ලෝකයේ කිසිම බෝම්බයකට විනාශ කරන්න බැරි ඉරානයේ රහසිගත න්‍යෂ්ටික නගරය!
1 min read
පිටින් බලද්දී ඉරාන කාන්තාර කියන්නේ නිකන්ම නිකන් ගල් කදු වලින් පිරුණු, වැලි විතරක් තියෙන සාමාන්‍ය ප්‍රදේශයක්. කිසිම විශේෂත්වයක් නෑ. හැබැයි මේ නිහඬ කන්දක් ඇතුළේ, පොළොවෙන් මීටර් 80-90 ක් යටින් ඩොලර් බිලියන 20ක් (සමස්ත වැඩසටහනම ඩොලර් බිලියන 100කට අධිකයි) වියදම් කරලා හදපු අතිදැවැන්ත රහසිගත භූගත නගරයක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? 🇮🇷☢️
ඇමරිකාව ගාව තියෙන ලෝකයේ ප්‍රබලම බංකර් විනාශ කරන බෝම්බයට යන්න පුළුවන් උපරිම ගැඹුර මීටර් 60යි. හැබැයි ඉරානයේ මේ න්‍යෂ්ටික මධ්‍යස්ථානය තියෙන්නේ මීටර් 80කට වඩා යටින්. ඒ කියන්නේ බෝම්බයයි ඉලක්කයයි අතර මීටර් 20ක පරතරයක් තියෙනවා! මේ මීටර් 20ක පරතරය අද මුළු ලෝක දේශපාලනයම වෙනස් කරලා තියෙනවා. කිසිම බෝම්බයකට විනාශ කරන්න බැරි මේ අභිරහස් න්‍යෂ්ටික බංකරය ඇතුළේ තියෙන්නේ මොනවාද කියලා අපි තවත් ගැඹුරින් දැනගමු. ⛰️💣
ඉරානය අවුරුදු 40ක් තිස්සේ තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හැදුවේ හරිම පරිස්සමෙන්. මුලින්ම එයාලා Natanz (නටාන්ස්) කියන මධ්‍යස්ථානය හැදුවේ පොළොවෙන් මීටර් 40-50ක් යටින්. හැබැයි ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ බෝම්බ තාක්ෂණය දියුණු වෙද්දී ඉරානය තේරුම් ගත්තා ඒ ගැඹුර මදි කියලා. 🕳️🛡️
සමීකරණය හරිම සරලයි: “පොළොව උඩ හැදුවොත් බෝම්බ දාලා කොහොමත් කුඩු කරන්න පුළුවන්. හැබැයි මීටර් 80ක් යටින් තනි කළුගලක් අස්සේ හැදුවොත් ලෝකේ කිසිම බෝම්බයකට ඒක විනාශ කරන්න බෑ.” Fordo (ෆෝඩෝ) කියන මේ මධ්‍යස්ථානය හදලා තියෙන්නේ ශක්තිමත් කොන්ක්‍රීට් වලටත් වඩා හයිය කළුගල් කන්දක් ඇතුළෙ. ඒ නිසා මේකට ගහන ඕනෑම බෝම්බයක කම්පන ශක්තිය කළුගලෙන් උරාගන්නවා.
2002 දී විතර රහසේ පටන් ගත්ත මේ ව්‍යාපෘතිය ලෝකයම දැනගත්තේ 2009 දී Satellite ඡායාරූප වලින්. බටහිර බුද්ධි අංශ වලට කන්ද වටේට තියෙන පස් ගොඩවල් සහ වාහන යන හැටි දැක්කාම මේක ඇතුළේ මොකක්හරි ලොකු දෙයක් වෙනවා කියලා තේරුණා. 🚜🧱
මේක නිකන්ම නිකන් විද්‍යාගාරයක් නෙවෙයි. කන්ද ඇතුලට වෙන්න ට්‍රක් රථ වලට යන්න පුළුවන් ලොකු උමං මාර්ග දෙකක් තියෙනවා. කන්දට ඇතුල් වෙන තැන තියෙන්නේ ටොන් ගානක් බර යකඩ දොරවල්. ළඟපාත න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණත් මේ දොරවල් කැඩෙන්නේ නෑ.
