January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුටුව මත සිටියදීම වෙඩි ප්‍රහාරයකට ලක් වූ වැලිගම ප්‍රා.ස. සභාපති ජීවිතක්ෂයට

1 min read

අද (22) උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.

පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.

ප්‍රාදේශීය වාර්තාකරු – මාතර

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sena Yatagmpitiya
Sena Yatagmpitiya
2 months ago

punarudaya dore galanawa

පොහොට්ටුවා
පොහොට්ටුවා
2 months ago

අපි දෙන්නම්කෝ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන්

Pasindu Sankajith
Pasindu Sankajith
2 months ago

මෙහෙම මිනී මරණ කාලයක් කොටි ඉන්න කාලෙවත් තිබ්බෙ නැහැ

3
0
Would love your thoughts, please comment.x
()
x