April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලාල්ගේ වත්කම් එක රැයකින් ඉහළ ගිය හැටි මෙන්න!

1 min read

අමාත්‍ය ලාල් කාන්ත සතු කඩුවෙල ප්‍රදේශයේ පිහිටි තෙමහල් මන්දිරය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා යූටියුබ්කරුවකු සමග කරන ලද සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ තම වත්කම් එක රැයකින් ඉහළ ගිය බවයි. ඒ පිළිබඳ අප කළ විශේෂ විමර්ශනයක දී ඊට අදාළ සියලු තොරතුරු අනාවරණය කර ගත හැකි විය.

මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ ලාල් කාන්ත අමාත්‍යවරයකු බවට පත්වීමට පෙර එහෙත්, ඊට ආසන්න කාලයකදී ය. ගනුදෙනුව සිදුව ඇත්තේ ලාල් කාන්ත හා ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතර ය. මුදල් හුවමාරුව සිදුව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි ප්‍රකට සිංහල පුවත්පතක ප්‍රවීන පුවත්පත් කලාවේදියකුගේ නිවසේදී ය.

ජ.වි.පෙ. බලයට එන බවට ලකුණු දුටු ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මෙම පුවත්පත් කලාවේදියා මාර්ගයෙන් ලාල් කාන්ත හා හරිනි අමරසූරිය යන දෙදෙනාව පානදුරේ පිහිටි පුවත්පත් කලාවේදියාගේ නිවසේ දී මුණ ගැසී ඇත. මත්පැන් තොලගාමින් පැවැති මේ හමුවේදී ඇවන්ගාඩ් අධිපතිවරයා තම ව්‍යාපාරය ගැන එල්ල කර තිබෙන චෝදනාවන් හි වැරැද්ද මේ දෙදෙනාට පැහැදිලි කර දී තිබේ. දක්ෂ කරුණු පැහැදිලිකරන්නෙකු වන නිශ්ශංක සේනාධිපතිට මේ දෙදෙනා තුළ තමන් නිවැරදිය යන මතය ඇති කිරීමට පහසුවෙන් හැකි වී ඇත.

එම හමුවෙන් පසු නිශ්ශංක සේනාධිපති හා ලාල් කාන්ත යන දෙදෙනා කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි සේනාධිපතිගේ සුපිරි නිවාසයක දී මුණ ගැසී තිබේ. සේනාධිපතිට අවශ්‍යව තිබී ඇත්තේ කවර අයුරින් හෝ ලාල් කාන්තව දිනාගෙන, ජ.වි.පෙ. බලය ගතහොත් තම ව්‍යාපාරවලට එල්ලවන අනතුර ලාල් මගින් තුරන් කර ගැනීම ය.

ජනප්‍රිය පුවත්  විදුලිය කප්පාදුවක්!

දිර්ගව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලාල් සහ සේනාධිපති අතර ඇති වී ඇත්තේ අපූරු එකඟතාවකි. ලාල් කාන්තට නිවසක් හා ඉඩමක් අනුරාධපුරයේ පවතින බැවින්, එහි සාමාන්‍ය වටිනාකමට වඩා අධික වැඩි වටිනාකමක් ලබාදී නිශ්ශංක සේනාධිපති විසින් එම දේපළ ලබාගැනීම ය. අප කළ සමීප විමර්ශනයේදී අනාවරණය වූයේ රුපියල් ලක්ෂ 200ක් පමණ උපරිම වටිනාකම ඇති එම දේපළ සේනාධිපති විසින් ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 800කට ය. රුපියල් ලක්ෂ 600ක්ම ලබා දී ඇත්තේ අතිරේකව ය. එසේ දීමෙන් ඇවන්ගාඩ් අධිපතිවරයා බලාපොරොත්තු වී ඇත්තේ ආරක්ෂාව ය.

මෙම මුදල් ගනුදෙනුව සිදුව ඇත්තේ ද පානදුරේ පදිංචි ඉහත සඳහන් ප්‍රවීන පුවත්පත් කලාවේදියාගේ නිවසේදී ය. සියලු මුදල් ගණන්කර බෑගයට දමාගත් ලාල් එදින පිටත්ව ගොස් ඇත්තේ, නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් තමන් ඕනෑම සහයෝගයක් ලබාදෙන බවට සහතික වෙමින් ය.

එහෙත්, ජ.වි.පෙ. බලයට පැමිණීමෙන් පසු, සේනාධිපති අපේක්ෂා කළ මට්ටමේ සහයෝගයක් ලාල් කාන්ත වෙතින් ලැබී නැත. ඒ හේතුව මත සේනාධිපති ජනාධිපති අනුර කුමාර සමග විශ්වාසය ගොඩනගාගෙන ඇත්තේ ආන්දෝලනාත්මක කාන්තාවක් වූ ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාභූෂන මගිනි. ඇයට ද මූල්‍ය සහයෝගයක් ලබා දීමෙන් අනතුරුව, ඇය මගින් සේනාධිපතිගේ උවමනාවට ජනාධිපතිවරයා එකඟකර ගැනීමට හැකි වී තිබේ.

