සුදාට ගෙල පිළිකාවක්!
1 min read
සුදා යනුවෙන් පෙනී සිටින යූටියුබ්කරුවෙකු වූ සුදත්ත තිලකසිරිට ගෙල පිලිකාවක් වැළඳී ඇතැයි එම පවුලේ ආරංචි මාර්ග සනාථ කරයි. පසුගිය දිනවල නිහඬව සිටි සුදා, මෑතකදී සිය බිරිඳ සමඟ සිදු කරන ලද වැඩසටහනේ දී ද කතා කරන ලද්දේ අපහසුවෙනි.
මෙම ගෙල පිළිකාව ව්‍යාප්ත වී ඇති බැවින් වෛද්‍යවරු විසින් ඊට අදාළ ප්‍රතිකාර ආරම්භ කර තිබේ. මේ ගැන දැනගත් සමාජ මාධ්‍ය පරිශීලකයකු ඒ ගැන සටහන් තබා තිබුණේ මෙසේය.
කර්මය පඩිසන් දෙන කතා මම ඕන තරම් අහලා තියෙනවා.
හැබැයි ඒ තරම් ප්රබලව ඇස් දෙකින් දැකලා නෑ.
නමුත් අද අහපු ප්‍රවෘත්තියකින් කර්මය කොච්චර ප්‍රබලද කියලා අවබෝධ වුණා.
අනුන්ට නිස්කාරනේ මඩ ගහන්නම තමන්ගේ හඬ භාවිතා කරන, යූටියුබ්කාරයෙකුගේ උගුරේ පිළිකාවක් ඇතිවෙලා.
මට අවංකව ඒ ගැන කණගාටුයි. මම හදවතින්ම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
හැබැයි මේ සිදුවීමෙන් තේරුනේ කර්මය කොතරම් ප්‍රබලද කියලා.
ඒ උගුරෙන් කීදෙනෙක් අඬවලා, දුක් දීලා ඇත්ද.
ඒ උගුරෙන් කීදෙනෙක් අපහසුතාවයට පත් කරලා, නිදි නැති රාත්‍රීන් උදා කරලා ඇත්ද.
වරක් ඔහු කරපු අපහාසයක් නිසා, ගැබිණි කාන්තාවකගේ දරුවා පවා ගබ්සා වූ පුවතක් අහන්නට ලැබුණා.
තමන් කරන දේවල් ඒ ආකාරයෙන්ම අනිත් පැත්තට පෙරලෙන හැටි.
