June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොල්ෂෙවිකයන්ගේ බුල් කෙලීම

1 min read

ජ.වි.පෙ. ට ක්‍රමයක් තිබේ. ඒ, බොල්ෂෙවික් සංවිධාන ක්‍රමය ය. ඒ ගැන මේ රටේ බොහෝ දෙනා දන්නේ නැත. මුල දී තිබූ අන්දමේම එවැනි බොල්ෂෙවික් සංවිධාන ප්‍රතිපත්තියක් දැන් ජ.වි.පෙ. සතුව නැතත්, එයින් ඇති වූ පුරුද්දේ ආභාෂය තවමත් එය සතුව ඇත.

මේ සංවිධාන ක්‍රමය අනුව සියළු තීරණ ගත යුත්තේ සංවිධානය තුළ ය. එය රැස් වන්නේ මසකට එක් වරක් විය හැකිය. එහෙත් එය රැස්වන තුරු වලංගු වන්නේ ඊට පෙර රැස් වූ සංවිධානය විසින් ගත් තීරණ පරිදි ක්‍රියාත්මකවීම ය. එම ගනු ලැබූ තීරණයට පටහැනි හෝ ඉක්මවා යන තීරණයක් කිසිවකු ක්‍රියාත්මක කරන ලද හොත් ඔහුට හෝ ඇයට සිදු වන්නේ සහෝදරාත්මකව විවේචනයට ලක් වීමටය. එම විවේචන ප්‍රබල හෝ සුමට වන්නේ ඔහු හෝ ඇය පිළිබඳව ඉහළ සහෝදරයාට ඇති “ඇරියස්” අනුව ය.

මේ ආකාරයේ ක්‍රමවේදයකට ජ.වි.පෙ. වඩාත් නැඹුරු වූයේ තහනම් දේශපාලනයක යෙදෙන කල ය. තහනම් කාලයක දේශපාලනය කිරීම මර්දනය සමග කරන සෙල්ලමක් ය. එබැවින්, එම දේශපාලන භාවිතයට දැඩි විනයක් තිබිය යුතුය. තහනමින් අනතුරුව, මැතිවරණ දේශපාලනයට ජ.වි.පෙ. මේ ක්‍රමය රැගෙන ආවේය. එමගින් වූයේ ජ.වි.පෙ. දෙමුහුන් වීමය. එක මුහුණක් බොල්ෂෙවික් ය. තව මුහුණක් මැතිවරණවාදී ජනප්‍රිය දේශපාලනය ය.

බොල්ෂෙවික් මුහුණ බර වන්නේ පක්ෂයේ උවමනාවන් ගැන ය. පක්ෂයේ සංවිධාන හා න්‍යායික ප්‍රතිපත්ති රැක ගැනීම ගැන ය. අතීත ජාත්‍යන්තර විප්ලවවාදී වාම සාහිත්‍යයේ චරිත තමන්ට ආරූඩ කරගෙන ඒවායේ ජීවත් වීමට මේ බොල්ෂෙවිකයෝ වඩාත් ආශා කරති.

ජනප්‍රිය පුවත්  නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

බහුජන දේශපාලනයේ යෙදෙන මැතිවරණවලට තරග වදින ජනප්‍රිය දේශපාලන ක්‍රියාධරයන්ගෙන් ඇතැමෙකු උපත ලබා ඇත්තේ ඒ බොල්ෂෙවික් ගර්භාෂයෙන් ය. මැතිවරණවාදී ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන, බොල්ෂෙවික් ගර්භාෂයෙන් උපත නොලද උදවිය ද ඒ අතර ඇත්තේ ය. කොහොම නමුත් ජ.වි.පෙ. මුහුණ දෙන අභ්‍යන්තර වියවුල උපත ලබන්නේ මේ දෙමුහුන්භාවය තුළය.

මැතිවරණවාදී ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන වුන්, බොල්ෂෙවිකයන්ගේ පරමාදර්ශී මනෝ ලෝකයට බොහෝ විට නොගැලපේ. මේ නිසා සිදුවන්නේ, බොල්ෂෙවිකයන් විසින් මැතිවරණවාදී ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන්නන් පිළිබඳව සැකයෙන් බැලීමය. බොල්ෂෙවිකයන්ට අනුව ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන වුන් ඕනෑම අවස්ථාවක දිය වී වැහැරී යා හැකිය. එබැවින් බොල්ෂෙවිකයෝ කරනුයේ, එම ජනප්‍රිය දේශපාලනයේ යෙදෙනවුන් ගැන ඔත්තු බැලීම ය. වර්තමාන ජ.වි.පෙ. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මේ බොල්ෂෙවිකයෝ කීප දෙනෙක් රඳවා ඇත්තේ ඒ වැඩේට ය.

උදාහරණයක් ලෙස අපට වටගලව ගත හැකිය. වටගල යන්නේ කොහේද, කන්නේ මොනවද, බොන්නේ මොනවද යනාදී සබ්බ සකල මනාවම දන්නේ ටිල්වින් ය. ජනාධිපති අනුර ද ඒ ගැන දන්නේ ය. වටගල සීමාව ඉක්මවා යන්නේයැයි හැගෙන විට, කැඳවන්නේ අප්‍රකට පාලක ලේකම් කලවැල්ගල චන්දාලෝක හිමියන් ඉදිරිපිටට ය. ඒ, බෞද්ධ ධර්මයට අනුව නඩු අසන්නට නොවේ. බොල්ෂෙවික් විනය නීති හා රීති අනුව වටගල කළ දේ, කී දේ, කෑ දේ, බී දේ ගැන ප්‍රශ්න කරන්නට ය. “මාලිමා” ලෙසින් භාහිරට පෙනෙන ජ.වි.පෙ. ආණ්ඩුවේ මැති – ඇමැති බොහෝ දෙනා පසුවන්නේ මෙම වටගලගේ ඉරණමට ලක්වය. අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරට කියා එහි ඇති වෙනසක් නැත.

