July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොහොර නැති හෙටක් ! කන්න දෙයක් නැති රටක් !

1 min read

මේ වන විට දරුණු පොහොර හිඟයකට මෙරට කෘෂි නිෂ්පාදකයන් මුහුණ දෙමින් සිටින බව අප කළ විශේෂ ගවේෂණයක දී අණාවරණය වී තිබේ.

තත්ත්වය තවත් භයානක වන්නේ, දැනටමත් දිවයිනේ උතුරු පලාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම එල්නිනෝ නැමැති වියලි සහ උෂ්ණ කාලගුණ තත්ත්වයට ද ගොදුරුව තිබීම හේතුකොටගෙන ය.

පවතින තොග සීමිත බැවින්, රජය විසින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යූරියා පොහොර නිකුත් කිරීම වී වගාවට පමණක් සීමාකර සලාක ක්‍රමයකට බෙදාහරිනු ලැබ තිබේ. තේ, රබර් සහ පොල් වැනි අපනයන වැවිලි බෝග සඳහා යූරියා නිකුත්කිරීම නවතා තිබීම විසින් ඉදිරියේ දී ඒ හරහා ලැබෙන රටේ අපනයන ආදායමද පහල වැටෙනු ඇත.

පොහොර හිඟය සහ මිල අධිකවීම මත 2026 වසරේ යල සහ ඉදිරි මහ කන්නවල කෘෂි අස්වැන්න ද සැලකියයුතු ලෙස අඩුවනු ඇතැයි පැවසේ.

මේ වනවිට වර්ධනය වන එල්නිනෝ නියඟය ඉදිරියේ දී තවදුරටත් ව්‍යාප්ත වුවහොත්, කෘෂි නිෂ්පාදනය ඒ හේතුව මත ද බිඳවැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග වර්ධනය වන ගැටුම්කාරී තත්ත්වය හා හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසාදැමීම මත ලෝක වෙළඳපොලේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් එකක මිල ඩොලර් 450 සිට ඩොලර් 800 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එය ඉදිරියේ දී තවත් ඉහලයනු ඇතැයි වෙළඳපොල ආරංචිමාර්ග පවසයි. මෙරට රුපියල අප්‍රමාණය වීම මත, ගෝලීය මිල ඉහලයාම දේශීයව බලපාන්නේ විශාල අගයකිනි.

ජනප්‍රිය පුවත්  රනිල්ව රිමාන්ඩ් කළ නිලුපුලීටත් ''හයිකෝට්" වරම්! ජ්‍යෙෂ්ඨයන් කැපේ! විනිසුරන් තැතිගනී!

රුසියාව, ඉරානය වැනි විකල්ප රාජ්‍ය වලින් පොහොර මිල දී ගැනීමට ක්‍රියා නොකලහොත් දරුණු ආහාර අර්බුදයකට වසර අවසානය වන විට මෙරට ගොදුරු වනු ඇත.

  • රසික දේවප්‍රිය
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x