ජනප්‍රිය පුවත්  ගැහැනු පිරිමි කරන, පිරිමි ගැහැනු කරන අලුත්ම මෙහෙයුම !

එයින් නොනැවතී, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්නගේ පුතාව ද ඇවන්ගාඩ් අධිපතිවරයා අධික වැටුපක් ලබා දී තම ආයතනයේ සේවයට බඳවාගෙන ඇත. එමගින් ඔහුගේ පූර්ණ සහයෝගය ද ලබා ගැනීමට සේනාධිපති සමත් වී තිබේ.

මේ හා බැඳුණු තවත් රසවත් තොරතුරු රැසක් අප සතුව තිබේ. අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරියේදී පළකිරීමට අප සූදානම් ය.

රුපියල් ලක්ෂ 200 වටිනා දේපළ, රුපියල් ලක්ෂ 800කට මිල දී ගෙන රුපියල් ලක්ෂ 600ක පගාවකින් එක රැයින් ලාල්ව පොහොසත් කළේ වෙනින් කවුරුත් නොව ඇවන්ගාඩ් ය. වල් පැල ගලවා මල්පැල සිටුවාලීමේ ඇතුළත කතා බර ගානක මෙය එක ගඳ ගහන කතාවක් පමණක් බව ඔබ වටහා ගත යුතුය.

ලාල් කියන්නේ මෙහෙමයි

නිවස හැදුවේ කොහොමද?

මෙම නිවස ඉදිකර ඇත්තේ පර්චස් 7ක සහ 6ක බිම් කොටස් දෙකකයි. ඒ සඳහා මුදල් සොයාගෙන තිබෙන්නේ මාතලේ හන්දිය ප්‍රදේශයේ තිබූ පවුලේ පැරණි දේපළ විකුණා දැමීමෙන් බව ඔහු පවසනවා.

පියානෝව සහ ගෘහ භාණ්ඩ

සමාජ මාධ්‍යයේ ලොකු අවධානයක් ගත්ත පියානෝව අලුතින් ගත්ත එකක් නෙවෙයි. එය අවුරුදු 15ක් විතර පැරණි, තම දියණිය කුඩා කාලයේ සිට සංගීතය ඉගෙන ගැනීමට පාවිච්චි කළ එකක්. එමෙන්ම නවීන නිවසක සෝෆා එකක් වැනි දෙයක් තිබීම පුදුම විය යුතු දෙයක් නොවන බවත්, එවැනි දේ ප්‍රශ්න කිරීම සමාජයේ පවතින කුහකකමක් බවත් ඔහු පෙන්වා දෙනවා.

ජනප්‍රිය පුවත්  ධම්මිකගෙන් හාල් මෝලක්!

සමාජ ප්‍රාග්ධනය සහ මුදල්

වසර 40ක දේශපාලන ජීවිතය තුළ තමා උපයාගත් ලොකුම වත්කම සමාජ ප්‍රාග්ධනය බවත්, අවශ්‍යතාවයක් වුවහොත් තමා හඳුනන හිතවතුන් 100 දෙනෙකුගෙන් ලක්ෂ 5 බැගින් වුවද සොයා ගැනීමට තමාට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පවසනවා. රජයේ බදු මුදල් හෝ පක්ෂයේ අරමුදල් මේ සඳහා කිසිසේත්ම යොදාගෙන නැති බව ඔහු සහතික කරනවා.

සමාජවාදය කියන්නේ දුප්පත්කම බෙදාගැනීමද?

සමාජවාදියෙකු වූ පමණින් හැමදාම දුෂ්කර ජීවිතයක් ගත කළ යුතු බව තමා විශ්වාස කරන්නේ නැති බව ඔහු පවසනවා. අතීතයේ තිබූ සන්නද්ධ අරගල කාලයට වඩා වර්තමානය වෙනස් බවත්, දැන් අමාත්‍යවරයෙකු ලෙස තනතුරට ගැළපෙන ඇඳුම් සහ ජීවන රටාව පවත්වා ගත යුතු බවත් ඔහුගේ අදහසයි.

සමාජවාදය යනු සැමට හොඳින් ජීවත් වීමට මග සැලසීම මිස දුප්පත්කම බෙදා ගැනීම නොවන බවයි ලාල් කාන්ත මහතා අවධාරණය කරන්නේ.

රවිඳු ඩයින් ගෝමස්

සබැදි පුවත් සියල්ල පහතින්

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x