July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිලියන දෙකහමාරේ වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ… ජනාධිපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ…! – නි. ඇමති සුනිල් වටගල….

1 min read

ඩොලර් මිලියන දෙකහමාරක් අස්ථානගත වීම හුදෙක් මහ බැංකුවේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසා මතු වූ සිද්ධියක් බව නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.

“මේ ක්‍රියාවත් දේශපාලන අධිකාරියේ ඇති වෙච්චි කතාවක් නෙවෙයි. විදුහල්පතිවරයා පාසලක් පාලනය කරගෙන යනකොට පන්ති කාමරයේ ඇති වන සිද්ධියකට සෘජුව අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධ වෙනවා යැයි කියනවා වැනි උදාහරණයක් මේ. මෙය හුදෙක් තාක්ෂණික පරිපාලන කාරණා මත මහ බැංකුවේ ඇති වූ සිද්ධියක්.

මේ සිදුවීම දැනගත් වහාම ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙමින් උපදෙස් දීලා විමර්ශන ක්‍රියාවලියක් යනවා. ජනාධිපති අනුර දිසානායක ඇවිත් මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ. ලේකම්වරයාගේ මැදිහත්වීමක් ඇති. දැනට පෙනී යන්නේ මේක නිලධාරීන්ගේ අතින් සිදු වූ තාක්ෂණික ගැටලුවක් බව.

මුදල් ලේකම්වරයා දෙස් විදෙස් ආයතනවල සේවය කළ අත්දැකීම් සහිත අපිත් සමග දේශපාලනය කළ කෙනෙක්. අපට ඔහුගේ දැනුම ගැන අවබෝධයක් තියෙනවා. ජනාධිපතිවරයා විශ්වාස කළා ඔහු මේ වගකීම කරයි කියලා. ඩොලර් මිලියන දෙකහමාර අහිමි වූණේ ලේකම්වරයාගේ අසමත්භාවය නිසා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් මම ඒක බැහැර කරනවා. ඇමරිකාවට යවන ලද මුදලකුත් අතුරුදන්. දැන් ඒ ගැනත් විමර්ශන යනවා. නමුත් මේ කිසිවක් දේශපාලනමය වශයෙන් සිදු වූ අතපසුවීමක ප්‍රතිළුලයක් නෙමෙයි. අපි මෙහෙම කියන්නේ අත පිහදාගන්න නෙමෙයි.”

ජනප්‍රිය පුවත්  ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ කසළ ගැටලුව ගැන කතා කරයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x