මේක ඇතුළේ න්‍යෂ්ටික විද්‍යාගාර, මිසයිල ගබඩා, සේවකයින් දහස් ගාණකට නිදාගන්න තැන්, රෝහල්, කෑම ගබඩා, වතුර සහ විදුලි බලාගාර පවා තියෙනවා. මේක තනිකරම බෝම්බ වලින් බේරිලා මාස ගාණක් පිටස්තර ලෝකයත් එක්ක කිසිම සම්බන්ධයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් භූගත නගරයක්!
මේ ෆෝඩෝ මධ්‍යස්ථානය ඇතුළේ තියෙන ප්‍රධානම දේ තමයි සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර. මේවගෙන් කරන්නේ යුරේනියම් ගෑස් (uranium hexafluoride) අතිශය වේගයෙන් කරකවලා, බෝම්බ හදන්න ඕන කරන සැහැල්ලු U-235 අංශු වෙන් කරගන්න එක. 🌀☢️
මේ කන්ද ඇතුළේ මේ වගේ යන්ත්‍ර 3,000 කට වඩා ප්‍රධාන ශාලා දෙකක තියෙනවා. මේවා එකින් එකට 164 ගානේ සම්බන්ධ කරලා යුරේනියම් වල සාන්ද්‍රණය ටිකෙන් ටික වැඩි කරනවා. දැනටමත් ඉරානය 60% ක සාන්ද්‍රණයක් හදලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික බෝම්බයක් (90% weapons-grade) හදන්න තියෙන්නේ තව සති කිහිපයක පුංචි පියවරක් විතරයි!
මේ යන්ත්‍ර රත් වෙන එක නවත්වන්න වගේම, සේවකයින්ට හුස්ම ගන්න යෝධ වාතාශ්‍රය සහ සිසිලන පද්ධති මේ කන්ද ඇතුළෙම හදලා තියෙනවා. ඒ වගේම EMP (Electromagnetic Pulse) ප්‍රහාරයකින් වුණත් බේරෙන්න පුළුවන් විදිහට මේකේ ඉලෙක්ට්‍රොනික් පද්ධති හදලා තියෙනවා.
හැබැයි ඉරානය කළුගල් කඳු අස්සේ හැංගුවේ න්‍යෂ්ටික වැඩසටහන විතරක් නෙවෙයි. අද වෙද්දී ඉරානයේ හැම ප්‍රාන්තයකම වගේ මේ වගේ භූගත “මිසයිල නගර” තියෙනවා. 🚀🏙️
මීටර් 6-10ක් විතර උස මේ උමං මාර්ග වල දැවැන්ත බැලස්ටික් මිසයිල ලෝඩ් කරපු ට්‍රක් රථ පේළියට නවත්වලා තියෙනවා. යුද්ධයක් ආවොත් මේ ට්‍රක් එක කන්දෙන් එළියට ඇවිත් මිසයිලය විදලා, සතුරෝ ගහන්න කලින් ආයෙත් කන්ද අස්සටම ගිහින් හැංගෙනවා. අද වෙද්දී Shahed වගේ ඩ්‍රෝන යානා පවා දහස් ගණනින් ගබඩා කරලා ක්‍රියාත්මක කරන්නේ මේ කඳු අස්සේ ඉඳලා.
ඇමරිකාවට සහ ඊශ්‍රායලයට මේ කඳු අස්සට බෝම්බ දාන්න බැරි වුණාට, ඔවුන් වෙනත් ක්‍රමයක් පාවිච්චි කළා. 2009-2010 කාලේදී ලෝක ඉතිහාසයේ සාර්ථකම සයිබර් ප්‍රහාරයක් වුණ Stuxnet කියන පරිගණක වෛරසය හරහා ඔවුන් ඉරානයේ Natanz මධ්‍යස්ථානයේ තිබුණ සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර 1,000ක් විතර පිස්සුවෙන් වගේ කරකවලා කුඩුපට්ටම් කරලා දැම්මා! 💻🦠
මේක බෝම්බයකට වඩා ලොකු විනාශයක් කළා. හැබැයි මේකෙන් වුණේ ඉරානය තවත් බයවෙලා, මීටත් වඩා අතිනවීන IR-6 යන්ත්‍ර හදලා, වැඩසටහන තවත් ගැඹුරට අරන් ගියපු එක විතරයි.
