April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමූස් යළි වසා දමයි!

1 min read

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම තවදුරටත් තහනම් කර ඇති බවත්, අවසරයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවටත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් පර්සියානු බොක්කේ සිටින නෞකාවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රමුඛ පෙළේ නැව් තැරැව්කාර සමාගමක් වන SSY ආයතනය විසින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම කළාපයේ යාත්‍රා කරන නෞකා වෙත රේඩියෝ පණිවිඩ මගින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන් වේ.

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනය නැවත් මෙලෙස නතර කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්වලට ගමන් කිරීමට ඉඩ ලබා දීමය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුබද්ධ Fars පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, අද උදෑසන ඉරානයේ අවසරය ඇතිව තෙල් නැව් දෙකක් ගමන් කළ ද, ඉන් අනතුරුව එම මාර්ගයේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවය.

ජනප්‍රිය පුවත්  ඉරානයේ අලුත්ම ඉලක්කය මෙන්න

‍ෙගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ විශාලතම ප්‍රහාරය මෙය ලෙස සැලකෙන අතර, ඒ හේතුවෙන් කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x