July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්‍ෂනායකව අවදි නොකරනු !

1 min read

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටියේ කෑගල්ල පැත්තේ කවුදෝ එකෙක්ව පැහැරගෙන ගිය‍ා කියලා ය. විපක්‍ෂනායක සජිත් සද්දෙ දැම්මේ නැත.

ඉන්පසු ඒ චෝදනාවටම තවත් නාවික හමුදා හිටපු බුද්ධි ප්‍රධානියෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. විපක්‍ෂනායක සජිත් කටක් ඇරියේවත් නැත.

ඊටත් පස්සේ පාස්කු ප්‍රහාරයට පටලවා ගත්තේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේය. විපක්‍ෂනායක සජිත් ඇහැකොනින්වත් ඒ දෙස බැලුවේ නැත.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බන්දගත්ත විදිය ගැන හොයන්න ඊළඟට අත්අඩංගුවට ගත්තේ වන්නි මානුෂීය මෙහෙයුමේදී නාවික හමුදාවට නායකත්වය දුන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ය. විපක්‍ෂනායක සජිත් කටක් ඇරියේ නැත.

ඊළඟට මේ විෂම චක්‍රය සොයා යනු ඇත්තේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ඩයස් කරා ය. විපක්‍ෂනායක එවිට ද සුව නින්දේ සැතපෙනු නිසැක ය. ඒ සමගම හෝ මදක් ප්‍රමාද වී හෝ මේ ඉරණම ඊළඟට අත් විදිනු ඇත්තේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. අප ගරු විපක්‍ෂනායකතුමානෝගේ සුව නින්ද එයින් ද බිඳෙනු යැයි අපේක්‍ෂා කරන්නට බැරිය. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) චාගි ගාල්ලගේ ද, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද, මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා ද, තව තවත් අය ද සොයා මේ ඉරණම ගමන් කරන බව පැහැදිලිය. ඒ මොනවා වුවත් අප මහා විපක්‍ෂනායක ඇහැරෙන්නට තියා හැරී බලන්නටවත් උත්සාහ කරනු ඇතැයි සිතන්නටවත් බැරිය.

ජනප්‍රිය පුවත්  "ෆක් යූ" ජූඩ් !

ආණ්ඩුව ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව සමග කෑ දීගයට අනුව වැඩේ ලස්සනට සිද්ද වෙන විට, එම ජාත්‍යන්තර කොටි සමඟ නිදිවැද බලය ගන්නට සිතා සිටින සජිත් ප්‍රේමදාස ඒ මෙහෙයුම ගැන ඉන්නේ සද්දෙ වහලා ය.

සජිත් ඒ කිසිවක් දැක්කේ නැත. දකින්නේ ද නැත. ඔහුට ඒ කිසිවක් ඇහුනේ ද නැත. ඇහෙන්නේ ද නැත. ඔහුට මේවා මතක ද නැත. ඒ මතක අනාගතයේ දී හෝ එතැයි සිතන්නට ද බැරිය. දැක්කේ නෑ, ඇහුනෙ නෑ, මතක නෑ යනු විපක්‍ෂනායකවරයා රාජ්‍ය රැක්ක රණවිරුවන් දඩයමට අදාළව රකින තුන්කොන් ශීලය ය. ඔහු සිටින්නේ බන්ධනාගාර බස් රථය එතැනින් හෝ රාජපක්ෂලාගෙන් නතර වනු ඇතැයි කියාය. තමා රැගෙන යාමට ඒ බසය එන දවස වන විට විපක්‍ෂනායක වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවෙක් ඉතිරිව සිටින්නේ ද නැත. ඒ බව නොතේරෙන “උක්කුං බබෙකු” විපක්‍ෂනායක වූ රටක් මේ ගානටවත් බේරී තියෙන එක ලොකු දෙයක් ය.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සමඟ ද සජිත්ට ප්‍රශ්නයක් නැත. ඇත්තේ සුළු සුළු තාක්ෂණික ප්‍රශ්නය. දිට්වා එන්න කලින් සූදානම් නොවීම ගැන ප්‍රශ්නය. එල්නිනෝ ගැන සජිත් තරම් ආණ්ඩුව නොදන්නා එක වගේ ප්‍රශ්න ය. සබ්මැරීන් ගැන සජිත්ට ඇති දැනුම ආණ්ඩුවේ කාටවත් නොමැතිවීම වැනි ගැටළු ය. ඒ හැර වෙන ලොකු ලොකු ප්‍රශ්න සජිත්ට ආණ්ඩුව සමඟ ඇත්තේම නැති ගානය.

ජනප්‍රිය පුවත්  ‘දිත්වා‘ සහ දානය!

මේ තත්ත්වය යටතේ මිනිස්සු කළ යුත්තේ කුමක්ද? විපක්‍ෂනායක සජිත්ට ඉන්න විදියටම ඉන්න දී, ඉන්න නායකත්වයක් සමඟ ආණ්ඩුවේ මේ දුෂ්ඨ වෑයම පරද්දන්නට සටන් කිරීම හැර අන් මගක් රටේ මිනිස්සු හමුවේ ඇත්තේ නැත.

2/3 පාර්ලිමේන්තුවත්, විධායක බලයත්, පොලීසියේ CID යත්, අල්ලස් කොමිෂමත්, ඉහල උසාවි විනිසුරන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම මගින් උසාවියත් ඔක්කොම අතට ගෙන ආණ්ඩුව එන්නේ මොනවගේ ගේමකටදැයි තේරෙන්නේ නැති විපක්‍ෂනායකයෙක් යැවිය යුත්තේ කටුගෙට ය ! මේ එන ව්‍යවස්ථාපිත ඒකාධිපති වියරුවට එරෙහිව නැඟී සිටීමට ප්‍රමාදවීම යනු එය විසින් තමා බිලිගන්නා තෙක් බලා සිටීම ය. අප එසේ විය යුතු නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x