June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා මන්ත්‍රීවරියගේ සැමියාට ගම්මුන්ගෙන් ප්‍රහාරයක්!

1 min read

පැවති ආපදාව හේතුවෙන් පුත්තලම බල ප්‍රදේශය තුළ කැඩී ගිය මාර්ග ප්‍රතිසංස්කිරීමට යැයි පවසා මාලිමාවේ මන්ත්‍රිවරුන් දෙදෙනකු බොරලු වලකින් බොරලු කැපීම සිදුකර ප්‍රවාහනය කිරීමට සූදානම් කර ඇති අතර, එහිදී තම්මන්නෑගම ගම්මානයේ ජනතාව එම මාර්ගය හරහා බොරලූ ප්‍රවාහනය කිරීමට විරුද්ධව ටිපර් රථ නවතා විරෝධතාවයක් දැක්වීය.


පසුව එම ස්ථානයට පැමිණි මාලිමාවේ මන්ත්‍රීවරුන් හා ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනුණු අතර ජනතාව ඉල්ලා සිටියේ වෙනත් මාර්ග සෑදීම සඳහා බොරලු ඇදීම දැනටමත් අබලන්ව ඇති මෙම මාර්ගය හරහා සිදු නොකරන ලෙසටයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර බොරලු ඇදීම සිදුකරන ලෙසටය.
අනතුරුව එම ස්ථානයට පැමිණ ප්‍රදේශයේ මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියකු යැයි පවසන අයකු ජනතාව කුපිත වන ආකාරයට කාන්තාවකට පරුෂ වශයෙන් බැණ වැදීම හේතුවෙන් එම කාන්තාව සහ මාලිමා මන්ත්‍රීවරියගේ සැමියා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය. එහිදී කාන්තාව විසින් එම පුද්ගලයාට ප්‍රහාරයක් එල්ල කරන ලද අතර, එම ප්‍රහාරය හමුවේ ඔහු පැමිණී යතුරුපැදිය ද දමා පලාගොස් ඇත.


එම ස්ථානයේ සිටි පිරිසට සහ ප්‍රදේශවාසීන්ට තත්ත්වය සමනය කිරීමට දැඩි උත්සාහයක් දැරීමට සිදුවිය .

ජනප්‍රිය පුවත්  ඇමති එක්ක ආරක්ෂක රථ යන්නේ ආරක්ෂාවට - නි.ඇමති සුනිල් වටගල

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x