස්පෝට්” එකකින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් දේශපාලනය කළ ද ඔහු කූඨ ලේඛණ හදන ලද්දකු ලෙස වසර 2 කට හෝ වැඩි කාලයකට හිරේ ගියේ ද නැත. ඒ ’76 වසරක ශාපලත් අවධියේ ය.
දැන් ඒ ශාප කාලය නිමා වී උදා වී ඇත්තේ පුනරුද කාලය ය. පුුනරුදය යනු, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු මුලු අධිකරණ පද්ධතියම “සූරපප්පා” මගින් අල්ලේ නැටවීමය. ඒකට “පුරප්පාඩු” පුරවන්නේ නැතුව තියාගෙන සිටීමය. එමගින් අභියාචනාධිකරණයේ විනිසුරන්ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරකු වන්නට උවමනානම් “අපට ඕනෑ තීන්දු දෙනු ! නැත්නම් උසස්වීම නොලබාම ගෙදර යනු ! ” යන විධානය දෙන ක්‍රමය බව නොතේරෙන්නේ කාටද?
අගවිනිසුරු සූරපප්පා දේවගැතිවරයෙක්ය. ඔහු තමන්ගේ ගජයන් වෙනුවෙන් යාඥා කරන අන්දම දැන් හැමෝම දැක තිබේ. උපතින් බෞද්ධයකු වූ සූරපප්පා “බෝර්න් අගේන්” වූයේ ඉහළට යාමේ ආශාව මතය. ඔහු සිතුවේ එසේ වූ විට බුදුන්වහන්සේට බැරි දේවල්, “බෝර්න් අගේන්” දෙවියන්වහන්සේට ලබා දිය හැකි බවය. එබඳු මන්දමානසික එරියස්කාරයෙකු ගැලපෙන්නේ අනුර කුමාරලාගේම “එරියස් කවර්” කරන පාලනයකටය. ඒ හින්දාා අනුර කුමාරලා වලිකන්නේ මන්දමානසික සූරපප්පා දිගටම තියාගෙන “ගේම” ගහන්නටය.
අධිකරණය සතු බලය ඇත්තේ ජනතාව සතුවය. ජනතාවගේ පරිමාධිපත්‍ය බලය තුළින් උපදින අධිකරණ බලය ජනතාව දෙන්නේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව කරන්නේ තමන් ලද එම ජනතා බලය ප්‍රකාරව අධිකරණයට බලය දීමය. ඒ, ව්‍යවස්ථා නීති අන පනත් සම්මත කිරීම මගින්ය.
එසේ ඇති කරන ලද අධිකරණය විධායකයේ අණසකට අවනත වීම, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා වීම ද? නැත. දැන් වෙන්නේ ඒකය.
ජනාධිපති අනුර කුමාරට රට ආර්ථික වශයෙන් ගොඩගන්නා හැටි පෙන්වන්නට විදිහක් නැත. “ක්ලීන් ශ්‍රී ලංකා” කියා පටන්ගත්ත මලහත්ඉලව්වද කෙළවර වී ඇත්තේ එක දවසකට ඩෙංගු රෝගීන් 1000 ක් නිපදවාය. මහා භාණ්ඩාගාරය හැකරුන් ලවා “ක්ලීන්” කිරීම හැර වෙන මොන මගුලක්වත් සිදුවන්නේ නැත.
ධනාත්මක කිසිම දෙයක් පෙන්වන්නට නැති ජනාධිපති අනුර කරන්නේ “හොරු අල්ලනවා” යන චුන් එක රටට දීමය. ඒත්, ඒ “චූන්” එකට යන්න පුළුවන් දුර ඉතාම සීමිතය.
ගෝඨාභයගේ අර්බුදය සමයේ මිනිස්සු අතේ සල්ලි තිබුණත්, ඉන්ධන ගෑස් ගෙනල්ලා දෙන්නට ආණ්ඩුවට ඩොලර් තිබුණේ නැත. ඒ නිසා සල්ලි අතේ තිබුන මිනිසුන්ට මල පැන්නේය. දැන් වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්ය.
දැන් මිනිස්සු අතේ සල්ලි නැත. හැමෝම ජීවත් වෙන්නේ පට්ට අමාරුවෙන්ය. ආණ්ඩුව අතෙත් සල්ලි නැත. ඒ නිසා ආණ්ඩුව කරන්නේ සල්ලි ඇතැයි කියා හිතන හැම මිනිහෙකුවම මරාගෙන කෑමය. හූරන්න පුළුවන් උපරිමයටත් වඩා එහාට ගිහින් හූරගෙන කෑමය. දැන් හෑම මිනිහකුටම පාහේ ජීවත්වන්නේ ගින්දර ගොඩක් උඩය. තම ත්‍රීවිලරයට ගිනි තබා කෝච්චියට පැන දිවිනසා ගත් මිනිසා කියා පාන්නේ ඒ දුකය.
“කොවිඩ්” ආපදාවෙන් පසු ලංකාවේ මිනිස්සු තමන් සන්තකයේ ඇති රත්තරන් උගස් තබා ජීවිතය අටවාගෙන යාම වැඩි වූයේය. මේ වන විට දවසට කෝටි 180 – 200 අතර රත්තරන් බඩු බැංකු වලට උගස් තියන්නේ මේ රටේ ජනතාවය. ආණ්ඩුව ඒකට ද අමුතුම බද්දක් ගැසීමෙන් දැන් ඒ මිනිස්සුද ඉන්නේ නන්නත්තාර වෙලාය.
දැන් අපනයනකරුවන්ටද අලුත් නීති දමලාය. උන් ද බැංකු ද ඉන්නේ පට්ට අමාරුවේ වැටිලාය. මේ තියෙන පිරිවැය අනුව ව්‍යාපාර හා කර්මාන්ත දැන් ඉන්නේ පතුලටම වැටෙමින්ය. නැත්නම් වැටිලාය. තව මාස දෙක තුනක් යන විට මධ්‍යම පංතියක් ලංකාවේ ඉතිරි වනු ඇතැයි සිතිය නොහැකිය.
රට යමින් තිබෙන්නේ පිපිරෙන ගිනි කන්දක් දෙසටය. ජනාධිපති අනුර සිතා සිටින්නේ උසාවියෙන් ඔක්කොම කරගන්නටය. එහෙත් උසාවියෙන් ගිනිකන්ද පිපිරීම වළකනු ඇතැයි සිතීමම ගොං කමක්ය.
ඉදිරියට උදාවන්නේ (මාස 2-3 කින් හෝ 3-4 කින්) මිනිස්සුන්ට ද සල්ලි නැති ආණ්ඩුවට ද සල්ලි නැති කාලයක්ය. එහෙම කාලය මීට පෙර අපට මුණ ගැසී නැත. එහෙම කාලයක මීට පෙර අප නොදුටු බොහෝ දේ සිදුවිය හැකිය. “සූරපප්පලා” සිතිය යුත්තේ ඒ ගැනය. පරමාධිපත්‍ය බලය හිමි ජනතාව එක එකා මාර්ගයෙන් තම පරමාදිපත්‍ය බලය තුළින් උපදින විධායක බලය, ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය ක්‍රියාත්මක කරනවා වෙනුවට තමන්ට ඒ ත්‍රිවිද බලය ක්‍රියාත්මක කරන්නට ඉඩ තිබෙන තත්වයක් දැන් මෝරා යමින් ඇත. ජනාධිපති අනුර ද සූරපප්ප ද සෙසු සියල්ලන් ද මේක තේරුම් නොගත්තොත් සෙත්ත පෝච්චිය.