June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නටත් අයෙක් බලේ මතින්

1 min read

පහුගිය කාල සීමාව පුරාවටම ස්වාධීන රූපවාහිනිය තමන්ගේ ටෙලි නාට්‍ය ඔස්සේ ලාංකික මැද පන්තියට කතා කළා.
විශේෂයෙන්ම තරුණ, තරුණියන් කැමති පන්නයේ, තේමාවේ ඉඳලා, රඟපෑම් සහ කලර් ග්‍රේඩිං දක්වාම ඔවුන් කැමති ආකාරයේ ටෙලිනාට්‍ය විකාශය කළා.
එම නිසා ස්වාධීන රූපවාහිනිය ඒ රසික පිරිස අතර ජනප්‍රිය වුණා.
කූඹියො ඉඳලා, තණමල්විල කොල්ලෙක්, සහෝදරයා දක්වාම නාට්‍ය දේශපාලනය කුමක් වුනත් පහුගිය ආණ්ඩු කාලයේ ITN එකේ විකාශය වුණා.
ඒවා ලාංකේය මැද පන්තිය බැලුවා. විචාර ලිව්වා. ITN තිබුණේ එහෙම තැනක.
මේ ලඟදි අපි දකිනවා දැන් වෛරල් වෙන ඒ පන්නයේම ටෙලි නාට්‍යයක්.
නම ‘නටත් අයෙක් සුරාමතින්’. පුදුමයට කරුණ මේ නාට්‍යය විකාශය වෙන්නේ ITN එකේ නෙවෙයි, ස්වර්ණවාහිනියේ.
මේ ITN පන්නයේ නාට්‍යයක්.
දන්නවද වෙලා තියෙන දේ ?
මේ නාට්‍යයේ නිෂ්පාදකයො මුලින්ම මේ නාට්‍යය ගේන්නේ ITN එකට.
ITN එකේ පරීක්ෂණ මණ්ඩලයෙන් (එහි බහුතරය ජවිපෙ ක්‍රියාකාරිකයො) ඉහළින්ම නාට්‍ය සමත් වෙනවා.
ඒ අතරේ තවත් නාට්‍යයක් ITN එකට අරන් එනවා.
ඒ නාට්‍ය ITN වයිබ් එකේ නාට්‍යයක් නෙවෙයි.
කතා තේමාව, සංස්කරණය, අධ්‍යක්ෂණය අවලස්සනයි. කොටින්ම රංජන්ගේ ෆිල්ම් එකක් වගේ අවර ගණයේ ‘ගොන් ආතල්’ පිරිලා.
කොටින්ම කලර් ග්‍රේඩිං වලින් පවා අර මැද පන්තිය කැමති පන්නයේ නාට්‍යයක් නෙවෙයි.
ඉතින් මේ නාට්‍යයට ITN පරීක්ෂණ මණ්ඩලය කැමති වන්නේ නැහැ.
නමුත් මේ නාට්‍යයේ නිෂ්පාදකවරයා ජනාධිපතිවරයාගේ පුද්ගලික මිතුරෙක් සහ දේශපාලනික හෙංචයියෙක්.
ඔහු තමන්ගේ බලය සහ සම්බන්ධතා පාවිච්චි කරලා ITN එකේ ඉහළම පුටු වලට කෝල් කිහිපයක් ගන්නවා.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ITN එකට ඇමතුම් එනවා.
ඔහුගේ නාට්‍යය පරීක්ෂණයෙන් සමත් වෙනවා.
දැන් එය විකාශය වෙනවා.
‘ස්ලොට්’ එකක් නොලැබෙන ‘නටත් අයෙක් සුරාමතින්’ ස්වර්ණවාහිනියට යනවා.
ජනාධිපතිවරයාගේ යාලුවාගේ ‘ගොන් ආතල්’ නාට්‍යය ජුනි පළවෙනිදා ඉඳලා ITN එකේ විකාශය වෙනවා.
ඒ නාට්‍යයේ නම – දෙයියන්ගේම පිහිටයි.
විකාශය වෙන්නේ සතියේ දිනවල රාත්‍රී හතයි තිහට ස්වාධීන රූපවාහිනියේ.
එහි අධ්‍යක්ෂකවරයා… සුදත්ත තිලකසිරි.
කළින් ආණ්ඩු තිබුණු කාල වල ITN එකේ කූඹියො විකාශය වුණා.
JVP ජගත් මණුවර්ණගේ තණමල්විල කොල්ලෙක් රාජ්‍ය නාළිකා වල විකාශය වුණා.
කොටින්ම JVP එකට කඩේ යන සහෝදරයා විකාශය වුණා.
ජවිපෙ ප්‍රධානතම කලාකාරයා නාමල් ජයසිංහගේ නාට්‍ය පවා ITN විකාශය වුණා.
නමුත් JVP ආණ්ඩු කාලේ ඊනියා කලාකරුවන්ගේ ‘නටත් අයෙක් සුරාමතින්’ ITN විකාශය වෙන්නෙ නැහැ.
ගැමියන් සහ ගංකඹරයන් උදෙසා කතා කරන ආණ්ඩුවේ හොරනෑව සහ ජනාධිපතිවරයාගේ දකුණු අත සුදත්ත තිලකසිරිගේ නාට්‍ය විකාශය වෙනවා.
මේවා කලාත්මක අරමුණු වලට වඩා නිළියො එක්ක නිදාගන්න, කීයක් හරි හොයාගන්න අරමුණු වලින් කෙරෙන වැඩ.
හැබැයි දැන් ITN විකාශය වෙන්නේ ඒවා.
පුනරුදය සැපද ? ඇත්තටම මේ රටේ මජර දේශපාලන සංස්කෘතියේ හිමිකරුවන් කවුද කියලා පැහැදිලිද?

ජනප්‍රිය පුවත්  කොහොමද ගැහිල්ල ?

~Sachin Rathwatte

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x