June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊශ්‍රායලය විනාශ කරන්න ඉරානයට අවි දෙන්න සූදානම්! උතුරු කොරියානු නායක කිම් ජොන් අන්

1 min read

මැදපෙරදිග යුද්ධය නව මානයකට ගෙන යමින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සුවිශේෂී ප්‍රකාශයක් කර තිබේ. ඉරානය ඉල්ලීමක් කළහොත් ඊශ්‍රායලයට එරෙහිව භාවිත කිරීමට අවශ්‍ය ඕනෑම මිසයිල තාක්ෂණයක් සහ අවි ආයුධ ලබා දීමට තමන් සූදානම් බව ඔහු පවසා ඇත.

“ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකා දැමීමට එක මිසයිලයක් ප්‍රමාණවත්” යනුවෙන් ඔහු කළ ප්‍රකාශයත් සමඟ බටහිර ලෝකය දැඩි කම්පනයකට පත්ව සිටී.

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ නායකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර උතුරු කොරියාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. කිම් ජොන් අන් පවසන්නේ මෙය ස්වෛරී රාජ්‍යයකට එල්ල වූ “මැර පන්නයේ ” ආක්‍රමණයක් බවයි.

දැනටමත් ඉරානය සහ උතුරු කොරියාව අතර පවතින මිලිටරි සබඳතා ශක්තිමත් වීම නිසා, ඉදිරියේදී උතුරු කොරියානු අධිවේගී මිසයිල ඉරානය හරහා ඊශ්‍රායලයට එල්ල වීමේ බරපතල අවදානමක් පවතී. මෙය තෙවන ලෝක යුද්ධයකට මග පාදන තීරණාත්මක හැරවුමක් ලෙස ආරක්ෂක විශේෂඥයන් හඳුන්වයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x