June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුපිරි හෝටල්වලට ‘කුණු කෑම’ සැපයූ ඇස්රියල් මාර්කටින් ගබඩා 4ක් සීල් තබයි! රජයට ලක්ෂ 50ක් දුන් සභාපති ශිරාන් පීරිස් කොටුවූ හැටි

1 min read

දිවයිනේ ප්‍රධාන පෙළේ සුපිරි හෝටල්, ප්‍රකට ආයතන සහ පොදු වෙළෙඳපොළ වෙත විශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය සපයනු ලබන නුගේගොඩ පිහිටි ප්‍රධාන පෙළේ සැපයුම්කාර සමාගමක මහා පරිමාණ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් වටලා තිබේ.

නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින ලේබල් නොමැතිව මෙන්ම, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නැවත ඇසුරුම් කර බෙදාහැරීමේ චෝදනාව මත ‘ඇස්රියල් මාර්කටින් පුද්ගලික සමාගමට’ (Asriel Marketing (Pvt) Ltd) අයත් නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි මහා පරිමාණ ගබඩා සංකීර්ණයක තිබූ ගබඩා 04ක් පසුගිය ජූනි 03 වැනිදා සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම දූෂිත ජාවාරමට සම්බන්ධ අදාළ ව්‍යාපාරික ආයතනයට සහ එහි වගකිවයුත්තන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් අද (ජූනි 05) අධිකරණය හමුවේ නඩු පැවරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

කල් ඉකුත් වූ ද්‍රව්‍ය අලුත් ඇසුරුම්වලට දැමීමේ ‘ලේබල් මාෆියාව’

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අනාවරණය වූ තොරතුරු මෙරට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බරපතළ ගැටලු මතුකරයි.

ජනප්‍රිය පුවත්  රන්වල් බීලා නෑ ලු!

තොරතුරු සැඟවීම: අත්අඩංගුවට ගත් භාණ්ඩ බහුතරයක ඒවා ආනයනය කළේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් කර නොතිබුණි.

දින වකවානු මකා දැමීම: භාණ්ඩවල මුල් ඇසුරුම්වල තිබූ නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු මුළුමනින්ම ඉවත් කර, වෙනත් ව්‍යාජ ඇසුරුම්වලට බහාලීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් මෙම ගබඩා තුළ ක්‍රියාත්මක වී ඇත.

කුණු කෑම ප්‍රවාහනයට සූදානමින්: මෙරට ප්‍රධාන පෙළේ හෝටල් සහ වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා ලේබල් වෙනස් කර සූදානම් කර තිබූ, සැබැවින්ම කල් ඉකුත් වී තිබූ විශාල ආහාර තොගයක් ද මෙහිදී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

හෝටල්වලට දුන් අන්තරායකර ආහාර ලැයිස්තුව

මෙම වටලනු ලැබූ ගබඩා 4 තුළ තිබී සොයාගත්, ප්‍රධාන පෙළේ හෝටල් සහ බේකරි වෙත සැපයීමට නියමිතව තිබූ ආහාර ද්‍රව්‍ය අතර පහත ඒවා වේ:

චීස්, බටර් ඇතුළු කිරි නිෂ්පාදන (Dairy Products)
චොකලට් සහ කොකෝවා කුඩු
ටින් කළ පලතුරු සහ එළවළු වර්ග
විවිධ පැස්‍ටා වර්ග
මස් වර්ග (Meat Items)
බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අනෙකුත් අමුද්‍රව්‍ය රැසක්

ජනප්‍රිය පුවත්  තිලකවර්ධන හා කැන්ඩි හි ලොක්කෝ අත්අඩංගුවට!

පැත්තකින් ජනතාවට වස කැවීම: අනෙක් පැත්තෙන් රජයට ලක්ෂ 50ක ‘ෂෝ ඕෆ්’ පරිත්‍යාගයක්!
මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස සිටින්නේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ශිරාන් පීරිස් (Shiran Peiris) නමැත්තාය. ඔහු ‘ඇස්රියල් මාර්කටින්’ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

මෙහි ඇති වඩාත්ම උපහාසාත්මක සහ විමර්ශනයට ලක්විය යුතු කරුණ නම්, පසුගියදා මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් පිහිටුවන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට මෙම සමාගම විසින් රුපියල් මිලියන 5ක (ලක්ෂ 50ක) මුදලක් පරිත්‍යාග කර තිබීමයි.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සභාපති ශිරාන් පීරිස් විසින් මෙම ලක්ෂ 50 චෙක්පත ප්‍රසිද්ධියේම බාරදෙන අයුරු පසුගිය දිනවල මාධ්‍ය මගින් මහත් ඉහළින් ප්‍රචාරය කර තිබුණි. එක් අතකින් රජයට මිලියන ගණනින් මුදල් දෙමින් තමන් ‘පින්වත් ව්‍යාපාරිකයෙකු’ ලෙස සමාජයට පෙන්වීමට උත්සාහ කර ඇති සභාපතිවරයා, අනෙක් අතින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සහ දේශීය පාරිභෝගිකයින් පරිභෝජනය කරන සුපිරි හෝටල්වලට කල් ඉකුත් වූ ‘කුණු කෑම’ සපයමින් සිටීම සැබැවින්ම පිළිකුල් සහගතය.

ජනප්‍රිය පුවත්  ගම්මන්පිල පනී! හිටියනම් අද අත්අඩංගුවේ?

සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතින අතර, අදාළ ගබඩා පරිශ්‍රයන් දිගින් දිගටම වසා තබා තිබේ.

මේ අතර, පාරිභෝගික අධිකාරිය සහ සෞඛ්‍ය බලධාරීන් සමස්ත මහජනතාවගෙන්, විශාල පරිමාණ ආහාර නිෂ්පාදන ආයතනවලින් මෙන්ම විශේෂයෙන්ම හෝටල් හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී භාණ්ඩවල ලේබලය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ ආනයනකරුගේ නිවැරදි තොරතුරු පිළිබඳව දෙවරක් සොයා බලා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x