පුටුව මත සිටියදීම වෙඩි ප්‍රහාරයකට ලක් වූ වැලිගම ප්‍රා.ස. සභාපති ජීවිතක්ෂයට
1 min read
අද (22) උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.
පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.
ප්‍රාදේශීය වාර්තාකරු – මාතර
Underground





punarudaya dore galanawa
අපි දෙන්නම්කෝ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන්
මෙහෙම මිනී මරණ කාලයක් කොටි ඉන්න කාලෙවත් තිබ්බෙ නැහැ