ජනප්‍රිය පුවත්  ඩිල්කා සමන්මලී අභියෝගතා කුසලානය!

බොල්ෂෙවික් පදයට නටන මැති – ඇමති නැට්ටුවන්ට, රාජ්‍ය පාලනයට අදාල නැටුම නටන්නට නොහැක. ඔවුන්, ස්වභාවයෙන්ම බොල්ෂෙවිකයන්ගේ පදයට නැටිය යුතු නැට්ටුවන් ය. එබැවින් රාජ්‍ය පාලනයේදී ඊට අදාළ නිවැරදි තීරණ කඩිනමින් ගැනීමට මැති – ඇමති නැට්ටුවන්ට හැකියාවක් නැත. මේ නිසා සිදුවන්නේ රාජ්‍ය පාලනය යකාට යාමය. දැන් සිදු වී ඇත්තේ එය ය.

මේ මැති – ඇමතිවරුන්ගේ රියදුරා බොහෝ විට බොල්ෂෙවික් ය. එසේ නොමැති නම් බොල්ෂෙවිකයකුගේ නිර්දේශයක් ය. ඔහු සොයමින් ඉන්නේ තම ස්වාමියාගේ ඕපා දූපය. ඒවා “ඉහළට” සැපයීමෙන් ඔහුට ඇති වැදගත්කම ඉහළ යන්නේ ය. මනුෂ්‍ය නිදහස ඔවුනට වැදගත් නැත.

ඇත්තටම මාලිමා වෙස්ගත් ජ.වි.පෙ. මැති – ඇමතීන් ඉන්නේ “C.C.T.V” කැමරා පද්ධතියකට යටත්ව එහි නිරන්තර ආවේක්ෂණයට ගොදුරුව ය. මේ නිසා එම මැති – ඇමතිවරු බලන්නේ බොල්ෂෙවිකයන්ගෙන් අවුලක් ඇති කර නොගෙන ලැබී ඇති තණතුර පරිස්සමෙන් ආරක්ෂා කර ගැනීමට ය. එවිට, වන්නේ තණතුර බල්ලට යාම ය. තණතුර බල්ලට යන විට රාජ්‍ය පාලනයේ අනතුර වේගයෙන් ඉහල යන්නේ ය.

මේ දෙක අතර ගැටුම අතරතුර තව දෙයක් සිදු වේ. ඒ, අන් කිසිවක් නොව, පැරණි ප්‍රභූ පන්තිය වෙනුවට විප්ලවවාදීන් අතරින් නව ප්‍රභූ පන්තියක් බිහිවීම ය. එයට කියන්නේ නව වාම ප්‍රභූන් කියාය. මේ නව වාම ප්‍රභූන් සමඟ පැරණි ව්‍යාපාරික ප්‍රභූන් ද එක්වන්නේ ය. ධම්මික පෙරේරාලා, ඉෂාර නානායක්කාරලා ඇතුළු සකල ව්‍යාපාරික ප්‍රභූ සමාජය, මේ නව වාම ප්‍රභූන්ගේ ගජ මිතුරන් වන්නේ එලෙස ය.

ජනප්‍රිය පුවත්  පාතාල ප්‍රවර්ධනය

නව වාම ප්‍රභූන්, ස්වභාවයෙන්ම ප්‍රභූන් නොවේ. මේ නිසා එම නව වාම ප්‍රභූන්ව දමනය කර ගැනීමට ඉහත කී ව්‍යාපාරික ප්‍රභූන්ට ඇති අවස්ථාව බොහෝ ය. ස්වභාවයෙන්ම ප්‍රභූ වූවන්, මේ ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය හමුවේ එච්චර පදිරි වන්නේ නැත. එහෙත් නව වාම ප්‍රභූ පැලැන්තිය ධම්මිකලා ද, ඉෂාරලා ද ආදී මෙකී නොකී මේ නව ව්‍යාපාරික ප්‍රභූන් හමුවේ පදිරි වන්නේය. ඩඩ්ලි සිරිසේනලා හමුවේ අනුර කුමාර පදිරි වී සිටින්නේ ඒ නිසා ය.

එක්කෝ ජ.වි.පෙ. එකිනෙකට පරස්පර මේ දෙමුහුන් ස්වභාවය පවත්වාගෙන යාම නතර කළ යුතුය. එසේ කළහොත් නැවත අහිමිවන්නේ මේ ඊනියා බොල්ෂෙවිකයන් ය. එවිට ජ.වි.පෙ. ට දැනට ලාවට හෝ පවතින ආධ්‍යාත්මය අහිමි වන්නේය. ඇත්තටම දැන් ජ.වි.පෙ. සිටින්නේ ඊට ආවේණික ආධ්‍යාත්මය සදහටම අහිමිවීමේ ඉරණමකට ලක්වය. එය තේරුම්ගැනීමේ හෝ විභවයක් අඩු තරමින් කලවැල්ගල චන්ද්‍රාලෝක හිමිටවත් ඇත්තේ නැත. ඉදිරි සංවිධානය රැස් වූ පසු යන බලාපොරොත්තුව පමණක් දැන් ඔහු ජීවත් කරවනු ලබන්නේ ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x