July 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට

1 min read

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (17) අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඔවුන් තිදෙනා මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තාගේ බිරිඳගෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පසුගියදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

හරක් කටා නැමැත්තා රැඳවුම් භාරයේ සිටියදී සහන සැලසීමට මෙම අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු වී ඇති අතර මීට අදාළව සැකකරුවන් මින් පෙර රිමාන්ඩ් භාරයට ද පත් කෙරිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x