June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ණය වී ගෙවන ණය..

1 min read

අනුරගෙ ආණ්ඩුව 2026 වසරේ පලමු කාර්තුවේදී ඩොලර් බිලියන 08 ක ණයක් ගෙව්වාද…?
ඔව්.. කෙටියෙන්ම කිව්වොත් ගෙව්වා..

හැබැයි මේ ණය ගෙව්වෙ කොහොමද කියලා දැනගන්න මේ සටහන අවසානය දක්වා කියවන්න.. ආස හිතෙයි..

ශ්‍රී ලංකා රජය 2026 වසරේ පළමු කාර්තුව (ජනවාරි – මාර්තු) තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 කට අධික (ඩොලර් මිලියන 8,094 ක) ණය ගෙවලා තියෙනවා.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (Public Debt Management Office) මඟින් නිකුත් කරන ලද 2026 පළමු කාර්තුවට අදාළ නිල ණය සංඛ්‍යාලේඛන වාර්තාවල (Statistical Debt Bulletin) මේ බව තහවුරු කරලා තියෙනවා

ශ්‍රී ලංකාව මෙම ඩොලර් බිලියන 8 ක මුදල ගෙවා දැමූ ආකාරය සහ එහි ව්‍යුහය පහත පරිදි වෙනවා..,

🔴 දේශීය ණය වගකීම් (Domestic Obligations): ඩොලර් බිලියන 7.56 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 7,565 ක්).

🔴 විදේශීය ණය (External Creditors): ඩොලර් මිලියන 530 ක්.

ඩොලර් වලින් ගෙව්වා යැයි පැවසුවද දේශිය ණය ගෙවා ඇත්තෙ රුපියල් වලිනි…

🔴 එනම් ඩොලර් බිලියන 08 කින් ගෙව්වා යැයි පැවසුවද එයින් 94.5% ක්ම රුපියල්ය.

ජනප්‍රිය පුවත්  වෛද්‍යවරයකුගේ හදවත!

ශ්‍රී ලංකාවේ දේශීයව ගෙවීමට තිබූ ඇතැම් ණය රුපියල් වලින් පියවා, එය ඩොලර් වලින් ගෙවූ බව ප්‍රකාශ කරන්නේ ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBs) සහ බැංකුවල විදේශ විනිමය ඒකක (FCBU) හරහා ලබාගෙන තිබූ ණය ප්‍රතිව්‍යුහගතකරණය (Domestic Debt Optimisation) සිදුකළ ආකාරය නිසාය

🔴 සත්‍යය වශයෙන්ම ඩොලර් වලින් ගෙවා ඇත්තෙ මිලියන 530 ක් පමණි..

◼️ මේ ණය ගෙව්වෙ මිනිරන් ග්‍රැෆයිට් කරලාද…? එහෙමත් නැත්නම් මුහුදු වතුර සල්ෆියුරික් කරලාද..?

එහෙමත් නැත්නම් මේ ණය ගෙව්වෙ කෝලිකුට්ටු ගෙඩිය නැට්ට හයියට හදලා එක්ස්පෝර්ට් කරලාද…?

◼️ එහෙමත් නැත්නම් තඹුත්තේගම තනි සිග්නල් කණුව යට රංබණ්ඩාගෙ පුතා ගෙදරින් ගෙනල්ලාද..?

◼️ එහෙමත් නැත්නම් දේශීය නිෂ්පාදනය සහ අපනයන ඉහළ නැංවීමෙන්ද..? (Production & Exports)

◼️ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන්ද..? (Foreign Direct Investment – FDI)

◼️ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමෙන්ද ..?(Human Capital)

🔴 නැත… මෙම ණය ගෙවනු ලැබුවෙ තවත් ණය ගැනීමෙනි..

මේ සඳහා දේශීය සුරැකුම්පත් වෙළඳපොළ හරහා ඩොලර් බිලියන 6.24 ක ණය රැගෙන ඇත.

එනම් දේශීය සුරැකුම්පත් (Treasury Bills සහ Treasury Bonds) හරහාය. (මෙම ක්‍රියාවලිය “ණය ප්‍රතිමූල්‍යකරණය” (Debt Refinancing / Rollover) ලෙස හඳුන්වනු ලබයි)
මෙය තනිකරම ” ඇස්බැන්දුමකි..”..

ජනප්‍රිය පුවත්  නොරොච්චෝලේ ‘ගල් අඟුරු’ මගඩිය: බාල ගල් අඟුරු වලට බිලියන 10ක් ගෙවා රට අඳුරට ඇද දැමූ මහා පාවාදීම

රජය විසින් ලබාගත් නව දේශීය ණය ප්‍රමාණයට (ඩොලර් බිලියන 6.14) වඩා වැඩි මුදලක් (ඩොලර් බිලියන 7.56 ක්) දේශීය ණය වෙනුවෙන් ගෙවා දමා ඇත. එම අතිරික්තය පියවා ඇත්තේ රාජ්‍ය බදු හරහා උපයාගත් දේශීය ආදායම් මඟිනි.

බදු හැර රටක රටක ආර්ථික වර්ධනයක් කරා ගෙන යන කිසිදු නව සංවර්ධන කටයුත්තක් සිදුව නැත..

රාජ්‍ය බදු හරහා උපයා ගත් දේශිය බදු යනු ගිණි පෙට්ටියෙ සිට වාහන ආනයනයෙන් පවා ගැසු බදු මෙන්ම ඔබෙන් බෙල්ල මිරිකා ලබා ගත් උපයන විට ගෙවු බදුය.

අනුර කියූ පරිදි ඔහු මේ ණය අරගත්තෙ 2040 දි ගෙවන්නද..?

නැත… සුරැකුම්පත් විකුණා ලබාගත් භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම ඩොලර් බිලියන 3.84 කි. එහි උපරිම ණය කාලසීමාව වසරකි.

ණය අරගෙන ණය ගෙවන්නට ආණ්ඩුවක් ඕන දැයි අසන්නට අද විපක්ෂයෙ අනුර කුමාර දිසානායක නැතිවීම රටක් විදිහට අප ලද අවාසනාවකි .

2029 පසු අනුර විපක්ෂයට ආ පසු ණය ගැනීමෙන් අද උපදින දරුවා පවා ණය වෙන අයුරුත් ණය ගැනීමෙන් රටකට සිදුවන අයහපත් දෑ පිළිබඳව හරබර දේශණයක් කරනු ඇත.

ජනප්‍රිය පුවත්  ටිං ටිං ගේ කතා වස්තුව - අවසන් කොටස

නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x