මෝදි ඉතිහාසගත වෙයි.. ජනපති අනුර සුබ පතයි..
1 min read
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව එම ධුරය වැඩම කලක් හෙබවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාස වාර්තාවක් තබා තිබේ.
අද (10) වන විට ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දින 4,399ක් සම්පූර්ණ කර ඇත.
මේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද සුබ පැතුම් එක්කර තිබේ.
අනුර කුමාර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යොමුකරමින් මෙලෙස සුබ පැතුම් එක්කර ඇත.
එම ලිපියේ සඳහන් කර ඇත්තේ මෙම සන්ධිස්ථානය මෝදිගේ දීර්ඝ සේවා කාලය පමණක් නොව ලොව විශාලතම ප්රජාතන්ත්රවාදයේ ජනතාව ඔහුගේ නායකත්වය කෙරෙහි තැබූ විශ්වාසයද පිළිබිඹු කරන බවයි.