මේ භූගත නගර විනාශ කරන්න ඇමරිකාව හදපු ඊළග විසඳුම තමයි GBU-57 Massive Ordnance Penetrator (MOP) කියන බෝම්බය. කිලෝග්‍රෑම් 13,000ක් බර, මීටර් 6.2ක් දිග මේ දැවැන්ත බෝම්බය ගෙනියන්න පුළුවන් ලෝකේ තියෙන එකම ප්ලේන් එක B-2 Stealth Bomber යානය විතරයි. එක බෝම්බයක් ඩොලර් මිලියන 14ක් විතර වෙනවා. 💣✈️
මේ බෝම්බයෙන් කොන්ක්‍රීට් මීටර් 60ක් විනිවිද හාරගෙන යන්න පුළුවන්. හැබැයි ෆෝඩෝ මධ්‍යස්ථානය තියෙන්නේ මීටර් 80-90ක් යට කළුගල් අස්සේ නිසා, ඇමරිකාව පාවිච්චි කරන්නේ “Drilling Tactic” කියන ක්‍රමය. ඒ කියන්නේ එකම තැනට බෝම්බ කිහිපයක් පේළියට අතහරිනවා, එක බෝම්බයක් හදපු වල ඇතුළෙන් අනිත් බෝම්බය තවත් යටට යනවා. හැබැයි කළුගල් නිසා තාමත් මේ ක්‍රමයෙන්වත් මීටර් 80ක් යටට යන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.
2025 ජුනි මාසේ සහ 2026 මාර්තු මාසේ ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතුවෙලා B-2 බෝම්බ හෙලන යානා ඇතුළු යානා 125කට වඩා යවලා ඉරානයේ Natanz, Fordo සහ Isfahan කියන මධ්‍යස්ථාන වලට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. 💥🦅
ධවල මන්දිරය ඊට පස්සේ කිව්වේ මේ ඔක්කොම බංකර ඔවුන් විනාශ කළා කියලා. හැබැයි බුද්ධි අංශ සහ Satellite ඡායාරූප වලින් පේන්නේ Natanz එකේ උඩ කොටස කුඩුපට්ටම් වෙලා තිබුණත්, ෆෝඩෝ මධ්‍යස්ථානය තියෙන කන්දට කිසිම සීරීමක්වත් වෙලා නෑ කියලා! ඇතුළට බෝම්බ දාන්න බැරි නිසා අන්තිමට ඇමරිකාව උත්සාහ කළේ කන්දට ඇතුල් වෙන දොරවල් වලට බෝම්බ දාලා කන්ද අස්සේ ඉන්න මිනිස්සුන්ව ඒක ඇතුළෙම වළලලා දාන්න.
අවසාන වශයෙන් ගත්තොත්, ඇමරිකාවට කඳු කුඩු කරන්න බෝම්බ හදන්න පුළුවන්. හැබැයි අවුරුදු 40ක් තිස්සේ ඉරාන විද්‍යාඥයින් දහස් ගාණකගේ මොළයේ තියෙන දැනුම බෝම්බ දාලා විනාශ කරන්න බෑ. 🕊️🧠
මේ හැම ප්‍රහාරයක් එක්කම ඉරානය කරන්නේ තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන තවත් මීටර් 10ක් 20ක් පොළොව යටට අරන් යන එක. බෝම්බ හදනවට වඩා උමං හාරන එක ලේසියි වගේම ලාබයි.
අදටත් ඉරානයේ කඳු මුදුන් වලට හිරු එළිය වැටෙද්දී හරිම ලස්සනයි. හැබැයි ඒ නිහඬ කඳු අස්සේ ලෝකයම විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ටික යන්ත්‍ර තාමත් වැඩ කරනවා. ඇමරිකාව කොච්චර ගැහුවත් ඉරානයට ආයෙත් අවුරුද්දකින් දෙකකින් මේවා හදාගන්න පුළුවන්. බෝම්බ වලින් විසඳන්න බැරි මේ ප්‍රශ්නය සාකච්ඡා වලින් විසඳන්න පුළුවන් වෙයිද?
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
