ලාල් කාන්තට කෙළියේ ‘කලු සුද්දා’
1 min read
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පිංකම මේ වන විට ඔහුගේ දේශපාලන ජීවිතයේ පාරා වළල්ලක් වී ඇති අතර අමාත්‍යවරයකු ලෙස ඔහු ගත කරන සුඛෝපභෝගී ජීවිතය පිළිබඳ හතර අතින් විවේචන එල්ල වෙමින් පවතී.
එම ආන්දෝලාත්මක වීඩියෝ පටය යූ ටියුබ් අවකාශයට මුදා හැරියේ ‘කලු සුද්දා’ යූ ටියුබ් චැනල් එක මඟිනි.
‘කලු සුද්දා’ ලාල්කාන්තගේ මාධ්‍ය ලේකම් රාජු විසින් මෙහෙයවනු ලබන YouTube නාලිකාවයි.
එකල මහරජුගේ ඇඟේ වසා සිටි මැස්සා එළවීමට රජුට කෙටූ පුරෝහිතයා මෙන් මෙවර ලාල් කාන්ත අමාත්‍යවරයාගේ හිස ගසා දැමුවේ මේ මාධ්‍ය ලේකම්වරයාය.
රාජු යනු ඉකුත් ජනාධිපතිවරණ සමයේ අසීමිතව කඩේ යාම නිසා ලැබුණු මාධ්‍ය ලේකම් තනතුර මුල සිටම අවභාවිත කළ පුද්ගලයෙකි.
ඔහු මෙම තනතුරට පත් වූ දා සිට කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යවරයාගේ සියලුම මාධ්‍ය ආවරණයන් සහිත වීඩියෝ පට ඔහුගේ තනි භුක්‍තියට ගෙන “කලු සුද්දා” යූ ටියුබ් නාලිකාව ඔස්සේ පමණක් බෙදාගත් අතර අනෙක් කිසිදු මාධ්‍යයක් වෙත ඒවා ලබා දුන්නේ නැත.
අනෙකුත් මාධ්‍ය ආයතන අමාත්‍යංශයේ පුවත් පළ කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත් ඔහු මාධ්‍ය වෙත ලබා දුන්නේ ප්‍රවෘත්ති සටහනක් හා ඡායාරූප කිහිපයක් පමණි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල මාධ්‍ය බවට ඔහුගේ යූ ටියුබ් නාලිකාව භාවිත කරමින් වීව්ස් සහ මුදල් ඉපැයූ ඔහු අවසානයේ ලාල්කාන්තගේ සමස්ත දේශපාලන ජීවිතයම පජාත කර දැමුවේ මහා පින්කමේ වීඩියෝවද ඔහුගේ නාලිකාවේම පමණක් පළ කරමිනි.
ඔහුගේ වීඩියෝ පටවලම ‘සියලු දර්ශන අපෙන් පමණයි’ යන්න පවා සටහන් කර තිබෙනවා.
රටක තීරණාත්මක අමාත්‍යාංශයක තොරතුරු මාධ්‍ය වෙත ලබා නොදී සිය පෞද්ගලික මාධ්‍ය අවකාශක පමණක් පළ කරමින් ඔහු එක් පැත්තකින් සිදුකරමින් සිටින්නේ බරපතල වරදකි. අනිත් පැත්තෙන් අමාත්‍ය ලාල්කාන්තගේ දේශපාලනය ඉවර කරන වැඩසටහනක්ද ඔහු විසින් කරගෙන යයි. මහා පිංකමේ වීඩියෝව එම වැඩසටහනේම කොටසක් දැයි සිතා බැලිය හැකිය.
ඇත්තවශයෙන්ම ලාල්කාන්තගේ දේශපාලනය කණපිට හැරවූ මෙම සිදුවීමට 1000% ක් වගකිව යුත්තේ රාජු නොහොත් කලු සුද්දාය.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
