ආර්ථිකය අනතුරේ ! ජනපති සැලේ ! නන්දලාල් ඉවතට ?
1 min read
එක් දිනයක් තුළ රුපියල රුපියල් 12 කින් අවප්‍රමාණය වීම විසින් ආර්ථිකය තුළ ඇති වී තිබෙන බලවත් අනතුරුදායක තත්වය පිළිබඳව වැටහීමෙන් පසුව ජනාධිපතිවරය බලවත් කැළඹීමට පත්ව සිටිතැයි, එම ආරංචි මාර්ග අණාවරණය කරයි.
පත්ව තිබෙන තත්වය හමුවේ වර්තමාන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ එම තණතුරෙන් ඉවත් කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතත්, එය කරන ආකාරය හා ඉන් පසුව එම තණතුරට පත් කරන පුද්ගලයා කවරෙක් ද යන ප්‍රශ්ණය තුළ හිර වි සිටිතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම තත්වයට මුහුණ දීමට තමන් මූලිකව පිහිටුවාගෙන තිබෙන අමාත්‍ය මණ්ඩලය හා ඇතැම් ප්‍රධාන තණතුරුවලට පත් කර ඇති නිලධාරින් කෙරෙහි අසන්තෝෂයට පත්ව සිටින ජනාධිපතිවරයා, වහාම “ජාතික ආණ්ඩුවක්” පිහිටවීමට ඇති හැකියාව ද සොයා බලමින් සිටී. ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එ.ජා.ප. යට ද විවිධ පුද්ගලයන් මාර්ගයෙන් මේ වන විට ආරාධනා කරමින් තිබෙන බව එම පක්ෂ දෙකෙහිම අභ්‍යන්තර ආරංචි මාර්ග අණාවරණය කර සිටී.
ඉදිරි දෙසතිය තුළ නැවත වතාවක්, ඉහළ අගයකින් ඉන්ධන මිල හා විදුලි ගාස්තු ඉහළ දැමීම මගහැර යා නොහැකි බවත්, එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිත ඩො.මි. 700 ක ණය මුදල අහිමිවනු ඇති බවත් ජනාධිපතිවරයා තම සමීප ව්‍යාපාරික මිතුරන් සමග පවසා ඇත. එසේ ඉන්ධන මිල හා විදුලිය ගාස්තු ඉහළ දැමීම මගින් ඇතිවිය හැකි පීඩනය නාගරික ජනතාවගේ මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ද රතු කට්ට පනින්නට හේතුවිය හැකි බැවින් ඊට පෙර විපක්ෂයේ හැකි උපරිම පිරිස එකතු කර ගනිමින් “ජාතික ආණ්ඩුවක්” පිහිටුවීම හැර අන් මඟක් නොමැති බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.
මේ අතර, ජනාධිපති අනුර කුමාර හා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, බිමල් රත්නායක, ජ.වි.පෙ. අප්‍රකට දේශපාලන මණ්ඩල සභිකයකු වන (පාලක ලේකම්) කලවැල්ගල චන්ද්‍රාලෝක හිමි ඇතුළු පිරිසකගේ මතය වී ඇත්තේ තම විරෝධය ද නොතකා ජනාධිපතිවරයා තම තනි මතයට සිදු කරන ලද ඇතැම් පත්වීම් මෙම තත්වය ඇති වීමට තීරණාත්මකව හේතු වී ඇති බවයි. ජනාධිපති ලේකම් නන්දික කුමානායකව එම තණතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ, සිය පක්ෂය තුළින් එන එම පීඩනය සමනය කර ගැනීම පිණිස ය.
ජනාධිපති උපදේශක නීතිඥ ක්‍රිෂාන්ත කුරේ ව රාජ්‍ය පාලනයට හවුල් කරගැනීම පිළිබඳව ද කලවැල්ගල චන්ද්‍රාලෝක හිමි මුල සිටම එරෙහි වී තිබේ. අර්බුදය උස්සන්න වන විට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයාට චෝදනා කර ඇත්තේ, තම කීම පිළිනොගෙන සිදු කරන ලද ක්‍රියා හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බවට යි.
මෙම තත්ත්වය මත, ආණ්ඩුවේ බොහෝ ඇමැතිවරු තම ඡන්ද බලා ප්‍රදේශයන් හි මහජනතාව සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් ද වැළකී සිටීමට මේ වන විට පියවර ගනිමින් සිටී. සෑම ඇමතිවරයෙකුගේම පුද්ගලික කාර්ය මණ්ඩලයට ජ.වි.පෙ. අභ්‍යන්තර ඔත්තු සේවයේ සාමාජිකයන් යොදවා තිබීම පිළිබඳ අසහනය ද මේ වන විට බලවත් ලෙස ඔවුන් අතර කතා බහට ලක්ව ඇත.
රුපියල ඉදිරි දෙසතිය තුළ දරුණු බිඳ වැටීමකට ලක් වීම නියතයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. දැන් එය අවප්‍රමාණය වීම පාලනය කර ගත හැකි සීමාව අභිබවා ගොස් ඇතැයි ඔවුන්ගේ මතය වී තිබේ. මෙම තත්වය තුළ ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියහොත් සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වී ඕස්ට්‍රෙිලියාවේ තම නිවසට යන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ තම සමීපතමයන් සමඟ පවසා ඇත.
වර්ධනය වන ආර්ථික සුළි කුණාටුව ගැන කිසිදු පුරෝකථනයකින් තොරව අඳුරේ අත පත ගාන ආණ්ඩුව සමඟ වන මිත්‍ර සම්බන්ධතා වහාම අත් හැරිය යුතු බව ජනාධිපතිවරයාගේ ගජ මිතුරු ව්‍යාපාරිකයන් තිදෙනකු විසින් පවසා ඇත. බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා ගත් මග යමින් ඔවුන් ද ඉදිරියේදී ආණ්ඩුව සමඟ වන මිත්‍ර සබඳතාව අත්හැරීමට තීරණය කර තිබේ.
- විශේෂ වාර්තාකරු විසිනි –
