July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්සත් ජනපද – ඉරාන මුල් වටයේ සාකච්ඡා හමාරයි

1 min read

එක්සත් ජනපද ඉහළ පෙළ රාජ්‍ය නියෝජිත හමුවේ පළමු වටය අද (22), ස්විට්සර්ලන්තයෙදී අවසන් විය.

ටෙහ්රානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමුණු සහ ඉරානයට නැවත ප්‍රහාර එල්ල කරන බවට එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළ පසුබිමක නියෝජිත දෙපිරිස අතර එම සාකච්ඡා පැවැත්විණි.

මැදහත් රාජ්‍ය ලෙස කටයුතු කරන කටාරය සහ පාකිස්ථානය ද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළහ. අවසන් විසඳුමක් පිණිස දින 60ක් තුළ ඉදිරි ගමන්මග සැලසුම් කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වූ බව, එහි දැක්වේ. සතියේ ඉදිරි දින කිහිපය තුළ තාක්ෂණික සාකච්ඡා අඛණ්ඩව පැවැත්වේ. ස්විට්සර්ලන්තයේ පිහිටි කටාර් ව්‍යාපාරයකට අයත් බ්යර්ජෙන්ෂ්ටොක් නිකේතනයේ එම සාකච්ඡා පැවැත්වේ.

ලෙබනනයේ සටන් නතරකිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව ද එහිදී අවධාරණයට ලක්විය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නිදහස් නෞකා ගමනාගමනයට සාර්ථක සන්නිවේදන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ සැලසුම් ද ඊට ඇතුළත් වේ.

එක්සත් ජනපද උප ජනපති, ජේ ඩී වෑන්ස් සහ ඉරාන නිලධාරීන් අතර ඊයේ (21) සාකච්ඡා ඇරඹියේ ඉකුත් සතියේ එළැඹි අවබෝධතා ගිවිසුමකට අනුවය. අප්‍රේල් මස සිට ක්‍රියාත්මක ‘වහා බිඳෙන සුළු’ සටන් විරාමය අවම වශයෙන් තවත් දින 60කට හෝ දීර්ඝ කර ගැනීම එම ගිවිසුමේ එක් අපේක්ෂාවකි. ඊයේ ඇරඹි සාකච්ඡා අද අළුයම තෙක් පැවති බව වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  උතුරේ පුරාවිද්‍යා නාම පුවරු ගලවයි…කුණු ලොරිවල පටවා රැගෙන යයි!

සාකච්ඡා හිදී ඉරානය ඉන්දන සහ පෙට්‍රෝ රසායන අපනයන සම්බාධක ඉවත් කර ගැනීමට සමත් වූ බව, එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි සමාජ මාධ්‍ය සටහනක සඳහන් කළේය. එහිදී, ඉරානය සතු ඇතැම් තහනම් වත්කම් මුදා ගැනීමට සහ යුද්ධයෙන් වූ හානි පූර්ණයට ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන වැඩසටනක් ලබා ගැනීමට ද හැකි වී යැයි, ඔහු එහි සඳහන් කළේය.

ඊයේ සාකච්ඡා ආරම්භ කිරීමට මොහොතකට මත්තෙන් ඉරාන ඉලධාරීන් අමතා, විශේෂ නිවේදනයක් නිකුත් කළ ජනපති ට්‍රම්ප්, හෝර්මුස් සන්ධිය වසා දැමුවහොත්, ඉරානය මිහිපිටින් තුරන් කරන බවට තර්ජනය කළ බව, ෆොක්ස් ප්‍රවෘත්ති වාර්තා කළේය. එසේ වුවහොත්, එක්සත් ජනපදය එම සමුද්‍ර සන්ධිය අත්පත් කර ගාස්තු අය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන බව ද ඔහු විසින් පවසා තිබේ.

එම තර්ජන ජනගතවීමත් සමග, ඉරාන ඉයෝජිත පිරිස ස්විට්සර්ලන්ත සාකච්ඡා නිකේතනයේ එම කුටියට පිවිසීම ප්‍රතික්ෂේප කළ බව, ඉරාන අර්ධ රාජ්‍ය තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය. අනතුරුව, කටාර සහ පාකිස්ථාන මැදහත් පාර්ශ්ව අතරමැදි ව දෙපාර්ශ්වය අතර අදාල සන්නිවේදන පැවැත්වීමට පියවර ගැනිණි.

ජනප්‍රිය පුවත්  ධර්ම දේශනාව අවලංගුයි! බුදු පිළිමයත් අතුරුදන්! "සාදු" කියන්න පින්වතුනි!

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීම පිණිස අවබෝධතා ගිවිසුම් ප්‍රකාර අනෙකුත් කොන්දේසි සාක්ෂාත් කළ යුතු බව, ඉරාන පාර්ශ්වයේ මතය වේ. ලෙබනන යුද්ධය නතර කිරීමට එක්සත් ජනපදය අසමත් වීම පිළිබඳව ද ඉරානය දැඩි කනස්සල්ලෙන් පසුවේ.

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x